IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා සිට ඉහළට

(යොහාන් භාසුර)

සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා (23 වැනිදා) සිට ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ද, රෝස්පාන්, බනිස්, කිඹුලා බනිස් සහ මාළුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනයන් රුපියල් 10 බැගින් ද, කේක් කිලෝවක් රුපියල් 100 කින් ඉහළ දැමූ බව කී ජයවර්ධන මහතා බේකරි කාර්මාන්තයට සම්බන්ධ බොහෝ දේවල්වල මිල ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කරමින් කර්මාන්තයේ අනාගතය දෙස බලා මිල ඉහළ දැමූ බවත් සඳහන් කළේය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවේ මෙම මිල ඉහළ දැමීමට විශේෂයෙන්ම මේ වන විට සීනි මිල ඉහළ යෑම මෙන්ම කිලෝ 37.5 විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල මාස දෙකට පමණ පෙර රුපියල් 900 කින් පමණ ඉහළ දැමීම දැඩි බලපෑමක් කළ බවත් පාන් පිටි මිල සුළු වශයෙන් ද ඉන්ධන සහ මාගරින් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන සඳහා වන අමුද්‍රව්‍ය මිල වැටී ඇති බවත්ය.

 



අදහස් (14)

සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා සිට ඉහළට

kamal Thursday, 19 August 2021 01:43 PM

පාන් කන 69 ලක්ෂයට ලක්ෂ 345 ක නවෝදයක් .සුබ අනාගතයක්

:       3       30

rathnayakaThursday, 19 August 2021 04:30 PM

69 ලක්ෂය පාන් කන්නේ නැහැ. 69 ලක්ෂය කන්නේ අසුචි තමයි...

:       0       0

nalin Thursday, 19 August 2021 01:44 PM

අපිටත් කියාවිද දන්නෙ නෑ පාන් නැත්තම් කේක් කන්න කියලා , ඒ තරමට මාර දැනුමක් තියෙන්නෙ මිනිස්සුන්ගෙ දුක ගැන

:       1       32

Rata Perata Thursday, 19 August 2021 01:46 PM

අර 'දැන් සැපද?' කියලා අහපු නාම්බා කොහෙද දන්නේ නෑ ඉන්නේ.

:       2       43

Akila Thursday, 19 August 2021 02:10 PM

එදා වේල හොයාගෙන කන දුප්පත් මිනිස්සු ගැන පුදුම ආදරයක් තියෙන්නේ මේ ආණ්ඩුවට

:       1       22

Ashan Thursday, 19 August 2021 02:20 PM

දැන් පාන් නැත්නම් කේක් කන්ඩත් බෑ . ඒකත් 100 කින් වැඩි වෙලානේ

:       1       17

නලින් Thursday, 19 August 2021 02:26 PM

අර අනුරාධපුරේ නළු මන්ත්‍රී තමයි මේකට විසඳුමක් ගෙන එන්න පුළුවන් මිනිහා. ඒ හාදයා තමයි පරිප්පු ගණන් ගිය වෙලාවේ, හොඳම විසඳුමක් විදිහට ඉරිඟු උයලා කන්න පුළුවන් කියලා හොයාගත්තේ.

:       1       18

siri Thursday, 19 August 2021 02:42 PM

අවුලක් නෑ.සෞභාග්‍යය ගැන හිත හිතා අපි කේක් කමු.

:       1       22

fairoos Thursday, 19 August 2021 03:09 PM

අවුලක් නැහැ යහපාලන ආණ්ඩුව වගේ නෙවෙයි මේ අය

:       0       0

saman Thursday, 19 August 2021 03:22 PM

,මේ රටේ දුප්පත් හා මධ්‍යම පාන්තික ජනතාව මෙතරම් ආර්ථික පීඩනයකට හසුවී ඇත්තේ මේ රටේ තිබෙන බදු ප්‍රතිපත්තියේ ඇති වැරද්දක් නිසා. මේ රටේ ක්‍රීයාත්මක වෙන්නේ පොසතාගේ සුකොපබෝගී භාණ්ඩවලට දුප්පතා බධු ගෙවන ක්‍රමයක්. මේ රට මේ තරම් අසරණ වීමට මේ රටේ ඉහල වැටුප් ලබන සියල්ලන්ම දායක වෙලා ඇති බවක් පෙනෙන්න තියෙනවා. එය සිදුවන්නේ ඉහල වැටුප් ලබන පුද්ගලයනගේ අත මිට ඇති මුදල් අතිරික්තය නිසා ඔවුන් අත්‍යාවශ්‍ය නොවන මිල අදික වාහන සුකොපබෝගී භාණ්ඩ මිලට ගැනීමට පෙලබෙනවා. එවිට ලංකාවේ ධනය පිටරටට ගලාගෙන යෑම නිසා ඩොලරය ඉහල යනවා. එවිට අත්‍යාවශ්‍ය භාණ්ඩ ඉහල යනවා. එවිට බඩු මිල ඉහල යනවා. එහෙම බලන කොට දනවතුන්ගේ බධු වක්‍රව ගෙවන්නේ දුප්පත් මිනිස්සු වගේ පෙන්නේනේ.

:       0       0

Geeth Thursday, 19 August 2021 03:33 PM

දැන් සැපද.?

:       0       0

Demuni Uduwara Thursday, 19 August 2021 04:38 PM

පාලකයින්ට ප්‍රශ්න නැහැ... ඒ ගොල්ලෝ කේක් කනවානේ...!!!

:       0       0

Sri Lanka Thursday, 19 August 2021 05:06 PM

තව කඩ වහපල්ලා.. රටින් ගේන බඩුවලට දවසින් දවස වැඩි කරනවා. දැන් හාල් ගේන්නෙත් පිටරටින්... කෝ කෘෂිකර්ම ඇමැති?

:       0       0

69n ekek Thursday, 19 August 2021 10:12 PM

මොක වැඩි උනත් කමක් නෑ .පුන්නක්කු නම් ගණන් වැඩි කරන්න එපා අපේ බුදු සර්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 123 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1206 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 337 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 174 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 105 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 796 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site