(රන්ජන් කස්තුරි)
රටපුරා සියලු පාසල් වසා තැබීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව සියලුම පාසල් මෙම 30 වැනි දා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
අද රැස්වී කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව දිවයිනේ සියලු පාසල් හා උපකාර පන්ති අප්‍රේල් 30 වැනි දා තෙක් වසා තැබීමට තීරණය ගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සියලු පාසල් 30 දක්වා වසයි
Rata Perata Tuesday, 27 April 2021 08:55 AM
අර විහිළු ගැසට වගේම තමයි මේවත්. දවස් කීපයකට කළින් ලොකු කතා දැම්මා පාසල් වහන්නේ නැහැ කියලා. දැන් වහලා. මේ ආණ්ඩුවේ ඔක්කොම රිවර්ස් තමයි. හරියට කරුණු හොයලා බලලා ප්‍රකාශයක් කරන්න තරම් වත් මොලයක් නැහැ.
banda Tuesday, 27 April 2021 09:39 AM
සතියක් පාසල් වහලා කොරෝනා අවසන් කරන්ඩ... කරුණාකරලා එන්නත් කරන්න
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 April 2021 10:43 AM
අප මේ තීරණය ගත යුතු බව කල්තියා පෙන්වා දුන්නා. කෙකර ගගා ඉන්නේ නැතිව මුලින්ම මේ වැඩේ කරා නම් ඉවරයිනේ ...
jayarhtna Tuesday, 27 April 2021 10:56 AM
අවුරුද්දට පසුව තවත් සති2ක් එක දිගටම සියලුම පාසල් විවෘත නොකර හිටියනම් මෙච්චර කලබලයක් ඇතිවෙන්නෙ නෑ නේද. ????
aravinda Tuesday, 27 April 2021 11:30 AM
මේ තමයි කොරෝනා අවදානම තිබියදීත් නිදහසේ නෑ ගමන්, සාප්පු සවාරි, විනෝද චාරිකා යමින් අවුරුදු සැමරීමේ ප්‍රතිඵල... මේ තත්වයට වගකිව යුත්තේ රජය නොව, රටේ මිනිසුන්මයි. තමන් අනාරක්ෂිතව සිට, රෝගය පැතිරුණාට පසු, එහි වරද රජයට පැවරීම මිනිසුන්ගේ සිරිත වී ඇත. රටේ මිනිසුන්ට හැමදේම තොත්ත බබාලාට මෙන් ඇඟිල්ලෙන් ඇන කියාදෙන්න ඕනේද?
jagathTuesday, 27 April 2021 12:05 PM
අරවින්ද, ඔච්චර දෙයක් තේරුම් ගන්න පුළුවන් ජනතාවක් ඉන්නවා නම් නඩු 32ක් තියන කෙනෙක්ව ජනාධිපති කරයිද? රජයකට බලය දීලා තියෙන්නේ මිනිස්සු නොදැනුවත් නම් මෙවැනි ආපදාකාරී තත්වයකදී බලය පාවිච්චි කරලා පාලනය කරන්න.
aravindaTuesday, 27 April 2021 01:46 PM
පසුගිය වසර පුරා වසංගතයෙන් ආරක්ෂා වන අකාරය පිළිබඳව රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන්, කෙටි පණිවිඩ ආකාරයෙන් ඕනෑවටත් වඩා ජනතාව දැනුවත් කර තිබුණා. දැන් අවශ්‍ය වන්නේ රටේ මිනිසුන් ලඟට ගොස් ඇඟිල්ලෙන් ඇන දැනුවත් කිරීමද?
mihira Tuesday, 27 April 2021 12:12 PM
තීරණයක් ගන්න කොන්දක් නැති ආණ්ඩුවල් පැයෙන් පැයට ගැසට් ගහනවා.
මුණසිංහ Tuesday, 27 April 2021 12:31 PM
ඕක තමයි අපි මුල ඉඳන් කිව්වේ... නියමිත වෙලාවට හරි තීන්දුවක් ගන්නේ නැතිව නිකං සවුත්තු වෙනවා. මහාචාර්යවරු දෙන්නෙක් ඉන්න අමාත්‍යාංශයක්. වැඩ නම් බිංදුවයි.