IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සරත් - සරත් ගැටී මැතිසබයේ උණුසුම් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ආරක්ෂක අමාත්‍යාංශයේ  වැය ශීර්ෂය පිළිබඳ  විවාදය පැවැත්වෙද්දී  මහජන ආරක්ෂක අමාත්‍ය  විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර  සහ  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන් අතර  ඇතිවූ  බහින්බස්වීමක් නිසා  පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (3) පෙරවරුවේ  ඇතිවිය.

සරත් ෆොන්සේකා තමා නිවටයකු යැයි පැවසූ බව සඳහන් කළ විරසේකර මහතා තමුන්නාන්සේගේ  නිවටකම කුහකකම මුළු රටම දන්නා බවද ප්‍රකාශ කළේය.

"පොලීසියට බොරුවට චෝදනා කරන්න එපා" යැයිද  සරත් වීරසේකර මහතා පැවසීය.

ටින්කරින්  ලසන්ත අත්අඩංගුවට ගන්නැයි  නොකියපු  සරත් ෆොන්සේකා ඔහු ඝාතනය කළ  විට අද දුක් වන බවත් ඒ පුද්ගලයා ඝාතනයට ලක්වූයේ  සඟවා ඇති  ආයුධ සොයද්දී   බවත්  හෙතෙම සඳහන් කළේ‍ය.

මේ අවස්ථාවේදී සරත් ෆොන්සේකා සරත් වීරසේකර මහතාට  විවිධ දේ පවසමින් බැන වදිනු දැකගත හැකි විය.

මේ එහිදී ඇතිවූ සංවාදයයි.

වීරසේකර මහතා :

"ඔයා ඉන්න පොඩ්ඩක්. මට කතා කරන්න දෙන්න. මම ඔයාට විරුද්ධ වුණේ නැහැ. පොඩ්ඩක් නිහඬ වෙලා අහගෙන ඉන්න."

"මෙතුමා ආරක්ෂක ඇමැති වෙන්න සිහින මවනවා. යහපාලන රජයේ  මහජන ආරක්ෂක ඇමැති වෙන්න හැදුවා. නමුත් දුන්නේ නැහැ මිනිහගේ හැටි දන්න නිසා. මෙතුමාට වගේ දූෂණ චෝදනා අපිට නැහැ. වීදුරු ගෙවල්වල ඉඳලා ගල්  ගහන්න එපා."

සරත්  ෆොන්සේකා  මහතා:

මෙතුමා ලයියා කියන දරුණු  අපරාධකාරයාගේ මල්ලි එක්ක ගිහිල්ලා ගොඩනැගිල්ලක් විවෘත කරනවා.මෙතුමා මට නිවටයි කිව්වා  කිව්වා. නිවටයා කවුද කියලා රටේ ජනතාවගෙන් අහන්න.මේ සරත්ද ඒ සරත්ද කියලා.

මේ අවස්ථාවේදී දෙදෙනා අතර යළි බහින්බස්වීමක් ඇතිවිය.



අදහස් (10)

සරත් - සරත් ගැටී මැතිසබයේ උණුසුම් වෙයි

Ranjit Friday, 03 December 2021 03:18 PM

තමන් කරපු කියපු දේවල් තුලින් "පුස් වෙඩි" කියලා අන්වර්ථ නාමයක් හදාගත්තේ කවුද කියලා දන්නෝ දනිති. තවත් මොන කතාද...?

:       3       41

පිටිගල මිලානෝ Friday, 03 December 2021 03:33 PM

යුද්ධය දිනපු සරත් සහ ජිනීවා ගිය සරත් යනු අහස පොළව මෙන් වෙනස් දෙදෙනෙකි. නාවික හමුදාවේද කිසිම කැපී පෙනෙන වැඩක් නොකරපු සරත්ට ලැබුනේ ග්‍රාමාරක්ෂක බලකායයි. ඒකටත් පණදුන්නේ සරත් ෆොන්සේකාගේ මූලිකත්වයෙන් යුත් යුද හමුදාවයි. ඔහුට ජීප් කට්ටක් පවා දුන්නේ යුද හමුදාවයි. ඉන්පසු ඔහු පාර්ලිමේන්තු පැමිණ සරත් ෆොන්සේකාටද පම්පෝරි ගැසුවේ යුද්ධය දිනන්න ඉදිරියෙන්ම ඔහුත් සිටි බවයි. නමුත් ඔහු සරත් ෆොන්සේකාගෙන් ලුණු අැඹුල් අැතිව අසාගත්තේත් එදයි. එක එක්කෙනාගෙන් පින්සේණ්ඩු මුදල් වලින් ජිනීවා ගොස් අපේ රටට වීර චරිතයක් මවාපාන්න ඔහු උත්සාහයක් ගත්තේය. ඔහු ජිනීවා ගොස් රටට වැඩදායක එක් දෙයක් හෝ කලේ නම් මෙහි දක්වන්න. කඩේ යන වේගය කෙසේද යත් ඔහුට ඔහුගේ අමාත්‍ය විෂය පවා අමතක වේ.

:       12       64

චන්දන Friday, 03 December 2021 03:51 PM

ඔබ කෙතරම් දන්නෙ දැයි මම දන්නේ නැහැ. නමුත් සරත් වීරසේකර යනු නැගෙනහිර පළාතේ කොටින්ට එරෙහිව නිර්භීතව සටන් වැදුණු කෙනෙක් බව අපිට අත්දැකීමෙන් කියන්න පුළුවන්..

:       6       2

පිටිගල මිලානෝ Friday, 03 December 2021 11:01 PM

රණබිමේදී ඔහුට වඩා දක්ෂකම් කරපු බොහෝ දෙනා හිටියා. අද්මිරාල් සින්නයියා ඉන් කෙනෙක්. ඔහු තමයි කොටිනැව් සියල්ල ගිල්ලවූයේ.. එ්ත් ඔහුගේ නම සඳහන් වුනේ යුද්ධය ඉවර වී කලක් ගියපසුයි. කෙසේ වෙතත් සරත් වීරසේකර කරන්නේ යුද්ධය දාලා මාරුවුණු කෙනෙක්ට කඩේ යාමයි. එය නිර්භීත සොල්දාදුවකුගේ ක්‍රියාකලාපය නොවේ. එයට හේතුව ඔහු තනතුර සඳහා කඩේයාමයි. එ අතරතුර ඔහුට වඩා ලේකම් කෙනෙක් නම් නැගෙනහිර බිම් හාරමින් දක්ෂ ලෙස මොනවදෝ හොයලා මාට්ටුවුනා කියල‍ා නම් ආරංචියි. මේවා බය නැතුව කරන්න ආවරණය ලබාදුන්නේ කවුද?

:       2       0

චමින්ද Friday, 03 December 2021 09:00 PM

ඇත්තටම යුද්ධය දිනුවේ කවුරු නිසාද කියලා රටම තේරුම් ගෙන අවසන්. ඒ වෙන කවුරුවත්ම නොවෙයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමායි. එතුමාට ඔය අපහාස කරන අය වුණත් ඒ බව හිතයටීන් දන්නවා..

:       2       11

ගමේ එකාලා Friday, 03 December 2021 04:41 PM

කයිවාරු ගැහැව්වාට පොලිස් ඇමතිගේ කැරැට්ටුව ගැන කවුරුත් දන්නවා...

:       4       28

Royfedricks Friday, 03 December 2021 05:06 PM

අනේ අනේ සරත්. පොලිසිය ඔය කියන තරම් බොළඳයිද? ආයුධ හොයන්න ගිහිල්ලා මේ වනවිට කොපමණ පිරිසක් මිය ගියාද? කුමන තරාතිරමේ අපරාධ කරුවෙක් වුවත් අධිකරණය මරණ දණ්ඩනය නියම කරන තුරු පොලිසියට මරාදැමිය නොහැකියි. මේ සුරඟන කතා කියමින් හිතක් පපුවක් නැතුව මිනි මරන්නේ කෙසේද? රෑට කරදරයක් නැතිව හොඳින් නින්ද යනවද?

:       2       30

SUNIL MILANO Friday, 03 December 2021 05:43 PM

මේ සරත් පිටිගල කොලේ වහලා ගහනවා. හිටපු හමුදාපතිතුමාගේ සුදුකොඩි කතාව නිසා තමයි. ජිනීවාවලින් ශ්‍රී ලංකාවට පරිප්පු කන්න සිද්ද වුණේ... ඒවා අමතකද?

:       11       5

පිටිගල මිලානෝ Friday, 03 December 2021 09:10 PM

මම මෙච්චරකල් හෙව්වා අප්පච්චීගේ මූන පිටේ කොටාගත්ත බයියා.....! අදනේ දන්නේ ඔහු ඉන්නේ මිලානෝ කියලා....!

:       2       6

SUNIL MILANO Saturday, 04 December 2021 01:06 PM

අප්පච්චිගේ බයියෙක් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. කොටි ත්‍රස්තවාදීන්ගෙන් අපේ මව්බිම බේරාගත් නිසා... මේ පිටිගල රෙදි අපුල්ලන්නේ... යහපාලනේ බැංකු හොරුන්ටද? නැතිනම් මෙලෝ රහක් නැති ජෙප්පන්ටද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 182 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 93 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 121 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 472 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 168 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 520 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site