IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සිරිපා අඩවියේ රන් දොතලු ගලවා දඩ කයි

(අජිත්ලාල් ශාන්තඋදය)
 
වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති රන් දොතලු පැළ 60 ක් ගලවා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් වරද පිළිගැනීමෙන් පසු රුපියල් 10,000 දඩයක් ගෙවන ලෙස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් ඩි.ඩී.එස්. වීරවර්ධන මහතා අද (18) නියෝග කළේය.
 
මෙසේ දඩ නියම වුයේ ගිලීමලේ, කැටවල පදිංචිකරුවකුටය. සමනල ස්වභාව රක්‍ෂිතයට යාබද සිරිපා අඩවියේ මොරන්ගල, කන්දෙගල කැලෑවෙන් ගලවා ගෙනවිත් තිබූ රන් දෝතලු පැළ 60ක් සැකකරු සන්තකයේ තබාගෙන තිබේ.
 
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ සමනල ස්වභාව රක්‍ෂිතයේ අඩවි ආරක්‍ෂක ඩී.පී. සියාසිංහ මහතා පැවසුවේ මෙම රන් දෝතලු ශ්‍රීලංකාවට ආවේනික වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාකයක් බවයි.
 
සැකකරු සිරිපා අඩවියේ මොරන්ගල, කන්දෙගල කැලෑවට ගොස් මෙම රන් දෝතලු ගස්වල පැළ ගලවා සිය නිවසට ගෙනවිත් මුහුණු පොතේ ඒ විස්තර ඇතුළත් කර තිබියදී කළ විමර්ශනයකින් පසුව අත්අඩංගුවට ගත් බවද කීවේය.
 
මෙම රන් දෝතලු මිනිස් වාසයේ ඈත සීත පරිසරයක් සහිත දේශගුණයක පැළවෙන බවත්, ඒවායේ පරිසරය වෙනස් කළහොත් පැල නොවන බවත් එය වනසත්ව හා වෘක්‍ෂලතා ආඥා පනතට අදාලව වරදක් බවද කීවේය.
 
‘ශ්‍රීපාද අඩවියට පමණක් ආවේනික ඉතා දුර්ලභ රත් දෝතලු සොයා ගිය ඉතාමත් දුෂ්කර ගමනක, අතිසාර්ථක ගමනක ප්‍රීතිමත් අවසානය...’ යනුවෙන් සටහන් කර ඡායාරූපද සමග  සැකකරුගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබු බවද පැමිණිල්ල ඉදිරිපත් කළ වනජීවී අඩවිආරක්‍ෂක නිලධාරියා පැහැදිලි කළේය.
 
එම ෆේස්බුස් සටහන සම්බන්‍ධයෙන් ලද තොරතුරක් අනුව කළ විමර්ශනයකින් පසු සැකකරු සහ ඔහු විසින් ගලවන ලද රන් දෝතලු පැළ 60 ක් අත්අඩංගුවට ගත් බවද කීවේය.
 
වරද පිළිගත් විත්තකරුගේ නීතීඥවරයා පැවසුවේ ඔහු මේවා පැලකර විහාරස්ථානවලට ලබාදිමේ අරමුණ ඇතිව ගෙන ආ බවයි.
 
දෙපාර්ශවයේ කරුණු දැක්වීම්වලට අවදානය යොමුකළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට රුපියල් දස දහසක දඩයක් නියම කළේය.

 



අදහස් (3)

සිරිපා අඩවියේ රන් දොතලු ගලවා දඩ කයි

kamal Wednesday, 20 January 2021 02:05 AM

මේක විහාරස්ථාන වලට දෙන්න හිතාගෙන කරපු නිසා මෙයාව නිදහස් කරයි. මතකද සිල්රෙදි බෙදුවා. උපාසක මහත්තයෙක් වත් නිදහස් කළා.

:       1       0

Jay Wednesday, 20 January 2021 04:16 AM

පැල ගලවපු කෙනාට දහ දාහයි, පොල් ගෙඩියක් හොරකම් කරපු කෙනාට ලක්ෂයක ශරීර ඇප. මොන කාලෙ නීතිද මන්දා...?

:       0       7

කොටියා Wednesday, 20 January 2021 05:17 AM

බුදු අම්මෝ රු 100000. කොහොම ගෙවන්නද ඔය මනුස්සයා?. ඔච්චර දඩ ගහන්න හොඳ නෑ. ඊට පස්සේ මිනිස්සු ඔය වගේ ලොකු දඩ ගෙවා ගන්න බැරිව හිරේ යනවා අවුරුදු ගාණකට. හිර ගෙදර ඉඩත් නෑ මේ වගේ ලොකු ලොකු දඩ ගෙවා ගන්න බැරි මිනිස්සු එකතු වුණාම. පැළ 60ට රුපියල් 60ක් ගැහුවා නම් වැඩිත් එක්ක...

:       4       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 616 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 501 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1736 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site