IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


සැරබීම නිෂ්පාදනාගාර තවත් තුනකට අවසර ?

(රංජන් කස්තුරි)

මහා පරිමාණ ව්‍යාපාරිකයන් තිදෙනකුට අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තුනක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි..

ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි මේවන විට සකස් කර ඇති අතර එම බලපත්‍ර මේ මස 31 වැනිදිනට පෙර නිකුත් කිරීමට නියමිත බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට මත්පැන් නිෂ්පාදනයේ නිරත මහාපරිමාණ ව්‍යාපාරිකයින් තිදෙනකුට අලුත් නිෂ්පාදනාගාර තුනක් පවත්වාගෙන යාම සඳහා මෙම බලපත්‍ර නිකුත් කරන බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග තහවුරු කළේය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනාගාර 25ක් ක්‍රියාත්මක අතර ඇතැම් මත්පැන් නිෂ්පාදකයින් බදුවංචා සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (20)

සැරබීම නිෂ්පාදනාගාර තවත් තුනකට අවසර ?

Kumara Thursday, 23 December 2021 04:04 PM

මතට තිත. බම්බුව තමයි.

:       1       46

RamaThursday, 23 December 2021 05:21 PM

බැසිල්ට තිත? ඒකට නම් කාලේ හරි.

:       0       1

BamunuarachchiFriday, 24 December 2021 07:23 AM

මොන බම්බුවකටද මතට තිත තියන්නේ? බොන එකා බොයි... නොබොන එකා අර කොළඹ ඉස්පිරිතාලෙක බිත්තියේ හෘදරෝග වළක්වා ගන්න කියාදී තිබෙන ෆැන්ටෑස්ටික් ක්‍රම 7 න් 7 වෙනි ක්‍රමය කියෙව්වාම, නැතිනම් දොස්තර කීවාම බොන්න පටන් ගනී. බීම වන කරගන්න එකයි වැරැද්ද... කටාර් ලිකර් විකුණන සුපර් මාකට් එකේ තිබුණු බැරැන්ඩි මිල රුපියල්වලින් 280000. තව මිල අධික ඒවත් තිබෙනවා...

:       1       1

Sunil Thursday, 23 December 2021 05:11 PM

කන්න නැතිනම්, පාරෙ වැටෙනකන් බොන්න හරි දෙන්න.

:       0       1

ravin Thursday, 23 December 2021 06:02 PM

ඒක තමයි... එක්කෙනෙක් පහුගිය දිනවල නිතර උඩුබුරන්න පටන් ගත්තේ. බිව්වාම සමහර පිරිමි උදවියට ගෙදර අමතක වුණාට ස්ත්‍රී පක්ෂයට අමතක වෙයිද? නුඹලා බීපු තරමට අපිට රජ මගුල්..

:       0       22

Indhika Thursday, 23 December 2021 06:12 PM

කන්න නැතත් බොන්න තියෙනවා....

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 23 December 2021 06:54 PM

කඩේ යන එහෙයියන්ට මේවාට විරුද්ධ වීමට කශේරුකාවක් නැහැ. මිනිසුන් මේවා බීලා හදාගන්න ලෙඩරෝග වලට බෙහෙත් කිරීමට වැයවන්නේ ජාතික ධනය. ඒ කෙසේවෙතත්, දේශපාලකයින්ට වුවමනා වන්නේ, මත්පැන් නිෂ්පාදකයන්ගේ මඩිය තරකිරීම පමණයි.

:       0       1

Prabha Thursday, 23 December 2021 08:50 PM

ඔන්න රටේ තියෙන දැවෙන ප්‍රශ්නවලට නියම විසඳුම්... කවුද කියන්නේ සර් ෆේල් කියලා.

:       1       23

සෙනෙවිරත්න Thursday, 23 December 2021 08:58 PM

මේවා හදලා අපනයනය කරලා ඩොලර් හොයපල්ලා, මේකේ ඔවුන්ගේම කැවුතු දියකරන්නේ නැතුව...

:       0       20

BamunuarachchiFriday, 24 December 2021 07:26 AM

මොකක්ද එ්කේ ඇති වැරැද්ද? ඇමරිකාවේ ජැක් ඩැනියෙල් මෙහෙ එනවා නම්, ස්කොට්ලන්තෙන් ෂිවාස් රීගල් මෙහෙ එනවා නම්, අපේ ඩබල් ඩිස්ටිල් එහෙ ගියාම මොකෝ? මෝඩ කතා කියන්න එපා හලෝ...

:       2       0

nalaka Thursday, 23 December 2021 09:36 PM

අඩුමගානේ තරුණ පරම්පරාවවත් බේබද්දන් නොවුණොත් මේ රටගැන යම් අනාගත බලාපොරොත්තු තිබිය හැක.

:       0       22

BamunuarachchiFriday, 24 December 2021 08:44 AM

මිනිස්සු බේබද්දන් වෙන්න තිබෙන නිසා බීලා නොවෙයි හලෝ... එහෙනම් ලෝකෙට මත්පැන් නිෂ්පාදන කරන ස්කොට්ලන්තේ, ඇමරිකාව, ප්‍රංශය බේබද්දන්ගෙන් පිරිලා විනාශවෙලා තිබෙන්න එපායැ. ඕගොල්ලොත් රේස් අශ්වයින්ට වටපිට නොපෙනෙන්න දාන දේවල් දාගෙන ප්‍රශ්න දිහා බලන්න එපා. විවෘත මනසකින් බලන්න.

:       6       3

සමන්තFriday, 24 December 2021 09:56 PM

ඔබතුමා නිවැරැදි අපේ රටේ මිනිසුන් දන්නේ නෑ මත්පැන් පානයත් එක් කලාවක් කියලා. ඒකට සමාගම්වත් රජයවත් නෙමේ වැරදි නුගත් මිනිසුන්. ලංකාවේ මත්පැන් බොන්නේ තිබහට වතුර බොනවා වගේ. නමුත සුද්දා බොන්නේ සතුටු වෙන්න. පිටරටවල් වල සෑම කඩේකම මත්පැන් විකුණන්න තිබ්බා කියලා ලංකාවේ වගේ පිස්සෝ නෑ. බෞද්ධයන් 95% කටත් වඩා සිටින එසේම මෙරටට දෙවරක්ම උපසම්පදාව වැඩම කල තායිලන්තයේ සෑම තැනම මත්පැන් අලවි කරයි. මුලින් මෙරටට මිනිසුන්ගේ ආකල්ප වෙනස් කල යුතුය.

:       1       1

Rohana Thursday, 23 December 2021 10:06 PM

රටේ තිබෙන මත්පැන් නිෂ්පාදනය මදිවෙලාද අළුතින් තවත් නිෂ්පාදනාගාර ඇතිකරන්නේ..? රටට අවශ්‍ය කර්මාන්ත වලපල්ලට යවන අතරේ මත්පැන් කර්මාන්තයට මෙතරම් ව්‍යාප්ත කරන්නේ බේබද්දන් වැඩිකරන්නද?

:       1       13

Perera Friday, 24 December 2021 12:45 AM

අරක්කු ජොනියා ගොඩේ ගොඩ..!!!

:       0       1

Kamal Friday, 24 December 2021 06:46 AM

පොහොට්ටුවට ඡන්දය දීපු බේබදු ජනයාගේ බලාපොරොත්තු ඉටු කර ඇත.

:       0       2

සමන්ත Friday, 24 December 2021 07:48 AM

මේ මිනිසුන් ගොඩක් ඒක වැරදි විදහටයි දකින්නේ. අපේ රටේ මිනිසුන් වතුර තිබහට වතුර බොනවා වගේ මත්පැන් බිව්වාට ඒකට කවුරුත් පලි නෑ. අප සිටින රටවල්වල මත්පැන් සාමාන්‍ය බීමවර්ග වගේ සෑම කඩයකම ගන්න පුලුවන්.. ඒත් අපේ රටේ වගේ වෙරි වෙනකම් බොන මිනිසුන් නෑ. මත්පැන් පානයද ආහාර කලාව වගේම කලාවක්. මුලින් මේ මිනිසුන් තමන්ගේ ආකල්ප වෙනස් කරගත යුතුයි. මත්පැන් බොන්නේ විනෝදයට මිසක් බඩගින්නට හෝ තිබහට නොවන වග...

:       0       1

chinthana Friday, 24 December 2021 12:09 PM

මත්පැන් හදලා රට යවන්න ඕනෑ. සුද්දෝ හරි ආසයි ගල් අරක්කු වලට..

:       1       3

Sriland Friday, 24 December 2021 12:22 PM

සුද්දගේ ව්‍යාපාර එදත් හොඳින් ක්‍රියාත්මක වුණා, අදත් එහෙමයි. අපේ අයට වෙන්නේ බෝතල් එකතු කරන්න තමයි.. දේශීය කියාගෙන එන ඔක්කොම කරන්නේ විදේසෙට...

:       0       3

Bunny Preena Monday, 27 December 2021 09:16 AM

සුමිහිරි පානේ පදමට ගහලා.හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 894 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 218 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1568 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 1995 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1907 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 260 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site