IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආයෙත් වසා දැමීමේ අවදානමක්

(ඩයනා උදයංගනී)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවලබන ජනවාරි 3 වැනිදා සිට යළිත් වසාදැමීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

මුදලට බොර තෙල් ලබාගැනීමේ හැකියාවක් නැතත් ණයට බොරතෙල් ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බව කී ඇමතිවරයා ශ්‍රී ලංකාවේ භාවිතා කරන ඉන්ධන වර්ගය ලබාගැනීමට දින 90කට පෙර ඉල්ලුම් කළ යුතු බවත්, විකල්ප තෙල් වර්ග ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බවත් කීවේය.

එසේ ලබාගැනීමට නොහැකි වුවහොත් ජනවාරි 3 වැනිදා සිට 23 වැනිදා දක්වා දින 20 ක කාලයක් පිරිපහදුව වසාදමන්නට සිදුවනු ඇතැයි සඳහන් කළේය.
එමෙන්ම කෙසේ වෙතත් ජනවාරි 23 සිට අඛණ්ඩ බොර තෙල් ලැබීමක් සහතික වී තිබෙන නිසා ඉන්ධන හිඟයක් පිළිබඳ මෙතෙක් අවදානමක් නැතැයි ද ඇමතිවරයා කීවේය.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ඉන්ධන ආනයනය සඳහා මාසිකව ඩොලර් කෝටි 36 ක් පමණ අවශ්‍ය බව කී ගම්මන්පිල මහතා ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් සොයාගැනීමේ අභියෝගය මේ වන විට උච්ඡ ස්ථානයට පැමිණ ඇතැයි ද පැවසීය.

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය හා ස්වාධීන විදුලි නිෂ්පාදන සමාගම් විසින් අපට රුපියල් බිලියන 96ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 65ක් පමණ තෙල් සංස්ථාවට ගෙවීමට ඇතැයි කී ඇමතිවරයා ඩොලර් සොයාදෙන ලෙස එම සමාගම් දෙකටම දැනුම් දී තිබෙන බව ද කීවේය.

ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමතිවරයා කීය.

ඉන්ධන මිල වැඩිකරන ලෙස මහබැංකුව මුදල් ඇමතිවරයාට දැනුම්දීමක් කර ඇතැයි ද කී ඇමතිවරයා පෙට්ට්‍රල් රුපියල් 35කින්, ඩීසල් 24කින් සහ භූමිතෙල් 11කින් වැඩි කර ඉල්ලුම පාලනය නොකළොත් බරපතල විදේශ විනිමය අර්බුදයකට රට තල්ලු වන බව ඔවුන් දැනුම් දී ඇතැයි ද සඳහන් කළේය.



අදහස් (7)

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආයෙත් වසා දැමීමේ අවදානමක්

Prabha Monday, 20 December 2021 08:54 PM

ආණ්ඩුවට ඕනේ තරම් සල්ලි තියෙනවා කියන බූරුවන්ගෙන් ඉල්ලගන්න බලන්න.

:       0       0

Soma dubayi Tuesday, 21 December 2021 12:54 AM

රටේ ආර්ථික තත්වය සුබ අතට හැරෙමින් තියෙන ලකුණු පේනවා. ලබන මාසෙ වෙනකොට ජනතාවගේ අතමිට සරුවෙයි.

:       0       0

Lalith M Tuesday, 21 December 2021 06:42 AM

මිල ඉහළ දමා ඉල්ලුම පාලනය කිරීම. වැදි යුගයට රට ආපසු ඇදගෙන යාම... මේ විදියට රට පාලනය කිරීමට රජයක් නොවේ මැර කල්ලියක් ඇති... ලොරි ටෝක් දීලා බොරුව, ජාතිවාදය පතුරවලා පොහොට්ටුව බලය අල්ලාගෙන තියෙන්නේ කිසිම විකල්ප සැලසුමක් නැතිව. බැරි බව පිළිගෙන සර්ව පාක්ෂික නියෝජිත ආණ්ඩුවක් පිහිටුවීම එකම විසඳුමයි. ජනපති අගමැති කාටත් තේරෙන කිසිම දෙයක් නැති බව සාමාන්‍ය ජනතාව තේරුම්ගෙන හමාරයි. රජය කඩාවැටීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි..

:       0       0

Hafeel Tuesday, 21 December 2021 06:47 AM

මේ මොනවද මෙයාගේ පිස්සු මෝඩ කතා? තෙල්මිල වැඩි නොකළොත් බරපතල විදේශ විනිමය අර්බුදයකට රට තල්ලු වන බව මෙයා කියන්නේ? ඒ කියන්නේ තෙල් මිල වැඩි කළා නම්, මේ රටේ පාර්භෝගිකයන් ඩොලර්වලින්ද ගෙවන්නේ? ඇත්තටම මෙයා, මෙයාට දරාගන්න බැරි වගකීමක් කරේ දාගෙන ඉන්නේ? මෙයාගේ කයිවාරු විතරයි. මෙයාට මේ අමාත්‍ය ධුරය කරන්න බැරිබව දැන් ඔප්පුවෙලා ඉවරයි. නමුත් දාලා යන්නෙත් නැහැ...

:       0       0

Bunny Preena Tuesday, 21 December 2021 09:32 AM

කාට කාට හරි, දෙස් දෙවොල් තියකිය හරි අපි යතාර්ථයට මුහුණ දෙමු.

:       0       0

mp Tuesday, 21 December 2021 10:42 AM

නොදකින් උඹලා.

:       0       0

Sunil Tuesday, 21 December 2021 11:32 AM

මොනවා දොඩවනවාද? රට දැනටමත් ඉතිහාසයේ බරපතලම මුදල් අර්බුදයකට මුහුණ දී හමාරයි. රටත් හමාරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 115 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 201 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 126 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 644 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 330 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 330 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 221 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 514 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 248 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site