IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සංයුතිය වෙනස් වුණත් හිටි අඩියේ ගෑස් ටැංකි පිපිරීම ඉතා අල්පයි

 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක

(ගයාන් සූරියආරච්චි)
ගෑස් ටැංකියක අඩංගු ප්‍රොපේන් සහ බියුටේන් යන සංයෝගවල සංයුතිය වෙනස් වූ පමණින් එය ස්වාභාවිකව පිපිරී යාමට ඇති ඉඩකඩ ඉතා අඩුබව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක මහතා පවසයි.

යම් හේතුවක් මත ටැංකියකින් ගෑස් කාන්දුවීමක් සිදුවුව හොත් ප්‍රොපේන් වායුව වාතයට වඩා බර බැවින් ටැංකියේ අඩියේ තැන්පත් වන බවත් යම් හෙයකින් ගිනි පුපුරක් ඊට ළං වුවහොත් විශාල තාපයකට ගෑස් ටැංකිය නිරාවරණයවීම නිසා පිපිරීමක් ඇතිවිය හැකි බවත් මහාචාර්යවරයා කීය.

මේ දිනවල හිස් ගෑස් ටැංකිවලට ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් ප්‍රමිතියක් නොමැති හෝ ඉවත දැමූ ගෑස් ටැංකි නැවත භාවිත කළ හොත් එවැනි පිපිරීම් සිදුවිය හැකි බවත් ගෑස් ටැංකියක ඇති පීඩන තත්ත්ව අනුව පුපුරා ගිනි ගැනීමේ අවස්ථා ඉතා අඩුබවත් හෙතෙම පැවැසීය.
අප කළ විමසුමක පිළිතුරු දෙමින් මහාචාර්යවරයා මෙසේද පැවැසීය.

“ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ප්‍රධාන වශයෙන් ප්‍රොපේන් සහ බියුටේන් සංයෝග අඩංගු වන අතර ප්‍රොපේන් සංයෝගයේ තාප අංකය සෙන්ටි්‍රගේ්්‍රඩ් අංශක සෘන 42 ක් සහ බියුටේන් සංයෝගයේ තාප අංකය සෘන 0.4 ක් වශයෙන් ද ඉතා සුළු වශයෙන් බියුටීන් සහ ප්‍රොපීන් යන සංයෝගද පවතිනවා. ගෑස් කාන්දු වූ විට දුඟද හමන ඊතේන් තයෝල් වායු සංගයෝගයද ඉතා කුඩා වශයෙන් ගෑස්වලට එකතු කරනවා. 

ප්‍රොපේන්, බියුටේන් යන වායු පීඩනය වැඩිකිරීම මගින් ද්‍රව බවට පත් කර ගෑස් ටැංකි ලෙස භාවිතයට පැමිණෙනවා.  මෙහිදී ප්‍රොපේන් ද්‍රව බවට පත් කිරීම සදහා වැඩි පීඩනයක් අවශ්‍ය වෙනවා. එම පීඩනය දරාගත හැකි පරිදි එම පීඩනය මෙන් පස්, හය ගුණයකින් ශක්තිමත් පරිදි ගෑස් ටැංකිය නිපදවෙනවා.

ඇමෙරිකාවේ ගෑස්වල සියයට 100 ක් ප්‍රොපේන් සංයෝගය අඩංගු වන අතර නවසීලන්තයේ ගෑස්වල ප්‍රොපේන් සියයට 60 ක්, බියුටේන් සියයට 40 ක් වශයෙන් පවතිනවා. ඉතාලියේ බියුටේන් සියයට 80 ක් සහ ප්‍රොපේන් සියයට 20 ක් වශයෙන් පවතිනවා. මෙහි ඇති අනුපාතය උෂ්ණ සහ සීත රටවල් අනුව වෙනස් කිරීම සිදුකරනවා. 

සාමාන්‍යයෙන් ගෑස් ටැංකියක් ස්වාභාවිකක පිපිරීමට නම් කිලෝ පැස්කල් 6000 කට වඩා පීඩනය වැඩි විය යුතුයි. සියයට 100 ක් ප්‍රොපේන් සංයෝගය අඩංගු ගෑස් සිලින්ඩරයක් නම් සෙල්සියස් අංශක 20 දී එය ද්‍රව බවට පත්කිරීමට කිලෝ පැස්කල් 1000 ක පමණ පීඩනයක් අවශ්‍යවෙනවා. 

ගෑස් ටැංකිය තුළ ආරක්ෂිත වෑලයක් පවතින අතර පීඩනය කිලෝ පැස්කල් 2500 දී පමණ එම වෑලය විවෘතවීම සිදුවෙනවා. ප්‍රොපේන් සහ බියුටේන් සංයුති සහිත ගෑස් ටැංකියක පීඩනය කිලෝ පැස්කල් 1000 ට වඩා ඉහළ යන්නේ නෑ. ” යැයි මහචාර්යවරයා පැවැසීය

 



අදහස් (11)

සංයුතිය වෙනස් වුණත් හිටි අඩියේ ගෑස් ටැංකි පිපිරීම ඉතා අල්පයි

ජන හඩ Wednesday, 01 December 2021 12:11 PM

කිහිප දෙනෙකුට මරණය සහ තුවාලද සිදුවුනා. වෙනත් රටවල නම් එක්කෙනෙක් මැරුණත් මෙය බරපතල ලෙස ගණන් ගන්නවා. මොන උගතා කථා කලත් මේ සත්‍යය වෙනස් කරන්න බෑ. උගතුන් වැඩිවෙලා දැන් රටට වෙලා තියන හරිය මදෑ. ඇත්ත කථා කරන අය ගෙදර යවලා බොරු කාරයින්ට උසස් වීම ලැබෙන ක්‍රමයක් අපේ තියන වග අපි නොදන්නවැයි.

:       3       27

pathiranaWednesday, 01 December 2021 12:40 PM

කතාව ඇත්ත.. මට හරිම පිළිකුලක් ඇතිවුණා. මේ මහත්තයා වචන හරඹයකින් අපේ රටේ මෝඩ ජනතාව නොමග යවන්න ගන්න උත්සාහය දැක්කාම... මේවගේ මිනිස්සුන්ට හිතෙන්නේ නැහැ තමන් ඉගෙනගත්තේ මේ නොමග යවන්න උත්සාහ කරන මෝඩ මිනිස්සුන්ගේ සල්ලිවලින් කියන එක...

:       3       19

samanWednesday, 01 December 2021 12:50 PM

ඔහු කියන දේ නිවැරැදියි.

:       14       3

sena Wednesday, 01 December 2021 12:36 PM

මෙයාගේ කතාවේ යම් ඇත්තක් තියනවා වෙන්න පුළුවන් .පිපිරී යන්නේ ගෑස් ටැංකි නෙවෙයි ගෑස් ටැංකියේ ඇතිවන පීඩනය නිසා ටැංකියට අනුබද්ද උපකරණ .මොකෙන් හරි මැරෙන්නේ මිනිස්සු ඒක ගැන නොසිතා කම්පැනිවලට හුණු ගාන්න යන මෙයාගේ කුස්සියේ තියන මොකක් හරි උපකරණයක් පිපිරුනොත් මෙයාට මොකද වෙන්නේ ?

:       1       24

විමල් Wednesday, 01 December 2021 12:56 PM

ගෑස් ටැංකියට ඔය කියන තාක්ෂණික කරුණු හරි ඇති. ඔය ගෑස් බටයට හා රෙගියුලේටරයට ඔය පීඩනය දරාගන්න හැකිද කියලා සඳහන් කරලා නෑ නේද? කම්පැනි එකෙන්ම කියලා තියනවා නේද අත්හදා බැලීමක් කරන්න ගෑස් සංයුතිය වෙනස් කරලා කියලා. කොහොම වුනත් ගෘහස්ත ගෑස් භාවිතයේදී පිපිරීම් වැඩි වෙලා තියනවා නේද? ලාභ වැඩිකර ගන්න හොර වැඩ කරනවා! ජීවිත එක්ක සෙල්ලම් කරනවා!!

:       2       19

Bunny Preena Wednesday, 01 December 2021 02:35 PM

අත්හදා බැලීම් කරන්න ඕනේ සංයුතිය වෙනස් කරපු අයගේ ගෙවල්වල සහ කම්පැණියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අයගේ ගෙවල්වලයි. නැතිව කම්පැණිකාරයින්ගේ සාක්කු පුරවන අහිංසක පාරිභෝගිකයාගේ ගෙවල්වල නෙමෙයි.

:       1       6

kumara Wednesday, 01 December 2021 02:51 PM

කාටවත් කඩේ ගිහිල්ලා තමන්ගේ තත්වය හෝ ආත්මය පාවා දෙන්න එපා. පුපුරන්නේ ගෑස් ටැංකිය නොව ගෑස් ලිප, බටය හෝ රෙගියුලේටරයයි. මේක මහාචාර්ය වරයාට තේරුනේ නැති වුණාට සාමාන්‍ය මනුස්සයෙකුට තේරෙනවා (කඩේ යන්නවුන් හැර). මේ වාගේ අයට ඔබේ වටිනා පත්තරයේ ඉඩ දෙන්න එපා.

:       1       4

dhamneth Wednesday, 01 December 2021 04:15 PM

අපේ රටේ උගතුන් බොහෝ දෙනෙකුට පොතේ දැනුම පමණයි.

:       0       0

Inoka fernando Wednesday, 01 December 2021 04:21 PM

මේ සම්බන්ධ මහචාර්ය කෙනෙක් කරුණු ඉදිරිපත් කළාම එ්ක පිළිගන්න ඕනේ... මේ කතාව ඇත්ත.. මේ වගේ ප්‍රශ්නත් දේශපාලනීකරණය කරන්න දඟලනවා.. අපට ආරංචි විදියට එක්තරා මාධ්‍ය ආයතනයක ලො⁣ක්කේක් ගෑස් ආයනයක් පිහිටුවන්න මේ දවස්වල ඉහළපෙලේ හෝටල් වල සාකච්ඡා පවත්වනවා. එ්කට ප්‍රසිද්ධ යූටියුබ් නාලිකා කරන මහතතුරු ටිකකුයි පාරිභෝගික අධිකාරියේ මහත්තුරු ටිකකුයි සහභාගි වෙනවා. අනික් එක වැඩියට ටෙන්ඩර් ගත්ත ලොකු පුටු මාරු කරපු එකත් මේකට සම්බන්ධ ද කියලා අපට සැකයක් තියෙනවා..

:       0       0

Inoka fernando Wednesday, 01 December 2021 04:33 PM

අපේ රටේ මිනිස්සු එ් විෂයයන් සම්බන්ධ විශේෂඥවරුන්ට වඩා දන්නවා වගේ කතාව.. මේ රටේ නිතරම ගෑස් කාන්දුවීම් වෙලා අනතුරු සිද්ධ වෙනවා. හැබැයි මෙ සතිය දෙක තුන තුළ එ් සිද්ධි වැඩිවෙලා මාධ්‍යත් හොයලා ගිහින් එවා වාර්තා කරනවා.. හැම දෙයක්ම දේශපාලනීයකරණය කරන මේ රටේ මේ කුමන්ත්‍රණයක්ද කියලත් වෙලාවකට හිතෙනවා. මාරවිල රාත්‍රි තුනට ගෑස් ලිප ගිනිගත්තලු. අදාල නිවැසියන්ට ශබ්දයක් ඇහුනට බැලුවේ නැහැලු... හරි ගෑස් ලීක් එකක්ම කියමු. එතකොට කොහොමද මහ රෑ එතැනට ගින්දර ආවේ..? අනේ මන්දා ඉතින් උභතෝකෝටික ප්‍රශ්න...

:       0       0

Lalith M Wednesday, 01 December 2021 07:30 PM

මොන ආචාරියා වුනත් මහජනතාව පීඩාවට පත්වීම නොසලකා තම මඩිය වෙනුවෙන් කතා කල පොත් පාඩම විතරක් කල කෙනෙක් ලෙස අපි සලකනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 437 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 144 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 155 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 617 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 207 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 649 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site