IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සමනලවැව හිඳෙයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි. ඒ. එස්. වීරවංශ)

 

මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සමනලවැවේ ජලමට්ටම සීග‍්‍ර ලෙස පහළ බැසීම නිසා ජලාශයට යටවූ කිංචිගුණේ ගම්මානයේ වරකාවෙල වෙල්යායත් කිංචිගුණේ විහාරස්ථානයත් මතුව තිබේ.

සමනලවැව ජලාශයට වතුර පිරවීමෙන් පසු මේ ආකාරයට වතුර අඩුවූ පළමු අවස්ථාව මෙය බව ප‍්‍රදේශවාසීහු කියති.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ සමනලවැවේ ජලමට්ටම  මුහුදු මට්ටමේ සිට මීටර් 132ක මට්ටමේ දැන් පවතින බවත් එය මීටර් 124 දක්වා එනම් මීටර් අටකින් පහළ ගියහොත් සමනලවැවේ ජල විදුලිය නිපදවිය නොහැකි බවත්ය.

වතුර අඩු නිසා මතුව ඇති කිංචිගුණේ විහාරස්ථානයේ තිබූ චෛත්‍යය කිසියම් පිරිසක් විසින් නිධන් සෙවීමේ අරමුණු ඇතිව හාරා ඇති බවද ප‍්‍රදේශවාසීහු කීහ.

සමනලවැවේ ජල මට්ටම සීග‍්‍ර ලෙස පහළ බැසීම නිසා වැව ආශ‍්‍රිතව කෙරෙන මිරිදිය ධීවර කර්මාන්ත කටයුතුවලට ද බාධා එල්ලවී ඇතිබව මිරිදිය ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

 

 



අදහස් (10)

සමනලවැව හිඳෙයි

Raveendra Tuesday, 19 March 2019 02:04 PM

සමනල වැව පිළිබඳව කියවෙන සුන්දර ගීතය මතකයට නැගෙනවා...

:       2       34

දයානන්ද Tuesday, 19 March 2019 06:23 PM

රවීන්ද්‍ර ඔබට සමනල ගීත මතක්වෙනවා. දැන් ලංකාවේ සමනල්ලු වැහිවැහලා උන්ගේ බිත්තරවලින් දලඹුවෝ හැදිලා වගා විනාශ කරනවා. මේවාට පිළියම් සෙවිය යුතුයි.

:       185       283

RaveendraTuesday, 19 March 2019 06:47 PM

දයානන්ද මය වෙත, ඔබගේ අදහස් හාස්‍යජනක වුනත් එහි යම්කිසි වැදගත් අරුතක් තිබෙන බව සඳහන් කිරීමට කැමැත්තෙමු...

:       216       416

Sumith Wednesday, 20 March 2019 03:50 AM

තව ගෑස් කපන කියාත් වලට බලපත් දෙන්න.

:       0       118

Uditha - London Wednesday, 20 March 2019 05:36 AM

තව ගස් ටිකක් කපලා දැම්මොත් නරකද? එතකොට වතුර පිරේවි...

:       1       195

Janaka Wednesday, 20 March 2019 05:39 AM

ඕකේ තියෙන ජල කාන්දුවට දැන් වතුර අඩුනිසා පිලියම් යොදන්න පුලුවන්නේ... මම දන්න විදිහට ඔය කාන්දු වෙන වතුරෙන් පුද්ගලික ආයතනයක් පොඩි විදුලි බල ප්‍රමාණයක් නිපදවනවා. ඒත් ඒ කාන්දුව නැවැත්තුවා නම් සමනල වැව ජලාශයෙන් නිපදවන විදුලිබල මෙගා වොට් ප්‍රමාණය දෙගුණ කරන්න පුලුවන්... ප්‍රයිවට් පවර් ස්ටේෂන් එකෙන් ජරාව කාලා ඒ කාන්දුව වහන්නේ නෑ...

:       2       227

Shehan Wednesday, 20 March 2019 07:37 AM

මේ වගේ වෙලාවක තමයි ගඟ සුද්ද කරන්න ඕනේ..

:       0       176

bandara Thursday, 21 March 2019 05:35 AM

තව තව ගස් කපාපල්ලා ... එතකොට ඔය වලවල්වලටම දාල අපිවත් වහපල්ලා .....

:       0       37

JAYATH Friday, 22 March 2019 02:31 AM

රටක ගස් කැපීම සහ වැස්ස අතර සම්බන්දයක් නැහැ ලංකාව ගත්තොත් අපි ප්‍රධාන මෝසම් වැසි දෙකකිනුත් අන්තර් මෝසම් වැසි වාර දෙකකිනුත් පෝෂිත රටක් . මේ වැසි වලට කෙලින්ම බලපානේ සාගරයේ උෂ්ණත්වය , සුළඟ , වගේ තව අටෝරාසියක් දේ මිසක් ගහකොළ නෙමෙයි... ගහකොළ සහ වනාන්තර කරන්නේ ඒ වැටෙන ජලය රඳා පවත්වා ගැනීම විතරයි . වනය විනාශ කරන්න, ගස් කපන්න ඕනය කියල මේකෙන් ගම්‍ය වෙන්නේ නැහැ . නමුත් යාන්ත්‍රික කියත් වලට බලපත් දීම වගේ හාස්‍ය ජනක දේවල් වලින් වනාන්තර කපන එක නවත්වන්න බැහැ .විල්පත්තුව වගේ තැන්වල "දේශපාලන වන සංහාර වෙද්දී "

:       112       9

gbase Friday, 22 March 2019 02:54 AM

අපි තව දුරටත් පරිසරය වනසනනන්ට කඩේ යමු

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 494 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1724 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site