IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සේනා මර්දනයට මුදල් වෙන්කරන්නැයි අගමැතිගෙන් නියෝගයක්

(නාලක සංජීව දහනායක)
 
සේනා දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් වෙන්කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශයට නියෝග කර ඇත.
 
මෙම දළඹුවා මර්ධනය කිරීම සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව සතිපතා තමන්ට ලිඛිතව දැනුම්දෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා  කෘෂිකර්ම අමාත්‍ය පීහැරිසන් මහතාට දැනුම් දී තිබේ.
 
සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා  මේ වනවිට රසායනික ද්‍රව්‍ය පහක් හඳුන්වා දී තිබෙන බව කී අමාත්‍යවරයා ඒවා ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන ලෙසට භාවිත කළ යුතුයැයිද කීය.

 



අදහස් (12)

සේනා මර්දනයට මුදල් වෙන්කරන්නැයි අගමැතිගෙන් නියෝගයක්

Raveendra Friday, 25 January 2019 08:50 AM

අතීසාර යාළුවා අර... "අර්ජුන" ගෙන් ඉල්ලගමුකෝ අපෙන් හොරා කාපු සල්ලි මිනිහා ගාවත් තියෙනවනේ මෙයාගේ කොටසට අමතරව...

:       550       184

බද්රානි Friday, 25 January 2019 09:06 AM

මේ මෑත කාලය තුළ "සමනලයින්" ගැන මුළු රටපුරාම විශාල රාවයක් පැතිරුනා. ජනතාවක් ලෙස "සමනලුන්" පිළිබඳ අපි සතුටු සිතින් කතා කළා. ඉතින් ඒ ධාර්මික සිතුවිලි වල ප්‍රතිඵලයක් ලෙස දැනට, සමනල පැටියා වන, "සේනා" නමැති සුවිශේෂ වූ දළඹුවන් සමුහය අප රට වෙත පැමිණ සිටිනවා. මෙයින් උද්දාමයට පත් නොවී, සතුටු සිතින් යුතුව, "සමනලයින්" පිළිබද තව වැඩිපුර කතා කරන්න. සත්ව හිංසනය පිටුදකින අප, සමනලයින්ට පමණක් නොවේ, දළඹුවන්ටත් ආදරෙයි. එවිට අප රට අනාගතයේදී සමනලයින්ගෙන් පිරුණු රජ දහනක් බවට පත්වෙනවා සිකුරුයි..!!!

:       2       70

Amila Friday, 25 January 2019 09:07 AM

සේනා සේනා ගාන්න එපා... අරයා හිතයි එයා මර්දනය කරන්න හදනවා කියලා..! ගිය සැරේ මෙයා නෝනට බනින එක අහන් ඉඳලා අරයා හිතලා තියෙන්නේ එයාට කිව්වා කියලා. ඒකනේ එක සැරේකත් තරහ වුනේ..

:       0       16

Kantaka Friday, 25 January 2019 09:51 AM

දැන්ද කොහේදෝ මේ ගැන දැනගෙන තියෙන්නේ!. සේනා මර්ධනය කරලා ඉවරයි මැතිතුමනි...

:       130       22

td Friday, 25 January 2019 11:57 AM

සේනා දළඹුවා මගින් සිදුව ඇති හානිය ඉරිඟුවලින් පමණක් නොනවති. අනෙක් එළවලු වර්ගවලට පැතිරයන නිසාත් ගොවියන් රජයෙන් අනුමත නොකරනලද " home made "ඔවුන්ගේම මිශ්‍රණ වස යොදා දළඹුවා මැරීමට උත්සාහ කරමින් සිටින නිසාත් යම් හෙයකින් අනුමත නොකරන ලද වස ශරීරගත වී කවුරුන් හෝ මැරුන හොත් ගොවියන් වස බීවා හෝ කෑවා කියමින් රජයට දෝෂාරෝපණය කිරීමට විපක්ෂය බලා සිටින නිසාත් රජය විසින් කළයුත්තේ සියලු වැළඳී ඇති බෝග සියල්ල... වර්ග විනාශ කර දැමීමට උපදෙස් දීමයි. ඉන්පසු හානිවූ වගාවන්ට වන්දි ලබාදී දළඹුවාගෙන් හානි නොවන වගාවන් සඳහා වසරක් පමණ ගොවියන් යොමුකර නැවත වෙනත් රටවල මෙන් දළඹුවාගෙන් හානි නොවන ඉරිඟු වර්ගයන් ලංකාවේ ගොවීන්ට හඳුන්වා දීමට කටයුතු කළයුතුය. මේ අවස්ථාවේ රජය ගොවි සංවිධාන සියල්ලේම සහයෝගය රජයට ලබාගැනීමට කටයුතු කළ යුතුය.

:       0       24

Nuwan Friday, 25 January 2019 01:12 PM

අශ්වයා ගිය පසු ඉස්තාලේ වැසීමද? නැත්නම් ලෝකෙට පෙන්වලා, බහුජාතික සමාගමක රසායන කන්ස්ට්‍රක්ට් එකක් අලුතින් ගන්නද හදන්නේ?

:       16       0

Sampath Friday, 25 January 2019 01:16 PM

අපේ රටේ තිබුණු අග්‍රගන්‍ය කෘෂි කර්මාන්තය විනාශ කලේ බහුජාතික සමාගම්.. ඒවාට දේශපාලකයින් ඍජුවම වග කියන්න ඕනෑ. ලංකාවේ ස්වභාවික ද්‍රව්‍යවලින් හදපු කෘමිනාශක තිබියදී මිනිස්සු ලෙඩ කරවලා බෙහෙත් පිටරටින් ගෙන්වන්න. කන බොන දේ පිට රටින් ගෙන්වන්න කරන මහා සැලසුම් දේශපාලකයෝ දනුවත් වෙන එක මහජනතාව දැනගෙන ඉවරයි. අපේ කරුමෙටම රට ගැන කැක්කුමක් තියෙන නායකයෙක් නැහැ...

:       0       4

Sudarshani Friday, 25 January 2019 01:58 PM

ඔය සල්ලි වෙන් කරන්න කියන්නේ ⁣සිරිසේනා මර්දනයට මිස දලඹුවා මර්දනයට නොවෙයි.

:       15       44

කරුණාපාල Friday, 25 January 2019 05:21 PM

ඇත්තෙන්ම සුදර්ශනී, ඔය සේනා දළඹුවා හානි කලේ අපේ කෘෂිකර්මාන්තය පමණයි. එ්ත් ඔය සිරිසේනා මුළු රටටම විශාල හානියක් සිදු කළා. අනික මේ සිරිසේනා දළඹුවා, ගෑවුණු, ගෑවුන තැන වන වෙනවා.

:       0       39

BamunuarachchiSaturday, 26 January 2019 12:24 AM

වගකියන්න ඕනේ එජාපක්ෂිකයන්. ඔවුන් තමයි 2014 මේ නස්පැත්තිය රටට කළේ. මොවුන් රටට කළ විනාශය සේනා දළඹුවා කළේ නැත.

:       0       0

රාජුන් Friday, 25 January 2019 09:34 PM

දැන්ද මුදල් වෙන් කරන්නෙ? කොහෙද මෙච්චර කල් හිටියෙ. අශ්වයා ගියාට පසු ඉස්තාලය වහනවා වගේ

:       0       0

Bamunuarachchi Saturday, 26 January 2019 12:19 AM

මොලේ හොඳටම මන්ඤ්ඤං වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 59 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 142 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 131 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ල නගරය ආශ්‍රිත වැසියන්ට මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 329 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 185 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 235 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site