(සිතුම් චතුරංග)
වවුනියාව බෝගස්වැව යුද හමුදා කඳවුර තුළදී සෙබළෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී ඔහුගේ ගිනි අවිය පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා සෙබළා සහ ගිනිඅවිය පැහැරගැනීමට හවුල් වූ පුද්ගලයා ජනවාරි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහෙස්ත්‍රාත් එම්.රියාල් මහතා අද (26) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පහලගම , මහඇළගමුව , කැකිරාව යන ලිපිනයේ පදිංචි බෝගස්වැව 07 වන සිංහ රෙජිමේන්තු කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළ නුවන් ශ්‍රීලාල් දිසානායක සහ අපරාධය සඳහා සහය වූ එම ලිපිනයේ පදිංචි නිලන්ත අජිත් ෆොන්සේකා නැමැති වඩු කාර්මිකයකි.
(25) වැනිදා අලුයම 04.00 පමණ සැකකරුවන් විසින් කඳවුරේ රාජකාරිය නිමාකර පැමිණෙමින් සිටි යුද හමුදා සෙබළෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඔහු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවිය හා ජීව උණ්ඩ 30 ක් සහිත මැගසිනය පැහැරගෙන ගොස් තිබිණි.
පහරදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ බෝගස්වැව යුද හමුදා හත්වැනි සිංහරෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ 24 හැවිරිදි ආධුනික සෙබළෙකි.
සැකකරුවන් ගිනි අවිය පැහැරගැනීම සඳහා යුද හමුදා කඳවුර වෙත ඇතුළුවීමට පැමිණි ස්කූටර් වර්ගයේ යතුරු පැදියක්ද බෝගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තුවාල ලැබූ සෙබළා පෙරදින තවත් දෙදෙනකු සමඟ හමුදා කඳවුරේ පිටුපස පිහිටි කඳවුර ආරක්ෂක මුරකුටියේ රාජකාරී කර ඇති බවත් පසුව ඔහු විසින් රාජකාරී නිමාකර යළි හමුදා කඳවුර වෙත පාන්දර 04.00 ට පමණ පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
තුවාල ලැබූ සෙබළා යුද හමුදාව විසින් වන්නි යුද හමුදා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර පිහිටි යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව යුද හමුදාව පැවසීය.
සිද්ධියට සම්බන්ධ සැකකාර හමුදා සෙබළා සහ අනෙක් පුද්ගලයා අද (26) යුද හමුදා පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් කැකිරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා බෝගස්වැව පොලිසියට භාරදී තිබේ.
පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ සැකකාර හමුදා සෙබලා පෞද්ගලික ආරවුලක් මත මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් මෙම ගිනි අවිය පැහැරගෙන ගොස් ඇති බවට විමර්ශන වලින් අනාවරණය වූ බවයි.
පැහැරගත් ගිනි අවිය කැකිරාව මහඇළ ගමුව ප්‍රදේශයේ සතොස ගබඩා සංකීර්ණයක තිබී යුදහමුදා පොලිසියේ නිලධාරීහු විසින් සොයාගනු ලැබූහ.
සැකකරුවන් දෙදෙනා හමුදා කඳවුරට ඇතුලුවුයේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුකරන බවත් පොලිසිය අධිකරණයට දැණුම් දුන්නේය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සෙබළාට පහර දී ගිනි අවිය පැහැරගත් දෙදෙනා රිමාන්ඩ්
hemantha Friday, 27 December 2019 06:04 AM
පසුගිය ආණ්ඩුව කාලේ මේ වගේ වැරදි කරපු හමුදා අය තමයි හිරේ දැම්මේ... නමුත් එ්කට දැන් බලයේ ඉන්න අය කීවේ රණවිරු දඩයම කියලා...