IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘සන්ධානය හදා අපේක්ෂකයා තෝරා ගත යුතුයි’

(විනීතා එම් ගමගේ)
 
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයා තෝරාගෙන සන්ධානය හැදීම නොව සන්ධානය හදා එහි සාකච්ඡා කර අපේක්ෂකයා තෝරා ගැනීම සිදු කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගියට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඒ එජාපයේ ජය ප‍්‍රාර්ථනා කරන අයෙක් යැයි ද ගම්මන්පිල මහතා කීය. 

ජනාධිපතිවරණයක දී ජය ගත හැකි එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතිකවාදී හා වාමවාදී කඳවුරු දෙකෙහිම මතය බවත් කලින් ජාතිකවාදී කණ්ඩායම එම මතයේ හිඳිද්දී වාමවාදී කණ්ඩායම් එය ප‍්‍රතික්ෂේප කළ බවත් හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් පුළුල් සන්ධානයක දී මේ කරුණ පිළිබඳව සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතුයැයි ද අවශ්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයකට ඉදිරිපත් කර බලා හිඳීමට නොව ඔහු ජයග‍්‍රහණය කර ජනාධිපති පුටුවේ අසුන් ගැන්වීම යැයි ද ගම්මන්පිල මහතා කියා සිටියේය. 

ජනාධිපතිවරණයක දී වැදගත් වන්නේ පක්ෂය හෝ ලකුණ නොව පුද්ගලයා බවත් අවශ්‍ය වන්නේ සියයට පණහ ඉක්මවා ඡන්ද ලබා ගැනීම බවත් කී මන්ත‍්‍රීවරයා ඒ සඳහා එජාපයට එරෙහිව හැදිය හැකි පුළුල්ම සන්ධානය හැදිය යුතු යැයි ද පැවසීය. 

මේ අතර සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කර ඇති ප‍්‍රකාශයක් ගැන අදහස් දැක්වූ ගම්මන්පිල මහතා ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කර ඇතැයි අගමැතිවරයා යාපනයේ දී පිළිගත් බවට සුමන්තිරන් මහතා කර ඇති ප‍්‍රකාශය අගමැතිවරයා විසින් පිළිගන්නේ දැයි විමසා සිටියේය. 

අගමැතිවරයා එවැනි ප‍්‍රකාශයක් කලේ නම් ඔහු ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි නොවිය යුතු යැයි ද එවැනි ප‍්‍රකාශයක් කිරීමට ඇති සාක්ෂි ඉදිරිපත් කළ යුතු යැයි ද ගම්මන්පිල මහතා පැවැසිය.

පළාත් සභාව උතුරු නැගෙනහිර ජනතාවට නැතුවම බැරි නම් පළාත් සභා ජනතාවගේ ප‍්‍රශ්න විසඳනවා නම් දැන් උතුරු සහ නැගෙනහිර පළාත් වල පළාත් සභා ඉල්ලා ජනතාව පාරට බැස උද්ඝෝෂණ කළ යුතු යැයි පැවසූ මන්ත‍්‍රීවරයා ඔවුන්ගෙන්  උද්ඝෝෂණයක් තබා හින් කෙඳිරිල්ලක්වත් නැතැයි ද පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ දී අද (18) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 
 
එම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ මහජන නියෝජිත ලේකම් උපුල් කෝණාර මහතා සහ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත‍්‍රිනී ධර්මා කෝට්ටේගොඩ මහත්මිය ද මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.



අදහස් (7)

‘සන්ධානය හදා අපේක්ෂකයා තෝරා ගත යුතුයි’

sara Monday, 18 February 2019 10:59 AM

කාටවත් කියකියා ඉන්නේ ඉල්ලන්නකෝ...!!! කතාව ඉවරයිනේ එතකොට... හැබැයි ඉතින් 100 ගානේ දෙන්න නම් බැරියෝ..

:       33       174

smn Monday, 18 February 2019 11:11 AM

වටේ ඉන්න මේ කාලකණ්ණින් ඉන්නකම් කවුරු අපේක්ෂකයා වුණත් ඔය සංධානේ නම් ගොඩඑනවා බොරු...

:       26       271

Hafeel Monday, 18 February 2019 11:38 AM

මෙයා කියනවා වගේ පළාත් සභාව නම් උතුරු නැගෙනහිරට පමණක් නොවේ. මුළු රටටම වැඩක් නැහැ. දැනට දකුණ සහ උෟව හැර අනිකුත් සියලු පළාත් සභාවල් අහෝසිවෙලා තියන්නේ. රටට හෝ ජනතාවට මොකද්ද වෙච්ච පාඩුව?

:       0       216

Hafeel Monday, 18 February 2019 11:42 AM

මෙයා කියනවා වගේ ජනාධිපතිවරණයේදී පක්ෂ හෝ ලකුණු වැදගත් නොවේ නං, ගෝඨාභයට ස්වාධීන තරග කරන්න පුළුවන්නේ...

:       42       146

Sapumal. Monday, 18 February 2019 01:25 PM

මේ පළාත් සභා, ප්‍රාදේශීය සභා තියන්න දඟලන්නේ රටට නොව තමන්ට තියෙන ආදරයටයි. ජනතාවට වැලේ වැල් නැති වුනත්, කේවට්ටයන් තම පැවැත්මටම තමයි මේ දඟලන්නේ. ඇත්තටම මේ රට කන, රටේ මුදල් කන ඔය සභානැතිව මේ පුංචි රටේ මහා ආණ්ඩුවක් පමණක් තියෙනවා නම් මොන තරම් මහජන මුදල් සම්භාරයක් ඉතිරි වෙනවද? ආණ්ඩුව ඇතුලේ තවත් ආණ්ඩු දෙකයි. සියඹලාණ්ඩුව විතරයි අඩු... හික්මීමක් විනයක් නැති මේවායේ සිටින සමහර හාල්පාරුවන්ගෙන් රටට වනුයේ අවැඩකි..

:       37       214

sirimal Monday, 18 February 2019 03:10 PM

දැන්වත් මේ වගේ මිනිස්සු කියන විහිලු කතා තේරුම් ගෙන කටයුතු කලොත් හොඳයි.

:       47       205

Saththaya Tuesday, 19 February 2019 02:27 AM

මෙතුමා ඉල්ලුවොත් නම් උඩිම්ම දිනයි ෂුවර්. රටටම ඉන්නේ පිවිතුරු එක්කෙනයි .

:       0       387

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 618 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1738 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site