(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සියලු පක්ෂ නායකයෝ පාර්ලිමේන්තු සංකීරණයට හෙට (11) දහවල් කැඳවනු ලැබ සිටිති.
ජනාධිපතිවරයා ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත රාජාසන කතාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කිරීම මෙම පක්ෂ නායක හමුවේ ප්‍රධාන අරමුණ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම කල්තැබීමේ විවාදය ලබන 19 සහ 20 යන දෙදිනේදී පවත්වන්නැයිද එම පක්ෂ නායකයන් වැඩිදුරටත් ඉල්ලා තිබිණ.
මෙයට අමතරව තවත් වැදගත් කරුණු කිහිපයක්ද මෙම පක්ෂ නායක හමුවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කතානායක කාර්යාලයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ පක්ෂ නායක හමුව ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණත් නොවැළක්විය හේතුවක් මත එය අදට කල් ගියේය.
වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වෙනිදා උත්සවාකාරයෙන් යළි විවෘත කිරීමට නියමිතය. සැසිවාරය අවසන් කිරීමත් සමග අක්‍රිය වූ කමිටු යළි ස්ථාපනය කර පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවීම ඉන් අනතුරුව ඇරඹෙනු ඇත.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සියලු පක්ෂ නායකයෝ හෙට පාර්ලිමේන්තුවට