(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිසාපතිවරයා ලෙස කටයුතු කළ සෝමරත්න විදානපතිරණ මහතා වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
හෙට (10) දිනයේ හෙතෙම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ වැඩ බාරගැනීමට නියමිතව ඇත.
ඇඹිලිපිටිය මහ විද්‍යලයෙන් මුලික අධ්‍යාපනය ලැබු සෝමරත්න විදානපතිරණ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගත් අයෙකි.
දසවසරක කාලයක් පෞද්ගලික අංශයේ සේවය කර ඇති ඒ ඔහු 1995 වසරේදි ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක්වි ඇත. කොලොන්න, පැල්මඩුල්ල ඇඹිලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි සහකාර ලේකම් ලෙස රාජකාරි කල හෙතෙම රත්නපුර දිස්ත්‍රික් අතිරේක දිසාපති සහ වැඩබලන දිසාපතිවරයා වශයෙන් ද සේවය කර ඇත.
2001 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේද, 2009 වසරේදි ක්‍රිඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් සේවය කල සොමරත්න විදානපතිරණ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් සේවය කිරීමෙන් පසු වව්නියාව දිසාපති ලෙස තේරී පත්විය. ඉන් පසු 2018 ජූලි 09 වැනි දා සිට ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස රාජකාරි කළේය.
ජාතින් අතර එකමුතු කම සහ ආගමික සංහිඳියාව පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන සෝමරත්න විදානපතිරණ මහතා වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලයේ දී කරන ලද ආගමික උත්සව බොහෝ දෙනකුගේ පැසසුමට ලක්ව තිබිණි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සෝමරත්න විදානපතිරණ වනජිවියේ ලේකම් තනතුරට
kamal Tuesday, 09 March 2021 09:03 AM
මෙයත් අපේම කෙනෙක්..
නිලුපුල් Tuesday, 09 March 2021 09:09 AM
රාජ්‍ය සේවයට එක්වෙමින් මහජන සේවය සඳහා කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකළ අප හිතවත් සොමරත්රන විදානපතිරන මහතාගේ නව පත්වීම පිළිබඳව පළමුව සුබ පතමු. සහකාර ප්‍රාදේශීය ලේකම් වරයෙක්, අතිරේක දිසාපති වරයෙක්, දිසාපති වරයෙක්, අතිරේක ලේකම් වරයෙක් වශයෙන් රාජ්‍ය සේවය තුළ කැපීපෙනෙන සේවයක් ඉටුකළ ඔහුට මෙම පත්වීම තුළින් පෙරටත් වඩා ජාතික මෙහෙවරක් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබි ඇතිබව අපගේ හැඟීමයි. එම කාර්යය තවදුරටත් සාර්ථක අයුරින් ඉටු කිරීම සඳහා ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.. ජයෙන් ජය!!