(අජන්ත කුමාර අගලකඩ)
සිර දඬුවම් විඳින සහ රිමාන්ඩ් සිරකරුවන් බන්ධනාගාරය තුළ මිශ්‍රවීමට සැලසීම කිසිසේත් නොකළ යුතු යැයි මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව විසින් සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
මේ අතර බරපතළ අපරාධ චෝදනාවලට සම්බන්ධ සැකකරුවන් අධි ආරක්ෂිත බන්ධනාගාරයක තැබිය යුතු යැයි ද එම කමිටුව නිර්දේශ කර තිබේ.
රැඳවියන් හමුවීමට පැමිණෙන නීතිඥවරුන්ට දැනට වඩා ක්‍රමවත් ආකාරයට ඒ සඳහා පහසුකම් සැලසිය යුතු බව ද කමිටුව නිර්දේශ කර ඇත.
බන්ධනාගාරයට එළවළු සැපයීම බන්ධනාගාරය ගොවි පොළවලින් පමණක් සිදු කරන්නැයි ද ඒ සඳහා මහ පරිමාණ ගොවිපොළවල් ඇති කොට රැඳවියන් යොදාගෙන ඔවුන්ට ප්‍රමාණවත් වැටුපක් ලබාදෙන්නැයි ද කමිටුව සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
මේ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විශාල පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාරවල සිටින බැවින් ඔවුන් රෝගීන් වශයෙන් සලකා අනිවාර්යයෙන්ම පුනරුත්ථාපනය කළ යුතු බවට ද කමිටුව නිර්දේශ කර ඇත.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සිරදඬුවම් විඳින - රිමාන්ඩ් සිරකරුවන් මිශ්‍රවෙන්න හොඳ නෑ
damith Tuesday, 12 January 2021 11:07 PM
සුළු වැරැදිකරුවනුත් අපරාධකරුවන් සමඟ එකට තබා ඔවුනුත් පසුව මහ චණ්ඩින් කරන්නේ නැතුව අපරාධකරු අනුව බන්ධනාගාර වර්ගීකරණය කළ යුතුයි. කමිටු නිර්දේශ ක්‍රියාත්මක වෙයිද ඉතින්...?