IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සීනි ගැටලුව අධිකරණයට

(මනෝප්‍රිය ගුණසේකර )

ආනයනික සීනි සඳහා බදු අඩු කිරීමෙන් රජයට රුපියල් කෝටි 1590ක මුදලක් අහිමි වීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා මුලික අයිතිවාසිකම් පෙත්සමක්   ඉදිරිපත් කළේය.

මෙම වංචාව නිසා ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ  මෙම පෙත්සමක් ඉදිරිපත් කෙළ්ය.

මෙම සිද්ධියට සම්බන්ධ වැරදිකරුවනට එරෙහිව නීතියානු කූලව පියවර ගන්නැයි ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එම පෙත්සමෙන් ඉල්ලයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන්  මෙම පැමිණිල්ල ගොනු කලේය.


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ආනයනික සීනි සඳහා බදු අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9ක විශාල මුදලක් අහිමි කිරීම සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ  ශ්‍රේෂ්ඨාධිකරණයට  අද පැමිණිල්ලක් ගොනු කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන්  මෙම පැමිණිල්ල ගොනු කලේය.




අදහස් (14)

සීනි ගැටලුව අධිකරණයට

sharm warn Friday, 12 March 2021 05:50 AM

මේ රටේ ඉන්න අයට වංචාව ගැන තේරෙන්නේ නැහැ.. සුනිල් සහෝදරයා. මේ අය දන්නෑ බැඳුම්කරේ, බැඳුම්කරේ කිය කියා බෙරිහන් දෙන්න විතරයි. මුලින්ම බැඳුම්කරෙන් හොරකම් කළේ කවුද කියලා ඇහුවොත් ඒක දන්නෙත් නැහැ. උම්බෑ කියන්න විතරයි ඉගැන්නුවේ.

:       73       135

sachith Friday, 12 March 2021 05:56 AM

පැමිණිල්ල වැරැදිකාරයා වෙලා නවතින නඩුවක්..

:       45       101

sharm warn Friday, 12 March 2021 06:22 AM

නීතිපති මහත්තයා දැන්ම තියා උත්තරේ දහාගෙන ඇති. හරියට ගොනුකර නැත. ‘‘නඩුව ඉවරයි.. කවුරුවත් දඟගෙයි යන්නේ නැත.‘‘ සභාතුමෝ සතුටින් විසිර යති. අපි කිරිබත් කමු.

:       20       110

Bishan Friday, 12 March 2021 06:43 AM

මිනිස්සු වෙනුවෙන් කරන අරගලයට අකුල් හෙලන්නෙත් බමුණෝ වගේ 69 ලක්ෂයේ කල්ලියයි.

:       10       44

kamal Friday, 12 March 2021 06:52 AM

මේකටත් රංජාව තව සැරයක් හිරේ දායි..

:       8       35

nimal Friday, 12 March 2021 08:21 AM

ජනතාවගේ බදුමුදල්, රටේ ආර්ථිකය සූරාගෙන කන දේශපාලන ගුණ්ඩු...!!!

:       2       54

පිටිගල මිලානෝ Friday, 12 March 2021 08:25 AM

සීනිසේන අල්ලපියෝ...!

:       2       29

සීනිනැන්දා Friday, 12 March 2021 09:30 AM

සුනාමි අරමුදල් වංචාවක් ගැන කතාකරපු අවස්ථාවක "හිරේට යන්න ඕනෑ අයෙක් මම බේරාගත්තා. මට සමාවෙන්න මට සමාවෙන්න මට සමාවෙන්න" කියපු මිනිස්සු ඉන්න රටක්නේ මේක... ඉතින් මේවගේ දේවල් ගැන මොන කතාද? මොන නඩුද? මේවා කාලේ කන වැඩ...

:       2       21

de silva Friday, 12 March 2021 11:01 AM

සීනි නෙවෙයි.. අතේ තියෙන බත්පිඟාන හොරකම් කළත් ඡන්දෙ කිට්ටුවෙලා අධිරාජ්‍යවාදී බිල්ලෙක්. ජිනීවා විදුලි පුටුවක් හෝ විග්නේෂ්වරම් නාඩගමක් පෙන්වූ ගමන් මෝඩ මිනිස්සු රාජපක්ෂලාට ඡන්දෙ දෙනවා. සුනිල් සහෝදරයා... මේ මිනිස්සු හදන්න බැහැ.

:       2       18

liemal Friday, 12 March 2021 12:02 PM

ලබන සැරේ දෙනවා බැටේ... ස්ථිරයි.

:       2       11

පිටරැටියා Friday, 12 March 2021 01:31 PM

දූෂිත පාලකයින් රජ කරන රටේ යුක්තිය නීතිය, සාධාරණය ගැන කවර කතාද?

:       2       13

pradeepa Friday, 12 March 2021 02:57 PM

ඕකට සාධාරණයක් වෙයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා සුනිල්.. දන්නවානේ. කොහොම වුණත් මේ වැඩේට සිවිල් පුරවැසියන්ගේ ආචාරය.

:       2       7

Galapara Saturday, 13 March 2021 03:05 AM

හොර දේශපාලකයෝ ඉන්න රටකට මොකටද? නඩු අහලා අපිට හුළං තමයි. අනේද කියන්නේ? හෙනම තමයි පත්තු වෙන්න ඕනේ.

:       0       2

sumudu Saturday, 13 March 2021 04:36 AM

මූඛ වාඩමවත් හරියට දාගන්න බැරි එකා මොන බයිලාද මේ කරන්නේ...?

:       1       2

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1737 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


පුපුරන ද්‍රව්‍ය සමග දෙකක් දඹුල්ලෙන් අල්ලයි
2024 සැප්තැම්බර් මස 07 1717 2

යම් අපරාධයක් කිරීමට පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.


සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 06 6956 2

අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර හ


වතු බංගලාවේ බලෙන් සිටි රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් දොට්ට
2024 සැප්තැම්බර් මස 05 6079 4

අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුය


රාජ්‍ය අමාත්‍යවරු හතරක් ඉවතට
2024 සැප්තැම්බර් මස 05 5465 4

රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.


ගෑස්-තෙල් බොරු පෝලිම් හදන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 05 4169 4

මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site