( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සිය සමාගම ආනයනය කල සුදු ළූණු කන්ටේනර් වංචනිකව අලෙවි කිරීමට එරෙහිව එන්රිච් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකාර සතොස ආයතනය වෙනුවෙන් තමා පෙනී නොසිටින බව නීතිපතිවරයා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණට දැනුම් දුන්නේය.
එසේම එම පෙත්සමේ වගඋත්තරකාර ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥ නියෝජනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බලමින් සිටින බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණයට දන්වා සිටියේය.
මේ හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ වගඋත්තරකාර ස.තො.ස ආයතනයේ ලිපි ගොනු ද නැවත එම ආයතනය වෙත යැවීමට පියවර ගෙන ඇතැයිද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාසඳහන් කළේය.
මෙම පෙත්සම ගාමිණී අමරසේකර, ඒ,එච්,එම්,ඩී නවාස් සහ අචල වෙන්ගපුලි යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරයා මෙම දැනුම් දීම කරන ලදි.
සුදු ළූණු වංචාව සම්බන්ධ නඩුවට පාදක වූ සුදු ලූනු අලෙවියෙන් උපයා ගත් , දැනට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තැන්පත් කර ඇති රුපියල් ලක්ෂ හැත්තෑ හතරකට අධික මුදල මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් වන තෙක් ආපසු ලබා ගැනීමට කිසිදු පියවරක් නොගන්නා බව එම සුදු ලූනු තොග සතොස ආයතනයෙන් මිලට ගත් සමාගම හා එහි හිමිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දුවක් ලබා දුන්නේය.
තම සමාගම ආනයනය කළ සුදු ලූනු කන්ටේනර් 19ක් අයුතු සහගත ලෙස වරායෙන් බැහැර කිරීමෙන් තම සමාගමට සිදු වූ අලාභය හා වන්දි අයකර දෙනමෙන් ඉල්ලා මෙම මූලික පෙත්සම් ගොනු කර ඇත.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සතොස ආයතනය , ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජනවාරි 19 කැදවීමට ද නියම කෙරිණ.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සතොස වෙනුවෙන් නීතිපති නෑ