(විනීතා එම් ගමගේ)
රටේ සියලුම ආයතනවල ඒ ඒ ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කෙරෙන “පුරා කුටියක්” (Archicell) ආරම්භ කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සැරසෙයි.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාණය නිරූපණය වන තැනක් එහි පවා නැති බවත් දෙපාර්තමේන්තුවෙන් මෙම කටයුත්ත ආරම්භ කරන බවත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ලංකාදීපයට පැවැසීය.
දෙපාර්තමේන්තුවේ ආරම්භය, අතීතය, අතීතයේ සිටි ප්‍රධානින් ගේ සිට කම්කරුවා දක්වා සියලු දෙනාගේ තොරතුරු එම කුටියේ එක් රැස් කරන බව ද හෙතෙම සඳහන් කළේය.
සෑම පුරා විද්‍යා ස්ථානයකම මෙවැනි කුටි ආරම්භ කරන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එකී ව්‍යාපෘතිය රටපුරා ගෙන යාම තම අරමුණ බව ද කීය.
විශේෂයෙන් වර්තමානයේ බොහෝ තොරතුරු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එක්රැස් කළ හැකි බැවින් විශාල ඉඩකඩක් මේ සඳහා අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල්, ඇතුළු සියලු ආයතවල මෙසේ පුරා කුටි ඇරඹීමට ආරාධනා කරන බවත් ඒ සඳහා දෙපාර්තමේන්තුව යෝජනා කරන්නේ විශාල ඉඩකඩක් නොව කුඩා කාමරයක් හෝ කබඩ් එකක් වුව ප්‍රමාණවත් බව යැයි ද මනතුංග මහතා කීය.
අදාල ආයතනයේ ඉතිහාසය සම්බන්ධ දත්ත සහිත පුරා කුටියක් නිර්මාණය කරන ලෙස පාසල්වලට හා රාජ්‍ය ආයතනවලට ලිඛිත ඉල්ලීමක් යවන බව පැවසූ මහාචාර්යවරයා එහි දී අවශ්‍ය උපදෙස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ල බා දෙන බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සියලු ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කිරීමේ කුටියක් අරඹන්න යයි
මල්ලිකා Monday, 11 January 2021 01:15 AM
සමහර කාර්යාලවල පසුගිය කාලයේ එලදායිතාවය වෙනුවෙන් ලිපි ගොනු විනාශකරනවිට කාර්යාලය ආරම්භ කළ අවස්ථාවේ සිට නඩත්තුකළ ලිපිගොනු හා ලොග් සටහන් පොත් ලේඛණාරක්ෂක පණත් පවා උල්ලංඝනය කරමින් විනාශ කරලා තියෙනවා කියන්න පුළුවනි. මගේ අදහස බොරුනම් රත්නපුර දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් තොරතුරු ගෙන්වා බලන්න. ඒ ගමන් විමසන්න උපදිසාපති නැත්නම් සහකාර ආණ්ඩුවේ ඒජන්ත කාර්යාල ප්‍රාදේශීය ලේකම්කාර්යාල කලේ කුමන වසරේද කියලා...