IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි ආඥාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා  දිවයින පුරා  කැඳවීමට ජනාධිපතිවරයා  විසින්  විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ  ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා  මෙම ආඥාව නිකුත් කර ඇත්තේ  40 වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක  පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  සභාවේ කටයුතු   ආරම්භයේදී ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පිළිබඳව දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (22) පෙරවරු 10.00 ට රැස්විය.



අදහස් (27)

සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි ආඥාවක්

ජයන්ත මිලානො Friday, 22 October 2021 11:15 AM

ජීනිවා මානව හිමිකම් වලට හොඳ නිවුස් එකක්... ජනපීඩනය නතර කරන්න ලෝකයේ හැම ඒකාධිපති නායකයෙකුම ගන්නා නුවණක්කාර තීරණයක්...

:       5       29

කපිල දන්තනාරායන Friday, 22 October 2021 11:23 AM

වෙන රටවලත් මෙහෙම රටපුරා නිතරම සන්නද්ධ හමුදා කැඳවනවාද? දන්න විදිහට ලෝකයේ ඇතැම් රටවල් දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක වරක්වත් එහෙම කරලා නැහැ...

:       5       29

RaneFriday, 22 October 2021 11:47 AM

තිබුනම මොනාද වෙන්නෙ අප්පා... මේ වෙන දේවල් වල හැටියට...

:       19       5

Nuwan Friday, 22 October 2021 11:29 AM

බුර බුරා නැගෙන ආණ්ඩු විරෝධය මැඩලන්න මිනිස්සුන්ගේ ජීවිත කීයක් අනුරාධපුරයේ ඥාණක්කා ඉල්ලුවද දන්නේ නැහැ..!

:       3       34

BamunuarachchiTuesday, 26 October 2021 09:07 AM

බුර බුරා නැගෙන ජනතා විරොදයක් නම් දැක්කේ නැහැ. නැට්ට ගිනිතියා ගත්ත හනුමා වගේ රටවටේ ගිනිතියාගෙන බුර බුරා දුවන ජෙප්පෝ ටිකක් නම් දැක්ක. උන් ගැනද ඔය කියන්නේ?

:       0       0

Shan Friday, 22 October 2021 12:03 PM

මේ මනුස්සයාගේ මොලේ පරීක්ෂා කරන්න වෙනවා.

:       4       32

සුවාරිස්Friday, 22 October 2021 01:39 PM

එයා දන්නේ එපමණක් නම් වෙන මොනවද කරන්නේ? එහෙම වුණාට අපේ මානව හිමිකම් වලට මොකද වෙන්නේ?

:       2       12

Lionel Friday, 22 October 2021 12:13 PM

මේ වෙලාවේ ඇඳිරි නීතියත් ගේන්න.

:       1       18

de silva Friday, 22 October 2021 12:17 PM

මේ පුද්ගලයා මේ තරම් දුර්වලද? ජීවත්වෙන්නේ විශාල බියක් හිතේ තියාගෙන...

:       3       23

Don Friday, 22 October 2021 12:18 PM

උතුරු කොරියාවෙයි, ලංකාවේ වර්තමාන පාලනයෙයි එකම වෙනස වුණොත් වෙන්නේ නමට හරි ඡන්දයක් තිබ්බොත් විතරයි...

:       3       22

Banda Friday, 22 October 2021 12:26 PM

වෙන මොකුත් නැද්ද කරන්න...?

:       1       16

Chris Friday, 22 October 2021 12:49 PM

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට මෙවන් ක්‍රියා පිළිවෙත් ගැළපෙන්නේ නැත. පාකිස්තානය, බුරුමය, ඇතැම් අප්‍රිකානු රටවල් යම් ඉරණමකට මුහුණදී සිටින්නේ වැරැදි ආදර්ශ නිසාය. ඒ කාරණාද අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

:       4       15

ගමේ එකාලා Friday, 22 October 2021 01:20 PM

ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලනේ බලයට ආවේ. රටේ සිද්ද වෙන දේවල් වලට පවුල් පාලන ආණ්ඩුව බය නැතුව ඇති...

:       3       12

Nihal Dharmatileke Friday, 22 October 2021 01:25 PM

දුර්වල නායකයෝ පාලනය කරන්නේ හමුදා පිහිටෙන්... මතක තියාගන්න... සෝවියට් දේශයේ කුමන්ත්‍රණය අසාර්ථක වුණැයි හමුදාව ජනතාව පැත්ත ගත්ත නිසා...

:       3       12

wahaldeepe Friday, 22 October 2021 01:28 PM

ගම් මට්ටමේ බරපතල වහල් සුළුතරයකගේ ආරක්ෂාව උදෙසා ගත්ත මෝඩ තීරණයක්... ත්‍රිවිද හමුදාවෙත් ඉන්නවා නිවහල් සාමාජිකයෝ... බයවෙන්න එපා..

:       3       10

ලමය Friday, 22 October 2021 01:30 PM

මිනිහා දන්නේ ඔය වැඩෙයි, ගැසට් ගහන එකයි විතරයි...

:       3       13

ජගත් ලියනගේ Friday, 22 October 2021 01:44 PM

මිනිස්සුන්ගේ අවදානය වෙන අතකට යොමු කරන්න කරන කපටි සූත්තර වැඩ ඕවා...

:       3       12

sam Friday, 22 October 2021 02:17 PM

ලංකාවේ යුද්ධයක්ද? ඒකත් කාගේ හරි නමකට බැර කරයිද දන්නේ නැහැ... වැඩ බැරි ටාසන්...

:       3       11

ලංකා Friday, 22 October 2021 02:29 PM

මෙයා දන්නේ ඔච්චරයි.

:       3       9

Rakitha Friday, 22 October 2021 03:19 PM

හොඳ වැඩක්... උද්ඝෝෂණ දැක්කාම ආයෙත් කොරෝනා රැල්ලක් ඇති වෙයි කියලා බයයි. විපක්ෂයට ආණ්ඩු පෙරළන්න ඕනෑ වුණාට සාමාන්‍ය මිනිස්සුන්ට ඕනේ කොරෝනා නැතිව ඉන්න. ඔය උද්ඝෝෂකයින් දඟලන්නේ ආපහු රැල්ලක් ඇති කරලා දේශපාලන වාසි ගන්න...

:       9       2

සිසිල් සුදේශ්Friday, 22 October 2021 07:03 PM

තාම වහල්කම නොගිය කෙනෙක් වගේ... අහන්නත් දුකයි.

:       0       3

ED Nalinda Friday, 22 October 2021 03:43 PM

හොඳයි ...

:       1       0

aruna Friday, 22 October 2021 05:18 PM

දැන් දෙයියෝ කෝපවෙලා...

:       0       0

BamunuarachchiSaturday, 23 October 2021 07:50 AM

තාම හිට්ලර් කෝප වුනේ නැහැ. කාලකන්නින්ට වතුර බාල්දියක්වත් ගැසුවේ නැහැ. පොලිසියේ ජල ප්‍රහාරක වාහන දිරාපත් වෙනවා.

:       0       1

Lalith M Friday, 22 October 2021 05:41 PM

කාදිනල් තුමාගේ ප්‍රකාශයට දෙන පිළිතුර. මේ පෙන්නන්න හදන්නේ ඒ ප්‍රකාශය ඇත්තටම මොකක් කියලද........

:       0       0

Bamunuarachchi Friday, 22 October 2021 07:29 PM

නියමයි..! ත්‍රස්තයින්, ජෙප්පන් බයවුණාට සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් නැහැ...

:       5       2

Thushara Saturday, 23 October 2021 08:38 PM

නමුත් ඇයි? මෙතන ගහගන්න යන්නේ චීනයද ඉන්දියාවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 862 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 210 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1534 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 1976 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1889 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 259 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site