IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සෞම්‍ය ලියනගේට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තනතුරු අහිමි වේ

 

(ඩයනා උදයංගනී)
 

කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා හා මහාචාර්යවරයකු වූ ප්‍රවීණ රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ මහතා විශ්ව විද්‍යාලයේ දැරූ එම තනතුරුවලින් ඉවත් කර තිබේ.
 

සෞම්‍ය ලියනගේ මහතා කථිකාචාර්යවරයකු ලෙස පත්වීමෙන් පසු වසර අටක පරිවාස කාලය නිමවන්නට පෙර සපුරාලිය යුතු පශ්චාත් (ආචාර්ය) උපාධි සුදුසුකම එම කාලසීමාව තුළ සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇතැයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නිසි බලධාරී මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා කළ විමසුමකදී පැවසීය.

 

ඔහු පත්වීම ලැබූ දා සිට වසර 8ක් අවසන්වීමට පෙර එනම් 2014 වසරේදී මෙම සුදුසුකම සපුරාලිය යුතුව තිබුණත් එය සපුරා නැතැයි ද විශ්ව විද්‍යාලයේ නිසි බලධාරී මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා සඳහන් කළේය.
 

එසේ සුදුසුකම් සපුරා නොතිබියදීත් විශ්ව විද්‍යාලයේ හිටපු පාලනාධිකාරය මගින් 2015 වසරේ දී සුදුසුකම සපුරාලිය යුතු දිනය මාස 7කින් ඉදිරියට ගෙන ඔහුට උසස්වීම් ලබාදී ඇතැයි ද අබේරත්න බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
 

මෙය වැරදි ආකාරයෙන් ලබාදුන් උසස්වීමක් නිසා එය නිවැරදි කරන්නැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කළ දැනුම්දීමක් මත මෙම පියවර ගෙන ඇතැයි ද මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා කීවේය.

මෙය 2015 වසරේ සිටි පාලනාධිකාරිය ගත් වැරදි තීන්දුවක් නිවැරදි කිරීමක් බව කී මහාචාර්යවරයා ඒ අනුව සෞම්‍ය ලියනගේ මහතා යළිත් කථිකාචාර්ය තනතුරට පත්ව ඇති බවත්, ඔහුට ඉදිරියේදී යළිත් ඉල්ලුම් කර නිසි ක්‍රියාපටිපාටිය අනුව අහිමි වූ තනතුරු ලබාගැනීමේ හැකියාවක් පවතින බවත් කියා සිටියේය.

‍කෙසේ වෙතත් සෞම්‍ය ලියනගේ මහතා තනතුරුවලින් ඉවත්කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වී තිබෙන අතර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ අශෝක හඳගම මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ විශ්ව විද්‍යාල පාලක සභාවට සිදුවූ වරදක් සොයා ගැනීමට වසර හයක් ගත වී ඇති බවයි.

ඒ කාලය තුළ සෞම්‍ය ලියනගේ මහතා පීඨාධිපති සහ මහාචාර්ය තනතුරු වලට උසස් කර තිබෙන බව ද ඔහු පෙන්වා දී තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇති සෞම්‍ය ලියනගේ මහතා ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් නිර්මාණාත්මක කලාව පිළිබඳව පශ්චාත් උපාධිය ලබාගෙන ඇත. ඔහු සම්මානලාභී දක්‍ෂ රංගන ශිල්පියකු ද වේ.



අදහස් (14)

සෞම්‍ය ලියනගේට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තනතුරු අහිමි වේ

Champa Friday, 25 September 2020 01:25 PM

පුද්ගලයාගේ ප්‍රසිද්ධිය මත වැරැද්ද වර්ගීකරණය කරන්න බැහැ. කොහොම කළත්, කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. උගත් මහාචාර්යවරයෙක් තමන් සුදුසුකම් සපුරා නැති බව දැනදැනම උසස්වීමක් බාරගත්තා නම් ඒක බරපතල වැරැද්දක්... මේ ජනාධිපතිවරයාත් කැලණිය විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරියක් පත් කිරීමේදී, උප කුලපතිවරුන් පත්කිරීමේ පාර්ලිමේන්තු පනත උල්ලංඝනය කරලා තියෙනවා. කැලණිය විශ්ව විද්‍යාලයේ මෙතෙක් පැවති සම්ප්‍රදායික බෞද්ධ පදනම ආරක්ෂා කරමින් මේ පත්වීම කළාද නැත්ද?

:       15       34

බද්රානි Friday, 25 September 2020 01:43 PM

මේ යන විදිහට පාලකයින්ට ගොට්ට නොඅල්ලා තනතුරු රැක ගැනීමට නම් ලැබෙන්නේ නැහැ. කොහොමත් අවසානයේ කරලියේ ඉතුරු වන්නේ කබ්බෝ රැලක්ම තමයි. ඇඟේ කටු අනිනවා වගේ දැණුනා නම්, සමහර විට තනතුරක් ලබා ගන්නත් හැකියාවක් තියේවි...

:       25       37

CiscoFriday, 25 September 2020 02:19 PM

බද්‍රානි, ඔබ කියන ආකාරයට ලියනගේ මහත්තයාට 2015දී උසස්වීම් දීලා තියෙන්නේ ගෝඨා ඉල්ලපු නිසාද?

:       17       32

සමන් Friday, 25 September 2020 04:33 PM

විශ්වවිද්‍යාලයක පාලක සභාවකට විශ්වවිද්‍යාල පනතට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව හා උසස් අධ්‍යාපන ආයතන සදහා වන ආයතන සංග්‍රහයට විරැද්ධව කටයුතු කරමින් උසස් වීම් ලබා දීමට නොහැකි මෙන්ම එසේ කරනවා නම් එය නීිතිවිරෝධීය. එම උසස් අධ්‍යාපන ආයතනය වෙනත් ආධුනික කථිකාචාර්යවරැනට අවුරැදු 8 අතුලත පස්චාත් උපාධියක් සම්පූර්ණ නොකලොත් සේවයෙන් පහකිරීමටත්, විශේෂවූ එක් කථිකාචාර්යවරයකුට එයට වඩා දීර්ඝකාලයක් ලබා දීමත් සමානයන්ට සමාන ආකාරයට සැලකීමේ පොදු මූලධර්මයට එරෙහිව කටයුතු කිරීමකි. මෙම කථිකාචාර්යවරයාට විශේෂ වරප්‍රසාද දෙමින් පොදු දේපල අයථා භාවිතාකළ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පාලක සභාවට එරෙහිව පොදුදේපල පනත මගින් චෝදනා ඉදිරිපත්කර දඩුවම් ලබා දිය යුතුය. එසේම මෙම පුද්ගලයා දැනදැනම අයථා ආකාරයට තමාට හිමි නැති වැටුප් හා උසස් වීම් ලබා ඇති බැවින් (අවංකභාවය) කඩ කර ඇති බැවින් කිසිවිටක නැවත විශ්වවිද්‍යාලයට බඳවා නොගත යුතුයි. තවද මාගේ අදහසට එරෙහිව පාඨකයන් අවි අමෝරාගෙන විවේචන එල්ල වුවද, මා මතක් කරදෙනුයේ ශ්‍රී ලාංකිකයන් තමා කැමති අය වැරදි කළවිට එය සාධාරණය කරන චපල ලක්ෂණයයි.

:       4       37

Buddhika P Friday, 25 September 2020 06:59 PM

දෙයිහාමුදුරුවනේ PhD නැතුව අවුරුදු 8ක් මහාචාර්ය වෙලා හිටියා. මමත් කැම්පස් එකක ඉගැන්නුවා. නමුත් ඒ කාලේ දෙන්නම් කාසි හෙවත් ණයට මහාචාර්ය වුනේ නෑ අපිනම්... විලි ලැජ්ජා නැතුව ළමයි ඉස්සරහට යන්නේ කොහොමද? මට කැම්පස් එකෙන් එන්න වුනේ පදනම් ආයතනේ කරපු දේශනයක් නිසා. එක පදනම් ආයතන දේශනයකදී මම කිව්වා, මේ ගාමන්ට් ෆැක්ටරි මේනියාව අපිට දීපු උගුලක්.. අපි මේකට අහු නොවිය යුතුයි කියා. මේක මේනියාවක් නොකර අපි බහුවිද කර්මාන්ත මේනියාවක් හදාගනිමු. කෘෂිකර්මය උඩින් තියාගෙන කියලා තමයි කතාවේ සාරාංශය. පහුවෙනිදා මට උදේම ෆැකල්ටියේ ප්‍රධානියා කතා කරා... "ඔයා රස්සාවත් නැතිකර ගන්නද හදන්නේ?"... ඔන්න ඔහේ කොල්ලන්ට උගන්නගෙන ඉන්නවා. මම කල්පනා කළා, මේක මෙච්චර ඉක්මනට මෙතනට ගියේ කොහොමද? අන්තිමේ මම ලංකාවෙන් පිට වුණා, දැන් අපේ මානව හිමිකම් හිටන් පෙන්නන්න ඕනේ කෝටා ගන්න. අපේ ආර්ථික නිදහසට අපිම මාංචු දා ගත්තා.

:       4       9

බද්රානිSaturday, 26 September 2020 09:00 AM

ඔබ ඔය කියන ලෙස ඇත්තටම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් නම්, ඔබගේ මනසේ පවතින පටු ආකල්පමය ස්වභාවය අදහස් වලින්ම පැහැදිලියි. සාම්ප්‍රදායික අධ්‍යාපනයකට කොටුවී, ඒ තුළ සිරවී සිටින ඔබ වැනි අයෙකු කෙලෙසද ගුරුවරයෙකු ලෙසින් සමාජ ගතවී, සමාජයේ පෙරගමන් කරුවකු වන්නේ? අධ්‍යාපනය තුලින් ගිරා පෝතකයින් නිර්මාණය කර එක පෙළට දැක්විය හැකි ඊනියා උගතුන් රැලක් අප රට තුළ බිහිකිරීමට ඔබත් දායක වී ඇති බව නම් පැහැදිලියි. ඔබ වැන්නන්ට සෞම්‍ය ලියනගේලා වැනි පර්යේෂණාත්මක, ප්‍රායෝගික හා නිර්මාණාත්මක ඇදුරන් ඇලජික් වෙන එක ඉතින් අහන්නත් දෙයක්ද?

:       13       9

Prabha Friday, 25 September 2020 07:45 PM

විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක වෙන්නේ ගුරුකුලවල මාෆියාවක්. කොතරම් දක්ෂ වුණත් අනෙක් ගුරුකුලයක් නම් තැනකට එනවා බොරු...

:       1       8

Parama sathya Friday, 25 September 2020 09:47 PM

මොනවා වුණත් මේ ඔක්කෝමටම උඩින් තියෙන පාර්ලිමන්ට් එකට හා ජනපති අසුනට ඕනෙම කෙනෙක්ට යන්නත් පුළුවන්. දැන් ඊට අමතරව ලොකුම සීට් එකට යන කෙනාට ඕනම අපරාධයක් කරන්න, ඕනම හොරවැඩක් කරන්න ලෑස්තිවෙලයි ඉන්නේ. මොකද තමන් දන්නවා හොරකම අපරාධය තමන් අතින් අනිවාර්යයෙන්ම ඉදිරියේදී වන බව...

:       2       9

ලුම්බිණි Saturday, 26 September 2020 12:57 AM

අහන්න තිබෙන්නේ අශෝක හඳගම අහපු ප්‍රශ්නයම තමයි.

:       5       10

subhaniSaturday, 26 September 2020 12:38 PM

ඒ ප්‍රශ්නය අහන්න ඕනෑ 2015දී ඔහුව ඉස්සරහට ගත්තු අයගෙන්මයි නේද...​?

:       3       7

subhani Saturday, 26 September 2020 01:00 PM

හැමෝම කෑගහනවා සෞම්‍ය ලියනගේ දක්‍ෂයෙක් නිසා මේ ඔහුට කරලා තිබෙන දෙය හරි නැහැ කියලා. සෞම්‍ය ලියනගේ දක්‍ෂ කලාකරුවෙක් බව ඇත්ත. නමුත් ඇයි ඔහු 2014 වසර වනවිට ආචාර්‍ය උපාධිය නොකරේ?මොකද කියන එක ඔහුගෙන් අහන්නෙ නැත්තේ ඇයි? ඔහුගේ නළුකම සහ විශ්වවිද්‍යාල රැකියාව කියන්නේ දෙකක්. රැකියාවට අවශ්‍ය සුදුසුකම ගන්න එක ඔහුගේ වගකීමක්.

:       1       13

sharm warnTuesday, 29 September 2020 04:26 AM

එතකොට එ් මහත්තයා ඕස්ට්‍රේලියාවේදී කරපු උපාධිය මොකක්ද? ඔහුව ආචාර්ය ලෙස හඳුන්වන්නේ කොහොමද ඔය කියන උපාධිය නොකළා නම්? තලගොයා කබරගොයෙක් කරගෙන වගේ..

:       0       0

කපිල Sunday, 27 September 2020 01:57 AM

මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධිය මොන සුදුසුකම් මතද දීල තියෙන්නේ? UGC එක මොකද කියන්නේ?

:       0       1

kamal Sunday, 27 September 2020 08:36 AM

අර ගණිත ආචාර්ය උපාධිය ගත්ත බේබිට ඕක දෙන්න බැරිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 193 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 98 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 124 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 490 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 172 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 535 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site