IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


සෝභිත හිමි කොළඹ විද්‍යාර්ථයින්ගේ ක්‍රියාව අගයති

(අජිත්ලාල් ශාන්තඋදය සහ  ජයන්ත නානායක්කාර)

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවයේ දී එම උපාධිලාභීන් කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

මේ ක්‍රියාව තුළින් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිලාභී විද්වතුන් සිය අභීතභාවය, ආත්මීය ගරුත්වය මැනවින් ප්‍රදර්ශනය කර ඇති බවත්, ජනාධිපතිවරයා හා රජය ඔවුන් ලබාදුන් පණිවුඩය තේරුම් ගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මහානායක නායක, හිමිවරු ඇතුලු සියලුම ආගමික නායකයන් හා සමාජ ක්‍රියාකාරීන් මෙය පාඩමක් කරගත යුතු බව කී සෝභිත හිමියෝ බොහෝ දෙනෙක් උගුරට හොරා බෙහෙත් කන ආකාරයේ නෝංජල්, දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්වතුන් ඝෘජු ලෙස තමන්ගේ මතය පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ද කියා සිටියහ.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මේ බව පැවසුවේ ඇඹිලිපිටියේදී  මාධ්‍ය හමුවක් අමතමිනි.

රජයක් නියෝජනය කරන්නේ මෙහිදී අපහාසයට, උපහාසයට යොමුවුණු තනතුරු බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතු බවත්, පෞද්ගලික, දේශපාලන, ඥාති හිත්‍රමිත්‍රකම් මුල්කරගෙන තනතුරු දෙනවිට, බොහෝ දෙනෙක් නිහඬව සිටියත්, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්, එම විරෝධය ප්‍රදර්ශනය කර ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

හිතවතුන්ට තනතුරුදීම හේතුවෙන් රටම මහත් ව්‍යසනයට ගොදුරු වී තිබෙන බව කී සෝභිත හිමියෝ තමන් මේ දක්වා ගෙන ගිය වැඩපිළිවෙල අසාර්ථක බව ජනාධිපතිවරයා දැන්වත් තේරුම් ගත යුතු බව ද කීහ.

 



අදහස් (34)

සෝභිත හිමි කොළඹ විද්‍යාර්ථයින්ගේ ක්‍රියාව අගයති

ravin Sunday, 19 December 2021 06:33 PM

ඒත් හාමුදුරුවනේ පුරුදු පරිදි, පාවාදෙන්නෙක් ඉඳලා තියෙනවා යැයි කියා ආරංචියි. උපාධියේ වටිනාකම නොදන්න අය ගිහිල්ලා සහතික පත්‍ර අරගෙනලු. ඊට වැඩිය හොඳයි.. එයා සල්ලි දීලා උපාධි ගත්තු දේශපාලකයෙකුගෙන් හරි උපාධි සහතික පත ලබාගත්තානම්..

:       94       65

abSunday, 19 December 2021 08:45 PM

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවයේ දී එම උපාධිලාභීන් කටයුතු කළ ආකාරය කිසිදු ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් නොවන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ වෙත බුද්දිමත් රටවැසියා කියා සිටි. විශ්ව විද්‍යාලයේ උපාධිලාභී විද්වතුන් සිය අභීතභාවය, ආත්මීය ගරුත්වය ඔවුන් විසින්ම කෙලෙස ගන්නා ලද අවස්ත්වකි . බුදුන්ගේ අනුගාමිකයන් වසයෙන් චීවර ධාරී ප්‍රධාන සංඝනායක ආචාර්ය ගුරුවරුන් වන ඔබවහන්සේලා විසින්ම කරනු ලබන වෛරී ප්‍රකාශයන් නිසා සමාජ තුල අන්තවාදී බික්ෂුන් බිහිවීම වැලැක්විය නොහැක. විශ්ව විද්‍යාලයේ උපාධි අද්‍යාපනය දක්වා නිදහස් අද්‍යාපනය ලද මොවුන් ලබාගත් අද්දැකීම් සහ දැනුමට ඔවුන් විසින්ම පහත මට්ටමකට ගෙනෙන ලද අවස්තවකි. මුරුත්තෙට්ට්ටුවේ අනන්ද හිමියන් ආචාර්ය තනතුර ගවුරවනිය තනතුරක් මිසා කිසිදු වරප්ප්‍රසදයක් නොලබන තනතුරකි. කෙසේනමුත් පුජ්‍ය පක්ෂය ඉදිරියේ උපාධිලාභීන්ගේ පහත හැසිරීම සහ ඔවුන්ගේ ක්‍රියාව පාසල් සිසුන් වෙත ලබාදෙනු ලැබුවේ අන්තවාදී පණිවුඩයකි. මිනිසකු වසලයකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බව බුදුන්වහස්න්සේ බුද්ධිමත් ජනතවට ප්‍රකශ කොට ඇත

:       47       19

RexMonday, 20 December 2021 11:03 PM

එතකොට බුද්ධිමත් රටවැසියා..? උපාධියක් නැහැ නේද?

:       0       0

C.K.LankaputhraMonday, 20 December 2021 07:09 AM

කියන එක මට තේරෙන්නේ නැහැ. නමුත් එක උත්තරයක් දෙන්න අවශ්යයි. අවුරුදු ගනනක් තිස්ස පාඩම්කරල මහන්සි දිනාගත්ක සහතිකේ දේශපාලන පන්දන් කාරයන් අතින් නොගන්න උන්ට කොන්දක් තිබුන එක නම් ජාතියක්ම අගය කල යුතුයි. පත්කල කෙනාටයි පත්වීම ලැබූ කෙනාටයි යස පාඩමක්.

:       0       0

SirimannaMonday, 20 December 2021 09:09 AM

තමන් මහන්සි වෙලා ගත්තු උපාධි සහතිකේ කවුරු අතින් ගත්තාම මොකද? උපාධියක් ගත්තු එකා තමයි දන්නේ ඒකට වෙච්චි මහන්සිය... කාගෙවත් දේශපාලන එදිරිවාදිකම් ගාගෙන ගොන්පාට් දාන අයට නම් ඔය වර්ජන නම් ලොකුයි.

:       61       22

ජයන්තMonday, 20 December 2021 12:43 PM

ඔය උපාධි ප්‍රධානෝත්සවයේ වියඳම කීයක් ද කියලා දන්නව ද?. ශාලාවට ම ලක්ෂ ගනනක්. ගෝල්පේස් හෝටලයෙන් කෑම ගන්න ඕන. විශ්ව්විද්‍යාල නිලධාරීන් ඔවැනි උත්සව මඩිය තර කර ගන්න පාවිච්චි කරනවා. ඇයි බැරි ඕක විශ්වවිද්‍යාල ඇතුලේ තියෙන ශාලාවක ආචාර්‍යය වරුන් එකතුවෙලා කරන්න. ලෝකේ පිලිගත් විශ්වවිද්‍යාල දිහා බලන්න ඕකට ඔච්චර වියඳම් කරනව ද කියා. මේ වියඳම් කරන සල්ලි අධ්‍යාපනයට නොවෙයි නේ. මේක ලොකු කම පෙන්නන්න තියෙන උත්සවයක් විතරයි. දැන් තියෙන මංගල සාදත් මේ වගේ. කොහොම උනත් බුද්ධ චීවරය අගෞරවයට පත්වුනා. ඒ ගැන කණගාටුයි.

:       20       10

ravinMonday, 20 December 2021 01:47 PM

ලෝකයේ සියලු රටවල පෙර නිමිති (අනාවැකි )කියලා දෙයක් පිලිගන්නවා.තම තමන්ගේ උගත්කම සැහැල්ලුවට ගත්තොත් අනාගතයේදී උප නූපන් දරුවන්ට අබ සරණයි

:       2       10

Don Sunday, 19 December 2021 06:45 PM

කියන්න වදන්න නැහැ.. මට එහෙ දෙයක් වුණා නම් ඒ වෙලාවේම ඉල්ලා අස්වෙනවා. පැවිදි වුණා නම් දැනගන්න ඕනෑතමන්ට උරුම මොකක්ද කියලා..?

:       138       161

AhmedMonday, 20 December 2021 09:12 AM

එහෙනම් ඕකෙ කුලපති පට්ටම පාදිලියන් දරනකොට ඕක මතක් වුනේ නැද්ද?

:       60       13

ගමේ එකාලාMonday, 20 December 2021 11:26 PM

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලුවන්ට ගොට්ට අල්ලන හෙද සංගමේ සභාපතිට දීපු එක මුස්ලිම් කෙනෙකුට දුන්නා නම් හොඳ නැද්ද?

:       0       0

BishanTuesday, 21 December 2021 05:53 PM

ඔයා බමුණා නේද

:       0       0

dhamneth Sunday, 19 December 2021 06:54 PM

දැන් සකස්කරගෙන යන ව්‍යවස්ථා සංශෝධනවලින් දේශපාලකයින්ටත් අධ්‍යාපන සුදුසුකම් නිර්දේශ කළ යුතුයි. අඩුම තරමින් අලුතින් දේශපාලනයට එන අයටවත්....

:       18       146

අනිල් Sunday, 19 December 2021 07:06 PM

කොන්ද පන තියෙන පුරවැසියන් කීප දෙනෙක් හරි ඉතුරු වෙලා ඉන්න එක ලොකු දෙයක්..., නැත්තං එහෙයියන් ටික එකතු වෙලා මේ රට නැත්තට නැති කරලයි පස්ස බලන්නේ...

:       52       192

Desh Sunday, 19 December 2021 07:58 PM

කශේරුකාවක් ඇති පරපුරක්...

:       4       36

Saman Sunday, 19 December 2021 08:17 PM

උසස්පෙළ ඉහළින් සමත් වෙලා කැම්පස් ගිහින් මොන මහන්සියක් අරන්ද මේ දරුවෝ උපාධියක් ගන්නේ...? එතැනින් ඒ උපාධිය ගෞරවයෙන් පිරිනමන්නේ නැතිව දේශපාලනයට උදව් කරන අය අතින් දෙන එක හොඳ මදිනේද? සරසවි ළමයි උගත් දරුවෝ නේද?

:       2       32

යෝගා Sunday, 19 December 2021 09:08 PM

තමුන් අකැමති නම් උපාධි ප්‍රදානෝත්සවයට නොගිහින් ඉන්න තිබුනා. පුද්ගලයා කවුරු උනත් කුලපති තනතුරටයි නිගා නොකල යුතුව තිබුනා. හාමුදුරුවන්ට තනතුරු දීමත් වැරදියි හාමුදුරුවෝ දේශපාලනේ කරන එකත් වැරදියි. සෝභිත හාමුදුරුවන්ටත් ඒක අදාලයි.

:       22       15

සිරිබිරිස් Sunday, 19 December 2021 09:19 PM

හාමුදුරුවන්ට තියන ගෞරවය ඔය වගේ දේවල් හින්ද නැති වෙනවා .

:       0       29

ranjith Sunday, 19 December 2021 09:35 PM

විශ්ව විද්‍යාල වලින් උපාධියක් ගන්න සරසවි සිසුන් කොපමණ කැපවීමක් කරනවද .රටේ තේරිලා එන උගත් කණ්ඩායමක් නේද. විශ්ව විද්‍යාල විහිලුවකට පත් වෙනවා නුසුදුස්සන් පත් කලාම .මේ තරම් මහන්සි වෙලා ගන්න උපාධියට උපරිම වටිනා කමක් උපාධි ප්‍රධානොත්සවයේදී දිය යුතු නේද. ඒකත් දේශපාලනයට හෑල්ලු නොකර

:       2       21

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 19 December 2021 11:03 PM

එහෙමයි අපේ හාමුදුරුවනේ ... ඔබ වහන්සේ සත්‍යයක්ම පවසන සේක. උතුම් බුද්ධ චීවරය දරා සිටින සැබෑ සිල්වත් භික්ෂූන් වහන්සේලා දේශපාලකයන්ගේ තනතුරු තාන්න මාන්න ලබමින් ඒ අයට කඩේ යන අය නොවෙයි. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ... !!!

:       2       21

samantha Sunday, 19 December 2021 11:07 PM

කොන්ද පණ කෙසේවෙතත් ඔය අයට ජොබ් එකක් හොයාගන්න නම් අමාරුවෙනවා. ආකල්ප අන්තිමයි. රජයෙන් නොමිලේ අධ්‍යාපනය, මහපොළ ගත්තා නම් රජයෙන් පත්කරපු කෙනා සුදුසු නුසුදුසු වුණත් පිළිගන්න ඕනෑ. ඒත් ඒක ළමයින්ට තීරණය කරන්න බැහැ...

:       29       9

reksMonday, 20 December 2021 11:12 PM

වලිගෙ කැපුවේ පැටියා කාලේමද?

:       0       0

sampath Sunday, 19 December 2021 11:47 PM

මේ සිද්ධිය කෙසේවෙතත් තනතුරු ලබාගත්තු බොහෝදෙනා ගැන පැහැදීමක් නෑ. දේශපාලන හිතවතුන් වුණාට කමක් නෑ. සුදුසුකම් ප්‍රවීණ හා සුවිශේෂී දක්ෂතා තිබිය යුතුයි. ඉංජිනේරුවෙක් ඕනෑ තැනට ඉංජිනේරුවෙක්ම දාන්න ඕනේ... ඒකට වෛද්‍යවරයෙක් දාන්න එපා.

:       0       22

Darman Monday, 20 December 2021 03:09 AM

එතකොට හාමුදුරුවෝ පාර්ලිමේන්තු ගිහින් චන්දෙ නිෂ්ක්‍රිය කිරිල්ල හරිද

:       7       20

Lalith M Monday, 20 December 2021 06:51 AM

මොනව කලත් මහරජුට අභියෝග කිරීම රාජ්‍ය අපරාධ ගණයට අයත්. අනාගත්ත රජු හැමවිටම බුද්ධිමතා බව හුදීජනයා දැන ගන්න ඕන.

:       9       14

නිමල් Monday, 20 December 2021 07:01 AM

විද්‍යාර්ථීන්ගේ ක්‍රියාව අනුමත කළ නොහැකියි. කුලපති හිමියන්ට අකමැති උපාධි අපේක්ෂකයන් කළ යුතුව තිබුනේ ප්‍රදානෝත්සවයට සහභාගි නොවීමෙන් විරෝධය පෑමයි. සහතික පත කොහොමත් තැපෑලෙන් එවනවා.

:       31       21

Deshapriya Monday, 20 December 2021 08:54 AM

කශේරුකාවක් ඇති පරපුරක්... කුලපති දැන් වත් බුදු සසුනේ මහණ දම් පුරන්න.

:       8       42

උපාධි ලාභියා Monday, 20 December 2021 09:25 AM

එහෙනම් අපි ආචාර්ය උපාධියක් පිරිනමමුද?

:       6       3

රට වැසියා Monday, 20 December 2021 10:38 AM

අපිට පුරුදු-පුහුණු කර ඇති වහල් බව, දීන බව, සහ නිවට ගති ගුණ වලින් මිදීමට කාලය එලැඹ ඇත..! වැඳිය පිදිය යුත්තේ හෝ ගරු බුහුමන් දැක්විය යුත්තේ පුරුදු පුහුණු කල පළියට නොව, එයට සුදුසුකම් ලැබූ අය අනුවයි. මේ සිසුදරුවන් ඒ පෙන්වූ ආදර්ශය නව නැගිටීමක පෙර නිමිත්තක් යැයි සිතමි. ඔබලාගේ අදීන බව රටට ඕනෑම කරන අවස්ථාවකි. මෙවන් දරුවන් තවතවත් බිහිවේවා..!

:       2       44

sujeewaMonday, 20 December 2021 12:49 PM

වහල් බව තීරණය වන්නේ තම තමා දරණ මතවාදය අනුවයි. විරුද්ධ මතධාරීන්ට අනුව පවතින රජයට පක්ෂපාතීත්වය දක්වන පිරිස වහල්ලුන්ය. එහෙත් විරුද්ධ මතය දැරීමත් වහල් බවක්ම බව ඔවුන්ට නොතේරේ. අන්‍යයන්ට වහල්ලුන් යැයි කියන පිරිස සිතන්නේ වහල්ලුන්ගෙන් බැහැරව සිටින ඔවුන් සියල්ල දත්, පරිපූර්ණ, බුද්ධිමතුන් කියායි. සැබෑව නම් ඔවුන්ද ගැලවීමට නොහැකි, ගැලවීමට අකමැති වහල් බවක සිරවී සිටින බව ඔවුන් නොදැනීමයි. සියළුදෙනා තමතමන්ගේ මතවාද තුළ සිරවූවන් පමණක් මිස කිසිවකුත් නිවැරදිම වූවන් නොවන බවත්, ඕනෑම අයකුට තමා කැමැති මතවාදයක් දැරිය හැකි බවත්, බහුතර මතවාදයට ගැරහීම කුහකකමක් බවත් අවබෝධ කරගෙන ජීවත්විය යුතුයි. බහුතර මතය පරාද කළ යුත්තේ තවත් එවැනිම බහුතරයකින් පමණකි. අධ්‍යාපනය ලබන කාලය තුළ රස්තියාදු ක්‍රමයට ජීවත්වන අයට මෙවැනි හැසිරීම පුරුද්දක් වන අතර පසුව රාජ්‍ය අංශයේ රැකියා ඉල්ලා මහජන මුදලට අවමන් කරන්නේ ඒම පුරුද්ද නිසාමයි. මෙහි අදහස් දක්වන භික්ෂුවටත් එම තත්වය එලෙසින්ම අදාල වේ. උපාධිය බුද්ධිමත් බවේ සලකුණක් නොවන අතර බුද්ධිමතා දැනුමද සමග උණගසක් මෙන් නම්‍යශීලීව කටයුතු කරයි...

:       9       13

Wimal Monday, 20 December 2021 11:10 AM

මේ තවත් වැදි බණ කියන්නෙක්.. මේ අයවත් ඒ ආකාරයටම ප්‍රතික්ෂේප කළ යුතුයි...

:       20       20

janahitha Monday, 20 December 2021 01:45 PM

හාමුදුරුවන්ට තිබුනේ එතන සිටි දුප්පත් නමුත් දරුවන් වෙනුවෙන් කැප උන දෙමව්පියන් අතින් උපාධිය පිරිනමන්න

:       0       14

Pradeep Monday, 20 December 2021 03:57 PM

සමාජයේ සිටින ඉතාම ගෞරවනීය පුද්ගලයින්ට ලබාදුන් කුලපති වැනි තනතුරු තමන්ගේ දේශපාලන හෙංචයියන්ට ලබාදීම ඉතාම පහත් වැඩක්... එයට විරෝධය පෑම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. දිනෙන් දින රටේ හැම වැදගත් තැනකටම දේශපාලන හෙංචයියන් පත්කිරීම සිදුවෙමින් පවතිනවා..

:       1       15

සුසන්ත වර්ණසූරිය Monday, 20 December 2021 04:01 PM

ඇත්තටම මෙපමණක් නොව, දේශපාලනය කරන සංඝයා වහන්සේලාත්, දේශපාලන ඇම්බැට්ටයිනුත් මෙලෙසම පිටු දැකිය යුතුයි...

:       0       13

ගමේ එකාලා Monday, 20 December 2021 07:04 PM

හෙද සංගමයේ සභාපතිට... කුලපතිකම නොදී හිටියා නම් මෙවැනි දෙයක් සිදු නොවීමට තිබුණා. මුල ඉඳලාම විශ්ව විද්‍යාලය තුළින් ලොකු විරෝධයක් පෑවා. තනිකරම දේශපාලුවන්ගේ වුවමනාවට කරපු පත්වීමක්. පුදන කොටම කාපි යකා කිව්වලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

මහ පුවරුව

අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1374 2

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


බන්ධනාගාර හිටපු නිලධාරියකු වෙඩි තබා මරලා
2025 මාර්තු මස 13 4268 23

බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.


කෝපාවට ආ ’’ආර්.එම්.වී’’ ලොක්කන් ගෙදර යවයි
2025 මාර්තු මස 13 3942 5

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි



වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අධිකරණයට ගෙනූ
2025 මාර්තු මස 12 2699 6

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප


දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 5607 29

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 218 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site