(සූරියවැව දිලීප් ජයසේකර)
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ චිත්‍ර විෂය පැවති දින විභාග ශාලාධිපතිවරයා විසින් තමන්ට අවශ්‍ය පහසුකම් සැපයූවේ නැතැයි කියමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානයක සිසුන් සිසුන් 16 දෙනෙක් විභාග කොමසාරිස් වරයාට ලිඛිත පැමිණිල්ලක් කර ඇත.
මෙම පැමිණිල්ල කර ඇත්තේ හම්බන්තොට සුචී ජාතික පාසලේ පැවති විභාග මධස්ථානයේ දී ඉකුත් 9 වැන දින චිත්‍ර විෂය සදහා පෙනීසිටි සිසුන් පිරිසකි.
චිත්‍ර විෂයට අදාලව ද්‍රව්‍ය බලා ඇදීමේ කොටසේදී ශාලාධිපතිවරයා තමන් 16 දෙනා ස්ථාන කිහිපයක වාඩි කර වු බවත්, එහිදී බලා ඇදිමට සකස් කර තිබු උපකරණ කිසිවක් නිසි පරිදි නොපෙණුනු බවත් ඔවුන් විභාග කොමසාරිස්වරයාට දන්වා ඇත.
මේ පිළිබදව විභාග ශාලාධිපතිවරයාටත්, විභාග පරීක්ෂකවරියටත් දැනුම් දුන් නමුත් ඔවුන් ඒ පිළිබදව කිසිදු සැළකිල්ලක් නොදැක්වූ බවත්, විභාග පරීක්ෂකවරියට අදාල ද්‍රව්‍ය සම්පිණ්ඩනය නිසි පරිදි ස්ථානගතකර සකස් කිරීමට නොහැකි වු නිසා ඇය විසින් ද්‍රව්‍ය සම්පිණ්ඩනයේ දළ සැළැස්මක් කොළයක ඇද පෙන්වා විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ මේ ආකාරයේ රූප සටහනක් බැවින් ඒ ආකාරයට අදින ලෙස දැනුම් දුන් බවත් ඔවුන් සිය ලිඛිත පැමිණිල්ලේ සඳහන් කර ඇත.
එසේම චිත්‍ර ඇදිම සදහාද ලබා දෙන කෙන්ට් පේපර් නොලැබුණු නිසා විභාග ශාලාධිපතිවරයා දැනුවත් කළද විභාග දෙපාර්තමේන්තුවෙන් කෙන්ට් පේපර් ලබා දී නොමැති බවත් ඇත්තේ ඒ 4 කොළ පමණක් බවත් දැනුම්දුන් බවත්, ඒ 4 කොළයෙහි නිසි නිමාවකින් යුතුව ද්‍රව්‍ය සම්පිණ්ඩනය ඇදීමටද නොහැකි වූ බවත් ඔවුන් දන්වා ඇත.
පසුගිය කාලයේ වකවානුවේ රටේ පැවති තත්වය නිසා නිසි පරිදි පාඩම් ආවරණය කර ගැනීමටද නොහැකි වූ තමන්ට චිත්‍ර විෂයට අදාලව වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැක්කේ අඳින චිත්‍රවලින් බවත්, ශාලාධිපතිවරයා හා විභාග පරික්ෂකවරිය විසින් එම අවස්ථාව හිතාමතාම අහිමි කිරිම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුකර ඇති බවත් ඔවුන් පවසයි.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සාපෙළ සිසුහු 16ක් විභාග ශාලාධිපතිට එරෙහිව කොමසාරිස්ට දුක කියති