(මනෝප‍්‍රිය ගුණසේකර)
පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා එම සිසුවාගේ පියාගෙන් රුපියල් ලක්‍ෂ 3 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට ගාල්ල සිරිධම්ම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයාට එරෙහිව පවරා තිබු නඩුවේ චෝදනා ඔප්පු කර නොමැති බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා සියලුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
සිරිධම්ම ජාතික පාසලට පළමු වසරේ සිසුන් 40 ක් සඳහා නව පන්ති කාමර සහිත ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා පාසල් සංවර්ධන සමිතිය සඳහා ලබාගත් මුදල් පාසලේ විදුහල්පතිවරයා ගත් අල්ලසක් නොවන බව තීරණය කළ විනිසුරුවරයා ගාල්ල සිරිධම්ම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයා නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.
රුපියල් ලක්‍ෂ 72 ක් වැය කර පාසලට නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා අඩුපාඩුව තිබු රුපියල් ලක්‍ෂ 3 ක් සොයාගැනීම සඳහා පාසල් සංවර්ධන සමිතිය වෙනුවෙන් ලබාගත් මුදල් සඳහා රිසිට්පතක් නිකුත් කිරීමට ද මත්තෙන් අත්අඩංගුවට පත්වූ බව සඳහන් ගාල්ල සිරිධම්ම ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ගාල්ලේ අම්පේගම පදිංචි නිහාල් ගුරුසිංහ මහතා මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලදී.
2014 අගොස්තු මස 10 වැනිදාත් සැප්තැම්බර් මස 15 වැනිදාත් අතර කාලය තුළ ගාල්ලේ දී ගාල්ල සිරිධම්ම ජාතික පාසලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරමින් එම විදුහලේ පළමු වසර සඳහා දරුවකු ඇතුළත් කර ගැනීම සඳහා වළවේ පල්ලියගුරුගේ සනත් ධර්මප‍්‍රිය නමැත්තාගෙන් රුපියල් ලක්‍ෂ 5 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ 3 ක් ලබාගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා 4ක් යටතේ නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී මෙම නඩුවේ පැමිණිලිකාර සනත් ධර්මප‍්‍රිය නමැත්තාගේ පොඩිපුතා පාසල් සංවර්ධන කටයුතු සඳහා මුදලක් ලබාගෙන සහෝදර පදනම යටතේ සිරිධම්ම ජාතික පාසලට ඇතුලත් කරගැනීමට විදුහල්පතිවරයාගෙන් ඉල්ලීමෙන් පසු පැමිණිලිකරුම ඒ පිළිබඳව එවකට හිටපු අධ්‍යාපන ඇමැතිවරයා දැනුවත් කිරීමෙන් පසුව ඔහුගේ උපදෙස් මත මේ පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇතැයි හෙළිවිය.
පාසලේ ලමුන්ගේ දැඩි තදබයක් තිබූ නිසා අලුතින් පළමු වසරේ පන්තියක් වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවසර දී තිබුණේ ගොඩනැඟිල්ල පාසලෙන් ඉදිකරවා ගැනීමේ පොරොන්දුව යටතේ බවත් ඒ අනුව තට්ටු 4 කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්‍ෂ 70ක් ඇස්තමේන්තු කර තිබූ බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප‍්‍රදීප් ජයකොඩි මහතාගේ හරස් ප‍්‍රශ්න හමුවේ හෙළි වූ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතාගේ විමධ්‍යගත අරමුදල්ද ඇතුලූව රුපියල් ලක්‍ෂ 68 ක් පාසල් සංවර්ධන සමිතිය නමින් ලංකා බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමේ තැන්පත් කර තිබූ ආකාරයත් නඩු විභාගයේදී අනාවරණය විය.
ලබාගත් රුපියල් ලක්‍ෂ 3 ක මුදල සඳහා රිසිට්පතක් නිකුත් කිරීමටත් මත්තෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් විත්තිකාර ගාල්ල සිරිධම්ම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයා විසින් නීතීඥ ප‍්‍රදීප් ජයකොඩි මහතාගේ මෙහෙයවීම යටතේ දුන් සාක්කිය පිළිගැනීමටත් තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවට තීරණය කරමින් සියලුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරු වෙනුවෙන් නීතීඥ ප‍්‍රදීප් ජයකොඩි මහතා පෙනී සිටියේය.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සිරිධම්ම විදුහලේ විදුහල්පති අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්
Lalith Monday, 03 February 2020 11:05 AM
මෙතුමා අත්අඩංගුවට ගන්නකොට දීපු මීඩියා කවර් එක මේකටත් දුන්නා නම් හරි වටිනවා. මෙතුමාට ළමයි ඉන්නවා නම් ඒ ළමයි කොච්චර අපහසුතාවයට පත් වෙන්න ඇතිද?
karuTuesday, 04 February 2020 02:15 AM
බොහෝ විට සිද්ධ වෙන්නේ ඇතැම් මාධ්‍ය මගින් සැකකරුවන් වරදකරුවන් ලෙස සමාජයට හුවා දැක්වීමක් පමණයි. උසාවියෙන් තීන්දුවක් දෙන්න කළින් ඒ පුද්ගලයා වරදකරුවෙන් ලෙස හන්වඩු ගසා සමාජයට පෙන්වා දෙන්නේ හරියටම ඒ ගොල්ලන් නඩුව ඇසුවා වගේ...