(ප්‍රින්ස් රත්නායක)
සමනළ වැව පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් තවදුරටත් වර්ෂාව පැවතියහොත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
සමනළ වැවෙහි පිටාර මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 455 ක් වන අතර ස්වයංක්‍රීය නොවන දොරටු තුනක් මගින් පිටාර මට්ටම පාලනය කරනු ලබයි. 2015 වසරේදී එය පිටාර මට්ටමට පැමිණියද අවසන් වරට සමනළ වැව වේල්ලේ දොරටු විවෘත කරනු ලැබුවේ 2008 වසරේදී ය. සමනළ වැව ඉදිකිරීමෙන් පසු මීට පෙර අවස්ථා 2 කදී පමණක් වාන් දොරටු විවෘතකර ඇත.
මේ වනවිට ජලවිදුලිය නිපදවීමට ටර්බයින් දෙකම ක්‍රියාත්මක කර ඇති අතර ජලමට්ටම පාලනය කිරීම සඳහා වේල්ලේ ඇති ජල පාලකය මගින් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය මුදා හැර තිබේ. එම ජලය ගලා බැසීමට ඉදිකර ඇති ඇළ මාර්ගය උතුරා යමින් පවතී.
වාන් දොරටු විවර කළහොත් ඇතිවන තත්වයන්ට අදාළව ආරක්ෂක විධිවිධාන හා පොරෙත්තු සේවා සූදානම් කර ඇති බවත් පහළ නිම්න හා කල්තොට ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇති බවත් ඒ මහතා පැවසීය.
මුස්ලිම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාවකට වරදකරු වු බොදුබලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස නවයක ලිහිල් වැඩ සහිත සිරද
අහුන්ගල්ල නගරයේ දි අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
විදේශ රැකියා ලබාදෙන බව පවසා යක්කල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් ලබාගෙන එකී මුදල වංචා කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්
කොළඹ කොටුව සහ අඹේපුස්ස දුම්රිය ස්ථානය අතර ක්‍රියාත්මක වූ මෙරට ප්‍රථම දුම්රිය සේවාව ආරම්භ කර වසර 160ක් පිරීම නිමිත්තෙන් කොටුව දුම්රිය ස්ථානයේදී ආගමිකවත
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සමනළ වැව පිටාර මට්ටමට