(රංජන් කස්තුරි)
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල සීමානිර්ණ සමාලෝචන කමිටුවේ වාර්තාව අනිවාර්යෙන්ම මේ මස 31 වැනිදින වනවිට බාරදිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව අද (11) දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
එම සමාලෝචන කමිටු වාර්තාව ලබාදීමට තවත් අතිරේක මාස දෙකක කාලයක් ලබාදිය යුතු බවට අගමැතිවරයාගේ කමිටුව කර තිබෙන ඉල්ලීම ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ එය ප්‍රතික්ෂේප කර තිබේ.
පළාත් සභා මැතිවරණ පනතට අනුව කිසිසේත් අතිරේක මාස දෙකක කාලයක් ලබා දිය නොහැකි බවද එසේ ලබාදීමට එම පනතේ ප්‍රතිපාදන නැතැයිද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ අද පැවැති දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ විශේෂ සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය තත්ත්වයන් සලකා ගැනීමට සියලුම දේශපාලන පක්ෂවල සහය අපේක්ෂා කරන බවද එහිදී මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
ඒ අනුව ලබන වසරේ ජනවාරි මස අග භාගයේදී පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂාකරන බවද එම සාකච්ඡාවේදී සඳහන් වී තිබේ.
නව ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දැනට පවතින අණපනත් හි කළ යුතුව තිබෙන යම් යම් සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවේදී සම්මත කර දීමට අපේක්ෂා කරන බවද එම සාකච්ඡාවට සහභාගි වූ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුද්තාපා මහතා සඳහන් කර තිබේ.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සීමානිර්ණ සමාලෝචන වාර්තාව 31ට පෙර ඉල්ලයි