(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු සය නිවුන් දරුවන් ලෙස නාරාහේන්පිට නයින්වේල්ස් රෝහලේ දී පසුගිය මස 21 වෙනිදා උපත ලැබූ දරැවන් හයදෙනා මාසයකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා අද (20) රෝහලෙන් පිටව ගියහ.
එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්‍ය මණ්ඩලයේ සෙනෙහස රැකවරණය යටතේ එහි ළදරු දැඩි සත්කාර ඒකකයේ සිටි මෙම දරුවන් නිරෝගී දරුවන් ලෙස නිවෙස කරා පිටව යන මොහොතේ ඔවුන්ට සමුදීම වෙනුවෙන් වන කෙටි උත්සවයක් ද රෝහලේ දී පැවැත්විණි.
ඒ අග්‍රාමාත්‍ය ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේද සහභාගීත්වයෙනි.
ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ටිරාන් ඩයස් මහතා සිදුකළ සිසේරියන් සැත්කමකින් මෙලොව එළිය දුටු මේ සය නිවුන් දරුවන්ගෙන් තිදෙනකු පිරිමි දරුවන් වන අතර අනෙක් තිදෙනා ගැහැනු දරුවෝය.
අයි.ඩී.එච් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග (35) මෙම දරුවන්ගේ දෙමාපියන් වන අතර ඔවුන් දරුවන් සමඟ නිවස බලා පිටව ගියේ ඉමහත් සතුටිනි.
දරුවන්ට අවශ්‍ය විවිධ දෑ ලබාදීම සඳහා අනුග්‍රාහකයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සය නිවුන් දරුවෝ ගෙදර යති
ශුභපැතුම් ! Saturday, 20 November 2021 02:03 PM
ආදරණීය දරුවනි, ඉක්මණින්ම පාස්පෝට් පෝලිමට එකතු වී ඔබේ අනාගතය පැහැබර කරගන්න... හොඳ දියුණු රටකට යන්න..!
SashithSunday, 21 November 2021 08:12 AM
ආදරණීය දරුවනි, කොන්ද පණ නැති මේ වගේ අය වෙන්න එපා. වෙන රටවල් වලින් ඇවිත් අපේ රට හදනකන් බලන් ඉන්නෙ නැති, පොඩ්ඩක් ප්‍රශ්ණ එනකොට ඒවයෙන් පැනල යන්නෙ නැති අය වෙන්න. ප්‍රශ්ණ වලට මුහුණ දීල ඒව දිනන හැටි ඉගෙන ගන්න. කොන්දක් තියෙන මිනිස්සු වෙන්න.
ගමේ එකාලා Saturday, 20 November 2021 04:40 PM
මවටත්, දරු පැටවුන්ටත් සියලු දෙව්පිහිට ලැබේවා. මහචාර්යතුමන් ඇතුලු සියලුම දෙනාට අපගේ ප්‍රණාමය...!!!
Anusha Saturday, 20 November 2021 10:17 PM
ඔයාල 8 දෙනාට බුදු සරණයි ,දෙවි පිහිටයි
Royfedricks Sunday, 21 November 2021 04:25 AM
උත්සවයට කිරි වැරූ එලදෙනෙකුත් ගෙනැල්ලා.මම හිතන්නේ එලදෙන දඩාවතේ යන ගමන් ඔහේ ඉස්පිරිතාලයට කඩා වැදෙන්න ඇති.ඔය සත්තුන්ට මොලේ නැහැනේ.ඔහේ තැන නොතැන නොබලා එනවා.
don Sunday, 21 November 2021 06:00 AM
ආර්ථික ප්‍රශ්න ආවොත් අපිටත් කියන්න.පුළුවන් විදියට උදව් කරන්නම්