IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


“සීනි කිලෝවක් රුපියල් 98කට ලබාදිය හැකියි’’

(නිමල කොඩිතුවක්කු)

ලෝක වෙළෙඳ පොළේ පවතින මිල ගණන් අනුව සීනි කිලෝවක් රුපියල් අනූ දෙකකට මිලදී ගෙන රුපියල් අනූ 98 ක මුදලකට පාරිභෝගික ජනතාවට ලබාදීමේ හැකියාව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී අද (30) පැවසීය.

රුපියල් 92 කට මිලදී ගත හැකි සීනි කිලෝවක් රුපියල් 220කට අලෙවි කිරීමට ඉඩ දීම පිලිබද වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් රණවක මහතා සඳහන් කළේය.

එසේ ඉල්ලා අස් නොවී තවදුරටත් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින්නේ නම් එම ජාවාරම්කරුවන්ගෙන් අමාත්‍යවරයාට කොමිස් මුදල් ලැබෙන බවට සැක කිරීමට සිදුවන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

සීනි කිලෝවකින් රුපියල් සියයකට අධික ලාභයක් ලබමින් ජාවාරම්කරුවන් රුපියල් බිලියන හැත්තෑවක් පමණ වසරකට උපයමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුවේ වැරදි මූල්‍ය ආර්ථික සැලසුම් හේතුවෙන් ඔක්තෝබර් මාසය වන විට රට තුළ දැඩි සාගතයක් ඇති වී ඉතා අසීරු තත්ත්වයකට රට පත්වීමේ අවදානමක් පවතින බවත් රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (19)

“සීනි කිලෝවක් රුපියල් 98කට ලබාදිය හැකියි’’

සිරිමාන්න Monday, 30 August 2021 01:29 PM

හැම තිස්සෙම කිව්වේ ,,"බෑ, බෑ ඕක හරියන්නේ නෑ කියලා."

:       6       6

චන්දිම Monday, 30 August 2021 01:37 PM

තමන් ඇමතිකම් දරපු කාල වල ඔය වගේ දේවල් කළාද? නැත්නම් පුළුවන් තරම් මිනිස්සුන්ගෙන් හුරලා ගත්තාද කියලා හිතලා බලන්න...

:       29       25

jimpo Monday, 30 August 2021 01:38 PM

අපේ රටේ උගත් කියන අය රටේ ප්‍රශ්න දිහා බලන විදිය හරි අවුල් රට අගාධයක් තියෙන්නේ

:       3       10

සමන්ත Monday, 30 August 2021 01:44 PM

මොන බොරුද? සීනි කිලෝවක් රුපියල් 48ට දෙන්න පුලුවන්. මෙතුමාත් රුපියල් 50ක් තියාගෙන නිසා රුපියල් 98ට දෙන්න පුලුවන් කියලා කියනවා.

:       15       10

මාම Monday, 30 August 2021 01:55 PM

ඊයෙ කීල්ස් වල රු 192/

:       1       13

Hiran Monday, 30 August 2021 02:06 PM

මෙයාගේ කාලේ කිලෝව 20 ට දුන්නා.

:       10       11

සිරිබිරිස්Monday, 30 August 2021 04:36 PM

කොයි රටේද හිරාන් පාඨලීගේ කාලයක් තිබුණේ..? හැම එකටම දේශපාලනය... ඔය පක්ෂ කණ්ණාඩිය ගලවලා මොළය කළඹලා බලපන්කෝ... එතකොට ඇත්ත පෙනේවි...!!!

:       1       7

SUNIL MILANO Monday, 30 August 2021 02:16 PM

සීනි කිරන්නේ නැතිව ඉන්නවද? තමුන්නැහේලා නටපු නාඩගම් අපි දැක්කනේ...

:       19       15

fairoos Monday, 30 August 2021 02:29 PM

කවුරු මොනවා කිව්වත් වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.

:       9       21

Senarath Monday, 30 August 2021 02:30 PM

කවුද සිනි කර්මාන්තශාලාව හිටපු ඇමතියකුට තුට්ටු දෙකට වික්කේ.?

:       4       15

manthiru lokka Monday, 30 August 2021 03:17 PM

කොමිස් මුදල් ලැබෙන කන් සීනි ගොඩබාන්නේ නැතිලු... එකක් ගිනිගත්තෙත් ඕක නිසා... කොහොම වුණත් බදුමුදල අඩුකළ ගමන් ගොඩබාවි...!!! 

:       2       6

Another 10% Monday, 30 August 2021 03:41 PM

ලංකාවේ හැමදාම හොඳටම කලේ විපක්ෂය... බැරිද විපක්ෂයේ ඉන්න ගමන් මුදල් ඇමතිකම බාරගන්න...?

:       1       11

RaveendraTuesday, 31 August 2021 07:42 AM

මෙහි සඳහන් අදහස් වලින් ඉතාමත්ම සර්ව සාධාරණ අදහසක් ඔබ විසින් ඉදිරිපත් කිරීම පිළිබඳව අපගේ සතුට.. ඇත්තෙන්ම "මෙතෙක් කල් විපක්ෂයේ පට්ටියට ලගින්න ගියේ මොන හරකුන්ද..? ඒ හරකුන්ගේ" කුර වල සිට වලිගය දක්වාම ආර්ථික මෙන්ම එකී මෙකී නොකී සියලුම විෂයන් පිළිබඳව ඥාණයින්ගෙන් පරිපූර්ණය.. බලය තිබෙන පට්ටියේ ඉන්නේ තකතීරු මෝඩයින්ය.

:       0       0

Sriland Monday, 30 August 2021 04:18 PM

අපි කාට කියන්නද? ආණ්ඩුවේ ඉන්නකොට තමන් කරන දේ පේන්නේ නෑ. ආණ්ඩුවෙන් එළියට ආවාම වැරැදි පේනවා. කොයි ආණ්ඩුවද වෙළෙඳ ප්‍රතිපත්තියක් හැදුවේ? ජනතාව ගැන හිතලා? උදාහරණයක් හැටියට වාහනයකට 400%ක් ටැක්ස් ගහනවා. කවුද මේවා නිවැරැදි කළේ...?

:       1       7

Chintha Altmeyer Monday, 30 August 2021 07:54 PM

දොඩවන්නෙ නැතිව කරන්න. සීනි කිලෝ එක රුපියල් 98 ට ජනතාවට ලබා දෙන්න.

:       0       0

Chintha Altmeyer Monday, 30 August 2021 07:56 PM

කියවන්නේ නැතිව කරන්න. සීනි කිලෝ එක රුපියල් 98 ට ජනතාවට ලබා දෙන්න පුළුවන් නම් ඇයි කරන්නෙ නැත්තෙ..

:       0       0

Chintha Altmeyer Monday, 30 August 2021 07:58 PM

ඇත්ත ලියන කොට ඒවා අල්ලන්නෙ නැහැ.

:       0       1

BamunuarachchiMonday, 30 August 2021 08:55 PM

අහන්නකො ඇයි ඒගොල්ලෝ ඉන්න කාලේ එහෙම නොදුන්නේ කියලා

:       2       0

Bamunuarachchi Monday, 30 August 2021 08:20 PM

ඔය මොනවද අධ්‍යාපනය, සෞඛ්‍ය වලට අයකරලා සමුර්ධි ආධාර නැවැත්තුවොත් සීනි කිලෝවක් රුපියල් 90 දෙන්න පුළුවන්. ලබන වසරේ ඡන්ද ගුන්ඩුවලට ඕක කියන්නකෝ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 181 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 636 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 179 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 741 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 247 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site