IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සුර්ය බලශක්තියෙන් විදුලිය මිලදී ගැනීමට ඩීසල් මාෆියාවෙන් බාධා

 

(විනීතා එම් ගමගේ)

           

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ රජයේ ඉලක්කයන්ට ලඟා වන්නට නම් මෙගා වොට් 200 ක සූර්ය බලශක්ති පැනල නිවාස වහල මත ඉදිකළ යුතුව ඇතත් එම ව්‍යාපෘතිය ඉතාමත් මන්දගාමී ලෙස ක්‍රියාත්මක වන්නේ යැයි සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් ලක්මල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ  කළේය.

ආසන්න වශයෙන් ඉදිරි වසර 10 ඇතුළත වහල දෙලක්ෂයක පමණ සුර්ය බලශක්ති පැනල සවිකළ යුතු යැයි කී ප්‍රනාන්දු මහතා 2030 වසරේ ඉලක්කය වන 80% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරාගන්නට නම් වහල මත ඉදිකරන සූර්ය බලශක්ති පැනල වලට අමතරව ජලයේ හා භූමිය මත ද බලශක්ති පැනල සවිකර සූර්ය බලශක්තිය සපයා ගත යුතු යැයි කියා සිටියේය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (9) පැවැති සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ අදහස් පළකළේය. 

ගිගා වොට් 5 ක සුර්ය බලශක්තිය 2030 වනවිට තිබිය යුතු අතර එයින් ගිගා වොට් 2 ක් වහල මත සවිකරන පැනල මගින්ද ගිගා වොට් එක හමාරක් ජලය මත සවිකරන පැනල  මගින් ද ගිගා වොට් එක හමාරක් භූමියේ ඉදිකරන පැනල මගින් ද ලබා ගත යුතු බව හෙතෙම කියා සිටියේය.

2025 වසර වනවිට වහල දසලක්ෂයක් මත සූර්ය බලශක්ති පැනල සවිකිරීමේ ඉලක්කයක් ඇතත් රජයට එයින් මේ වනවිටත් සවිකළ හැකි වී ඇත්තේ නිවාස 25,000 පමණක් යැයි ද ප්‍රනාන්දු මහතා පැවැසීය.

සූර්ය බලශක්ති ප්‍රවර්ධනයට ඇති බාධක පිළිබඳව අදහස් දැක්වූ ලේකම්වරයා වහල මත සවිකරන සූර්ය බල පද්ධති වෙනුවෙන් වු අයැදුම්පත් සඳහා අනුමැතිය ලබා දීම ප්‍රමාද වීම මෙන්ම එම පද්ධති සවිකිරීමට බලාපොරොත්තු වන ජනතාවට බැංකු ණය ලබාගැනීමේ දී සිදුවන බාධාවන් ද මෙම ව්‍යාපෘතිය සඳහා බලපා ඇතැයි හෙතෙම කියා සිටියේය.

ඩීසල් හා ගල් අඟුරු ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය ලබා දීමද, ආසියානු සංවර්ධන බැංකු ණය පහසුකම් යටතේ සූර්යබල පද්ධති අයැදුම්කිරීමේ දී  නැවත නොගෙවන රුපියල් 156,000 අධික මූලික ගෙවීමක් කිරීමට සිදුවීම ද බාධාවන් බවට පත්ව ඇතැයි ඔහු සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය පාඩුවට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ආනයනික පොසිල ඉන්ධන මත පදනම් වූ තාප බලාගාර වන බැවින්  ඉදිරි වසර 10 තුළ ගිගාවොට් 5 කට ආසන්න විදුලිය ප්‍රමාණ්‍යක් සූර්යබල පද්ධතිවලින් ජනනය කිරීමට ඇති අවස්ථාව පැහැර හැරීම ලංකා විදුලිබල මණ්ඩලයට පමණක් නොව සමස්ත ආර්ථිකයටම ඉතා අහිතකර වන්නේ යැයි ද ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

විදුලි ගාස්තු ඉහළ දැමීමකින් තොරව විදුලි බල මණ්ඩලය ලාභ  ලබන තත්ත්වයට පත් කළ හැකි යැයි ද පාඩුවලට හේතුවන ඩීසල් හා ගල් අගුරු බලාගාරවලින් ලබා ගන්නා විදුලිය සීමා කීරීමෙන් ම එය සිදුකර ගත හැකි යැයි ද සූර්ය බලය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් විදුලිය මිල දී ගැනීමෙන් මණ්ඩලය පාඩු නොලබන තත්ත්වයට ඉතා  පහසුවෙන් පත් කළ හැකි යැයි ද ඔහු කියා සිටියේය.

වහලය මත සවිකරන සූර්ය බලශක්ති පද්ධතිවලින් සැපයෙන විදුලිය සඳහා ගෙවනු ලබන මිල පහත හෙලීමට රජයේ ඉහල නිලධාරින් පිරිසක් එක්ව පිඹුරුපත් හදා ඇතැයි වාර්තාවන්නේ යැයි ද මැතිවරණයෙන් පසු ඊට අතගැසීමට මෙම පිරිස සූදානමින් සිටින්නේ යැයි ද පැවසූ ප්‍රනාන්දු මහතා විදුලිබල පනත උල්ලංඝනය කරමින් ඩීසල් විදුලිය මිල දී ගැනීම පිටුපස සිටින නිලධාරින් අතලොස්ස පුනර්ජනනීය විදුලිබල කර්මාන්තය විනාශ කිරීමට කුමන්ත්‍රණය කරන්නේ දැයි සොයා බැලිය යුතු බව ද පැවසීය.

සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කුෂාන් ජයසූරිය, එහි උප සභාපති පරාක්‍රම ජයසිංහ යන මහත්වරුන් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           



අදහස් (8)

සුර්ය බලශක්තියෙන් විදුලිය මිලදී ගැනීමට ඩීසල් මාෆියාවෙන් බාධා

Edirimaanna Thursday, 09 July 2020 11:38 AM

ආයේ අමුතුවෙන් සොයාබලන්න දෙයක් නැහැ... මේක ජනප්‍රිය රහසක්.. මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් සහ මුදල් අමාත්‍යාංශයේ පිරිසක් එක්ව සූර්ය බල සංග්‍රාමයට අකුල් හෙළනවා. කොමිස් කුට්ටි නැතිවන නිසා.. නම් ගම් ඇතිව ලුණු ඇඹුල් එක්ක දෙන්නම් ඕනෑනම්... මමත් සූර්ය පැනල අරගෙන අනාථ වුණු කෙනෙක්. මේවාට හෙණ ගහනවා.

:       0       145

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 July 2020 11:50 AM

හොඳින් හිරුඑළිය තිබෙන රටක් වන අප රටේ තිබෙන හිරු එළියේ ඇති ශක්තිය විදුලිය බවට හරවා ගතහොත් එයින් සමස්ත විදුලිබල ධාරිතාවට විශාල විදුලි ප්‍රමාණයක් එකතු කර ගැනීමට හැකියි. එසේ වුවත්, එයට බාධාකරන කුමන්ත්‍රණකාරීන් එසේ කරනුයේ, ඔවුන්හට ඩීසල් විදුලි බලාගාර වලින් හා ගල් අඟුරු බලාගාරවලින් සන්තෝසම් ලැබෙන නිසා විය යුතුය.. නොඑසේ නම්, එසේ බාධා කරනුයේ කුමකටද? එය එසේ වුවත්, ඔවුන් එසේ කිරීමේදී රටට වෙන පාඩුව සුළුපටු නොවේ.. එබැවින්, මේ සූර්ය විදුලිය බල ව්‍යාපෘතියට ඇති බාධා වහා ඉවත්කොට රටට සූර්ය බලශක්තියෙන් විදුලිය නිපදවීමේ ක්‍රමවලට නිසි තැන ලබා දිය යුතුයි. එය රටේ යහපත පිණිසයි.. එසේ සිදුකළ හොත්, විශාල මුදල් සම්භාරයක් රටට මෙන්ම ජනතාවට ද ඉතිරි වේ.. එමෙන්ම, අපතේ යන විශාල සූර්ය ශක්ති ප්‍රමාණයක් අපගේ ප්‍රයෝජනයට ගත හැකි වීමයි... එය සුළුපටු කාරණයක් නොවෙයි.. ඒ සඳහා නොපමාව නිසි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි.. කුමන්ත්‍රණකාරීන් පරාජය කළ යුතුය....

:       0       332

පුත්තලම - නලින් හෙන්දුරුගොඩ Thursday, 09 July 2020 12:16 PM

මේ පුවත ඉතා සත්‍ය කථාවකි. පුත්තලම අපට වසරේ වැඩි කාලයක් ඉතා තද අව්ව. වහලවල් සිය ගණනාවක් තියෙන පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, වව්නියා, මන්නාරම වැනි ඉතා තද අව්රශ්මිය පතිත වන මේ ප්‍රදේශවලින් විශාල ලෙස සූර්ය පැනල මගින් බලශක්තිය ලබාගත හැකියි. වගකිවයතු බලධාරින් මේ පිළිබඳව සොයාබැලිය යුතුයි. මේ වෙනුවෙන් තවත් සහන ජනතාවට ලබාදීලා අඩු මුදලකට මේ සූර්ය පැනල් සවිකර ගැනීමට රජය කටයුතු කළත් එය විශාල බල ශක්තියක් අපේ රටට නිෂ්පාදනය කර ගත හැකිවේවි...!!!

:       0       208

චමින්ද Thursday, 09 July 2020 12:58 PM

මෙම ක්‍රමයට බාධාකරන්නේ නිවෙස්වල සවිකල පැනල මගින් මණ්ඩලයට විදුලිය දෙන්න ගියොත්නේ... බැරිද මේ වෙනුවට නිවාසයට ප්‍රමාණවත් තරමට පැනලා සවිකරන ක්‍රමයක් ඇතිකරන්න. එවිට මණ්ඩලයෙන් ඉල්ලන්න ඕනෑ නැහැ නේද? ගම් මට්ටමේ විදුලි සමිති ඇතිකරන ක්‍රමයක් වුණත් වරදක් නැත. මණ්ඩලයේ විදුලිය ගත්තත් සතියකට හත් අටවරක් විදුලිය බිඳවැටෙනවනේ...

:       0       70

Rohana Thursday, 09 July 2020 01:17 PM

විදුලිබල මාෆියාව සමග කොමිස් කුට්ටි ගැහිලිවලට ආණ්ඩුව ඉඩදෙන්නේ ඇයි? 2/3 ලැබුණත් මේවා නැතිකරයිද? රට ආපස්සට යන්නේ මෙවැනි වැඩ නිසයි...

:       14       106

Appuhami Thursday, 09 July 2020 06:41 PM

මේක හොඳ ලාභදායී, පරිසර හිතකාමී වැඩක්... නමුත් මේකට අකුල් හෙලන්නේ කොමිස් කුට්ටි කන ආණ්ඩුවේ ලොක්කන් තමයි. ජනාධිපතිතුමාගේ විශේෂ අවධානමක් ලබාදිය යුතුයි.

:       0       0

සේන Friday, 10 July 2020 05:02 AM

හරියට හොයලා බැලුවොත් විදුලිබල මණ්ඩලය හරියට මත්ද්‍රව්‍ය නාශක ඒකකය වගේ කියලා දැන් ගන්නට ලැබේවි. විදුලි කණුවේ සිටම කොමිස් ගැහිල්ල ජයටම යන තැනක්ලු. පිරුණු වැව් සතියෙන් දෙකෙන් හිඳීයන තත්වය දක්වා මේ මගඩි දිග් ගැහිලා තියෙන්නේ... හැබැයි දිනයක මේකත් ශුද්ධ වේවි කියා සිතනවා. සූර්ය බල ශක්ති පද්ධතිය තාම ඉතා ඉහළ මිලකින් යන්නේ. ඒක දරාගන්න අමාරුයි සාමාන්‍ය ජනතාවට..

:       0       36

kamal Sunday, 12 July 2020 05:41 PM

පැනල්වල මිල ඉතා අධිකයි. ලක්ෂ 4ට වඩා වැඩියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 647 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 540 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1805 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site