(ඉන්දිකා රාමනායක)
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සිව් දෙනකු මෙරවර ධර්මාචාර්ය විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම විභාගය හෙට (8) අනිද්දා (9) සහ (15) යන දින තුළ පැවැත්වේ.
පසුගිය වසරේ පැවැත්වීමට නියමිත තිබු මෙම විභාගය කොවිඩ් 19 වසන්ගතය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වු බවත්, ඒ වෙනුවෙන් ඉහත දින තුන තුළ මෙම විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
මෙම විභාග අපේක්ෂක සිරකරුවන් සිව්දෙනා වැලිකඩ බන්ධනාගාරයේ සුචරිතෝදය දහම් පාසල් විභාග මධ්‍යස්ථානයේ දී විභාගය ට පෙනී සිටින බවද හෙතෙම කියා සිටියේය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්රි යාවලියේ එක් අංශයක් ලෙස දහම් පාසල් අධ්යාවපනය සුවිශේෂි වන බවත්, වැරදිකරුවන් වු මෙම පුද්ගලයන් යහපත් විනයගරුක හා සදාචාර සම්පන්න පුද්ගලයෙකු බවට පත් කිරිමේ පරම අභිලාසයෙන් මෙම ක්රිනයාදාමය සිදු කරනු ලබන බවද හෙතෙම කීය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සිරකරුවෝ හතරක් ධර්මාචාර්යට පෙනී සිටිති
ගමේ එකාලා Friday, 07 January 2022 07:19 PM
අපේ රටේ ඉන්න දූෂිත දේශපාලුවන්ටත් ඔය වගේ විභාගයක් තිබ්බා නම්..?