IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


‘‘සාධාරණය වෙනුවෙන් ජම්පරය ඇඳීමටද සුදානම්‘‘

(ආරියරත්න රණබාහු,සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)

නීතිය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ජම්පරය ඇඳීමට සිදුවුවහොත් එය ඇඳීමට සුදානම් යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවැසීය.

තමාගේ මුළු ජීවිත කාලය තුළදී කුඨ ලේඛන සාදා නොමැති බව පැවැසූ  කතානායකවරයා එවැනි චෝදනාවක් තිබේ නම් ඒ ඕනෑම පරීක්ෂණයකට සූදානම් බවද කීය.

කතානායක ධූරයට සුදුසු නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තමා ඉවත් කරන ලෙසද ඉල්ලා සිටි කතානායකවරයා එය පිළිගැනීමට සූදානම් බවද කීය.

තමාගේ අනුරූ පඹයන් ලෙස සකසා පුලුස්සා දැමීම් පසුගිය දිනවල සිදුවී ඇති බව පැවැසූ කතානායකවරයා තමා ගමේ උපන් අයෙකු බැවින් වස් දොස් යෑමට පඹයන් පිළිස්සීම ගැන සතුටු වන බවද පැවැසීය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා උදය ගම්මන්පිල  මහතා මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් උපුටා දක්වමින් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කතානායකවරයා එම අදහස් පළ කළේය.

ඡායාරූපය - ළහිරු හර්ෂණ



අදහස් (20)

‘‘සාධාරණය වෙනුවෙන් ජම්පරය ඇඳීමටද සුදානම්‘‘

Bamunuarachchi Tuesday, 27 November 2018 03:17 PM

රටේ අර්බුදකාරී වෙලාවක මහජන ඡන්දෙකට යනවට වඩා සාධාරණයක් කොහෙවත් තිබෙනවාද? අපි කියන්නේ නැහැ මහින්දට අගමැතිකම දෙන්න කියලා මහජන ඡන්දෙකට යන්න. එතකොට බලාගන්න පුළුවන් ජනතාව කැමති කාටද කියලා. දැන් ඔබ කරන්නේ බලවත් අසාධාරණයක්...

:       0       0

ගල්කටස් Tuesday, 27 November 2018 03:17 PM

තම තමන්ගේ දේශපාලනබලය වෙනුවෙන් නම් ජම්පර් අඳින්න එයාලා ලෑස්තියි. එ්ත් රටේ මිනිසුන් බහුතරයකට කන්න, අඳින්න නැහැ. මධ්‍යම පාන්තිකයින් වන අපත් බොහොම අමාරුවෙන් දැන් මූලික අවශ්‍යතා සපුරා ගන්⁣නේ.. එ් වෙනුවෙන් ඔය කවුරුවත් වැඩ කරන්නෙත් නැහැ. බලය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය කියන ලස්සන වචන පාවිච්චි කරමින් ඒ අයගේ සුඛ විහරණය වෙනුවෙන් නම් කෑ ගහනවා. අපිට ඕනෑ ඔය ⁣⁣කෙහෙල්මල් නෙමෙයි,⁣ ගන්න අාදයමට ජීවත් වෙන්න පුලුවන් රටක්, කීයක් හරි හොයාගන්න පුලුවන් රටක්, උඹලා එකතු වෙලා කාපල්ලා ප්‍රජාතන්ත්‍රවාදයයි, සාධාරණයයි....

:       0       0

Bamunuarachchi Tuesday, 27 November 2018 03:18 PM

ජම්පරයක් නොවෙයි අමුඩයක් ගැස්විය යුතුයි..

:       0       0

ජීවන් කොඩිතුවක්කු Tuesday, 27 November 2018 03:39 PM

ඉටු කොට කළ යුතු යුතුකම් - ලැබුවත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් - නුඹයි මගේ පුතා උතුම්!

:       0       0

chandana Tuesday, 27 November 2018 04:58 PM

මොහු නිවැරදි බව පොහොට්ටුවේ අයත් දන්නවා. එ්ත් තමන්ගේ අරමුණ වෙනුවෙන් සුදුකලු කරනවා. ඒ.ජා.ප අය දාලා නොයන්නෙත් නඩුවෙන් දිනන්න පුළුවන් බව දන්නා නිසායි.

:       0       0

Nishantha Tuesday, 27 November 2018 05:33 PM

සාධාරණය වෙනුවෙන් නම් ජම්පරය අදින්නේ නීතියේ වැරද්දක් තිබෙන්න ඕනේ සාධාරන මිනිසෙකුට මොන නිතියෙන්ද දඩුම් දෙන්න පුළුවන් ?

:       0       0

මහකන්දේ විජිතසිරි හිමි Tuesday, 27 November 2018 05:46 PM

වැරදි කරන කොට විපාක විදින්න වන බව තේරුම් ගැනීම හොදයි.

:       0       0

anura Tuesday, 27 November 2018 07:13 PM

පුද්ගලයෙකු සිරගත කරන්නේ අධිකරණයෙන් සිදුකරන සාධාරණ විභාගයකින් පසුවයි. සාධාරණය වෙනුවෙන් සිරගත වීමටත් සූදානම් කියන කථාවේ තේරුම මොකක්ද? සමහරවිට ඔබතුමා විසින් කළ සමහර දේවල් වැරදි බව ඔබතුමාට දැන් වැටහිලා වෙන්න ඇති.

:       0       0

vvidya Tuesday, 27 November 2018 09:15 PM

ඔබතුමා අතීතයේ සිටපු සොල්දාදුවෙක්. පක්ෂ භේදයකින් තොරව කලින් වැඩ කරන නිර්භය මිනිසෙක්. පාර්ලිමේන්තුවේ උත්තරී තර භාවය කෙලෙසන අය ඉදිරිපිට ජීවිතය පරදුවට තබා කරන උත්තරීතර කටයුත්තට ශ්‍රී ලංකික අපගේ ප්‍රණාමය .

:       0       0

dias Wednesday, 28 November 2018 01:04 AM

ගරු කරු ජයසූරිය මතිදුනි ඔබ තුමාට දීර්ඝාෂ පතමි.!

:       249       168

Isuru Wednesday, 28 November 2018 01:21 AM

ඔහොම තමයි හොරා කවද්ද හොරකම් කරනවා කියන්නේ.?

:       87       185

ගල්කටස් Wednesday, 28 November 2018 01:34 AM

තමන්ගෙ දේශපාලන බලය රැකගැනීමට ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණ යන වචන ලස්සනට පාවිච්චි කරනවා ඒත් රටෙ ඉන්න තුන්වෙිල කන්න වෙර දරණ මිනිසුන් වෙනුවෙන් ඔය වචන වත් එහි අර්ථයවත් වැඩක් නැහැ. මිනිසුන්ට ඔනා මුලික අවශ්‍යතා සපුර ගන්න පුලුවන් අාකාරයකින් අාදයම් ලබන විදිහක් මිස බලට පොරකන තමුන්නැහැලාගෙ ඔය වචන නොවේ. ලොකෙටම විහිලු සපයන ඔය පාර්ලිමේන්තුව තුල ඉන්න ගොබිබ රැන නිසා අපෙ ලමයි එක්ක වත් එකට ඉදන් ප්‍රවෘත්තිවත් බලන්න බැරි කාලයක් මෙි. අපිට ප්‍රජාතන්ත්‍රවාදය කන්නද ...?

:       9       526

suran Wednesday, 28 November 2018 02:30 AM

එම වාක්‍ය තුල අධිකරණය අභියෝගයට ලක්කරලා තියෙනවා. ජම්පරය ඇදීමට සිදුවන්නේ අධිකරණය මගින් වරදකරු ලෙස තීන්දුවක් ලබාදුනොත්ය. එනම් මෙතුමා කියන සාධාරණත්වය සහ තීන්දුව ලබා දෙන නීතීය අතර ලොකු පරස් පරයක් තිබිය යුතුය. මෙතුමා කියන සාධාරණත්වය නීතීයට අනුකුලනම් මෙතුමාට මෙවැනි දෑ කීම අවශ්‍ය නොවේ.

:       273       413

Ranga Wednesday, 28 November 2018 02:38 AM

ජම්පරය අඳින්න වෙන්නෙ "හැන්සාඩ් වාර්තාව වංචා සහගතව වෙනස් කිරීම" කියන හේතුව නිසා කියලා තමයි නඩු දැම්මෙ... එහෙම වෙලා නම් ඒක යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් කරා කියලා කොහොමද පෙන්වන්නෙ...? මට තේරෙන්නෙ නැති නිසා අහන්නෙ...

:       90       259

Bamunuarachchi Wednesday, 28 November 2018 05:44 AM

ජම්පරය කොහොම වෙතත් දඬුකඳේ ගහන්න වටිනවා. ආණ්ඩුව විසිරෙව්වොත් ජනතාව එය කරාවී.

:       690       809

gunarathna Wednesday, 28 November 2018 06:02 AM

සදාරණය වෙන්නේ කොහොමද මහත්තයෝ ජම්පරේ අඳින්නේ. සාධාරණයට හිරේ යන්නේ කොහොමද කියලා අපිටත් කියලා දෙන්ටකෝ.

:       0       139

Darshana Wednesday, 28 November 2018 10:23 AM

සාධාරණව වැඩ කලානම් ජම්පර් අදින්න සිද්ධ වෙන්නේ ඇයි.?

:       0       48

Wedihitiya Wednesday, 28 November 2018 10:55 AM

පක්ෂ පාට නොතකා රට ගැන හිතන මිනිස්සු ඔබගැන සතුටු වෙනවා.

:       0       0

හුසේන්-ගාල්ල Wednesday, 28 November 2018 11:32 AM

ඔය ගම්මන්පිල මීට කළිනුත් තුට්ටු දෙකේ කතා, කී සැරයක් නම් කිව්වද? උසාවි තීන්දුව ආවහමයි මහින්දට තරු පේන්නේ... විමලෙ, දිනේෂ්, වාසු, ගම්මන්පිල යන අයගේ කීම් අහලා බහුතරයක් ආණ්ඩුවක් ඇයිදෝ ගත්තේ කියලා...

:       3       8

Bandula. Thursday, 29 November 2018 05:23 AM

ජම්පරේ බැරිනම් ඕන එකක් ඇඳගෙන ඔයාල 225 ම යනවනම් එක මේ රටට කරන ලොකු යහපතක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

මහ පුවරුව

බන්ධනාගාර හිටපු නිලධාරියකු වෙඩි තබා මරලා
2025 මාර්තු මස 13 2624 9

බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.


කෝපාවට ආ ’’ආර්.එම්.වී’’ ලොක්කන් ගෙදර යවයි
2025 මාර්තු මස 13 3796 5

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි



වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අධිකරණයට ගෙනූ
2025 මාර්තු මස 12 2691 4

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප


දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 5592 29

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


දේශබන්දු දුටු තැන අල්ලනු
2025 මාර්තු මස 11 3294 10

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 457 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site