( තිළිණි ද සිල්වා )
පවුල් ආරවුලක් නිසා මගමගදී සිය සැමියා එල්ල කළ පිහි ඇනුමකට ලක්වීමන් ඉතාලියේ රෝමයේ වෙසෙන ශ්‍රී ලංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර , එම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ලාංකික සැමියා ද රෝම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉතාලියේ විසූ 40 හැවිරිදි ලාංකික කාන්තාවක් වන අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වන 49 හැවිරිදි ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආංරිචි මාර්ග කියා සිටී.
පෙරේදා (29) සවස 2.30 ට පමන රෝමයේ පොර්තුනීස් ( Portuense) ප්‍රදේශයේ මහ මගදි මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇතැයිද සදහන් වේ.
මහමගදි මෙම සැකකාර ලාංකිකයා විසින් ඇයගේ බිරිඳට සිදු කළ මාරාන්තික පිහි ඇනුමෙන් ඇය මාර්ගයේ ඇද වැටී ඇති අතර , ඇයගේ තත්ත්වය බරපතල වූ නිසා මාර්ගයේ ගමන් ගත් පිරිස් ගිලන් රථ කැදවා ඇයව රෝමයේ සෙන්ට් කැමිල්ලෝ ( S. Camillo )රෝහල වෙත පිටත් කර යවා ඇත.
රෝහලට ගෙන යන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇයව හදිසි ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු යොදා තිබුණද ඊට පෙර ඇය මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඇයට පිහි පාරවල් කිහිපයක් එල්ල කර ඇති අතර බඩට එල්ල වී තිබු මාරාන්තික පිහි පාරවල් 2 ක් නිසා ඇය මිය ගොස් තිබෙන බව සදහන් වේ.
ඔවුන් දෙදෙනා මහා මාර්ගයේ බහින්බස් වෙමින් ගමන් ගත් බවත්, ක්ෂණිකව ඔහු විසින් පිහියක් ගෙන ඇයට එල්ල කල බවත් මහාමාර්ගයේ ගමන් ගත් අය රෝම පොලිසියට පවසා තිබේ. පොලිසිය එතනට පැමිණෙන විටත් ඔහු එම පිහිය අත දරා සිටි බවද පොලිසිය සදහන් කරයි.
මේ වන විට මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණයකට සූදානම් කර ඇති අතර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සැමියා එල්ල කළ පිහිපහරින් ලක් කතක් රෝමයේදී මරුට
fairoos Sunday, 30 May 2021 02:02 PM
මේ අපේ ඉතාලියේ අක්කද?
Senevi Sunday, 30 May 2021 03:20 PM
අනිත් කට්ටිය කරනවා වගේ එංගලන්තෙට පැනගත්තා නම් ඔය වින්නැහිය වෙන්නේ නැහැනේ. සුද්දෝ දෙන පින්පඩිය අරගෙන වැඩක් පලක් කරන්න මහන්සි වෙන්නේ නැතුව සැපට කාලා බීලා ඉන්න තිබුණා.
නුවන් වික්‍රමසිංහ Sunday, 30 May 2021 04:37 PM
කැලේ මාරු වුණාට සතා සතාමයි. අපේ කට්ටියගේ මෙවැනි නොහොඹිනා වැඩ නිසා සිදුවෙන්නේ මුලු මහත් ශ්‍රී ලාංකිකයන්ම අපහසුතාවයට පත්වීමයි. මෙවැනි රටක නීතිය ඉදිරියේ වෙන්වීම ලංකාවේ තරම් සංකීර්ණ නැහැ කියලා මම හිතනවා. එහෙම නොවුණත්.., දෙදෙනා නොගැලපෙන බව දැනුණානම් වෙන්වී ජීවත් වෙන්න තිබුණේ...
Thusitha Sunday, 30 May 2021 04:41 PM
ඉතාලි ඉන්න ගොඩක් අය ලංකාවේ මුඩුක්කුවල හැදිච්චි අය... ඔය අය ඔහොම තමයි.
හේමන්ත Monday, 31 May 2021 08:28 AM
ඉතාලියේ ඉන්නේ ලංකාවේ මුඩුක්කුවල අය පමණක් නොවෙයි, කුරුඳුවත්තේ අයත් ඉන්නවා. මුඩුක්කුවල අය කියලා එහෙම මිනිස්සු වර්ග කරන්න එපා. අපි හැමෝම ලක්මවගේ දරුවෝ. ඔබට මුඩුක්කුවල අය සමග පුද්ගලිකව තරහක් ඇතිනම් ඒක වෙනම දෙයක්... එහෙම වුණා කියලා මුඩුක්කුවල මිනිස්සු කියලා ගරහන්න එපා... ඒක හරිම කැතයි.
විපරමා Sunday, 30 May 2021 05:43 PM
පවුල් ඇතුලේ මොනතරම් ආරවුල් තිබුණත් මේ වගේ අමානුෂික විදියට මරාදාන්නේ මොන හිතකින්ද?
Don perera Sunday, 30 May 2021 06:18 PM
එන්ගලන්තෙටනම් එන්න එපා
Shan Sunday, 30 May 2021 09:21 PM
එංගලන්තයේ පින් පඩි දෙන්නේ නැහැ. ජනතාවට උදව් කරනවා. වැඩ කරන්න ඕනේ... ඒක හැමෝටම ගන්න බැහැ. අනේ අපේ රටටත් ඉංග්‍රීසි පාලනයක් තිබුණා නම් මේ වගේ පගාවල් ගහන්න බැහැනේ... සෙනෙවි ඔයාට කියන්නේ ඉතාලිය තරම් සුන්දර මිනිස්සු ඉන්න රටක් කොයි ලෝකේවත් නැහැ. ඒකයි ඇත්ත.
NuwanMonday, 31 May 2021 06:31 AM
එංගලන්තයේ පින්පඩි දෙන්නේ බෝට්ටුවෙන් ආපු, බෙලිකපන අයට විතරයි. යුරෝපයේ අනිත් රටවලත් බෙලි කපන නිකායේ අයට විතරයි...!!!
Nuwan Monday, 31 May 2021 05:35 AM
මේ වගේ වැඩ කරන්නේ ලංකාවෙන් බෝට්ටුවෙන් ගිය නුගත් අය
MangalaMonday, 31 May 2021 06:39 AM
මිනිසුන්ට අපහාස කරන්න එපා. නූගත් කියලා මිනිස්සු කොටසක් නැහැ. ඔයා කියන නූගත් මිනිසුන්ට වඩා අමානුෂික වැඩ ඔය උගත් කියන මිනිස්සු කරනවා. මොන කෙනා කළත් මේ වැඩේ වැරදියි, දුක හිතෙනවා එච්චරයි.
Pat Monday, 31 May 2021 06:20 AM
ඉතාලිවල ඉන්න හුඟදෙනෙක් අවංක නැහැ... හරිම කපටියි.