IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සරත් ගුණරත්නගේ නඩුවේ කොමිසමේ පිටපත් අධිකරණයට එවන්නැයි නියෝග

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමේ සිද්ධියට අදාළව ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ නිර්දේශවල පිටපත් අධිකරණයට එවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු  ශෂි මහෙන්ද්‍රන් මහතා ජනාධිපති ලේකම්වරයාට අද  (17) නියම කළේය.


සිද්ධියට අදාළව බරපතල වංචා සහ දුෂණ සෙවීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි සම්පිණ්ඩ වාර්තා විත්ති පාර්ශවයට ලබාදුන් අවස්ථාවේදී කොමිසමේ නිර්දේශවල පිටපත් තමන්ට ලැබී නැති බවට විත්තියේ නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.


හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු හයදෙනෙකුට එරෙහි නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.


මෙලෙස අධිකරණයේ පෙනී සිටියේ චන්දන පැල්පිට, පියල් අබේසේකර, හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න, ඔහුගේ බෑණා වන උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ, ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ ලක්මිණ මුනිදාස නමැත්තන්ය.


මෙම නඩුව කැඳවන ලබන දෙසැම්බර් 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශන පෙරේරා මහතා පෙනී සිටියේය.


විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ තනුක නන්දසිරි, යොහාන් පීරිස්, භාග්‍යා පීරිස්, ශානක පෙරේරා, සුසිත රණසිංහ, ගයානි විජේසුරිය, තිළිණ මෙන්ඩිස්, උපුල් කුමාරප්පෙරුම, ලාල් කුලරත්න යන මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතීඥවරුන් වන සාලිය පීරීස්, නලීන් ලද්දුවහෙට්ටි යන මහත්වරු පෙනී සිටියහ.
 
 
 



අදහස් (1)

සරත් ගුණරත්නගේ නඩුවේ කොමිසමේ පිටපත් අධිකරණයට එවන්නැයි නියෝග

ranil Wednesday, 17 October 2018 03:00 PM

අවංකවම මේ අය ආසනේට කරපු දෙයක් නැහැ. සාමකාමීව තිබුණු පළාතේ පාතාලයෝ බිහිකළ එක තමයි කරපු ලොකුම වැඩේ... මුන්දැට ධීවර නියෝජ්‍ය ඇමැතිකම ලැබිලත් අඩුම තරමේ බෝට්ටුවක් නවත්වා ගන්න පහසුකමක්වත් සලසන්න උත්සාහ කලේ නැහැ. මීගමුවේ අපේ ට්‍රෝලර් බෝට්ටු ටික තවම අපි පාක් කරන්නේ ස්වභාවධර්මයෙන් ලැබුණු ස්ථානවල. මුන්දැට බැරි වුනා මීටර් 20ක් වත් දිග නැති සුද්දගේ කාලේ හදපු පුංචි පාලම ඉවත්කරලා ටිකක් ඉහළින් අලුත් පාලමක්වත් ඉදිකරන්න. එහෙම කළානම් අද අපිට ට්‍රෝලර් බෝට්ටුවක් හරි කලපුව ඇතුළට අරගෙන නිදහසේ නවත්වන්න තිබුණා. මේ අය කරපු වැඩේ තමයි පාලම එහෙමම තියෙද්දී කලපුව ඇතුලේ තියෙන වැලි හාරලා පාතාලයෝ හරහා විකුණපු එක. ඒ වැඩේ කරලා විතරක් කට්ටිය හොඳට හෙව්වා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 7 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 80 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 324 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 494 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 578 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 638 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 739 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site