(නිමන්ති රණසිංහ)
රාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
මෙම සිද්ධියටම අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද 15 පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක අංක 1 ට පැමිණෙන ලෙසට දැනුම් දීමක් කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි .
මෙයට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ව ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැදවූත් එතුමා එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණීයේ නැත.
තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් එය වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමා ඉකුත් නොවැම්බර් 02 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම ඉකුත් 08 වෙනිදා සළකා බලමු ලැබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සිරිල් ගාමිණි පියතුමා අද සි.අයි.ඩි.යට
Bamunuarachchi Monday, 15 November 2021 02:07 PM
මොකක්ද මේ විකාරය? මෙයා වීරයෙක් වෙන්නයි හදන්නේ. ෂහරාන් එක්ක බුද්ධි නිලධාරියෙක් සම්බන්ධකම පැවැත්තුවා කියන එක ඇත්ත නම් බය නැතුව ඇවිත් උත්තර දෙන්න. මොකද හැංගෙන්නේ...? ඔබේ ඒ ප්‍රකාශය නිසා අර බුද්ධි අංශ නිලධාරියාට වුණු මානසික බලපෑම ගැනත් හිතන්න. පල්ලියේ මොනවා කිව්වත් කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ආගමේ ඉගැන්වීම නිසා. ඒවා එළියේ හරියන්නේ නැහැ. අපි ප්‍රශ්නකරනවා ඔබ කොහොම ද ගන්නේ ඒ ගැන අපිට කියන්න කියා.
DILUM Monday, 15 November 2021 02:45 PM
බෝම්බ ගහපු උන් නිවැරදි වෙලා බෝම්බ කාපු එවුන් වැරදි වෙන්නයි යන්නේ
sharm warn Monday, 15 November 2021 02:57 PM
හොරු නිදහස් කරලා සභාපතිකම් දෙන ආණ්ඩුවක් යටතේ පියතුමා උසාවි නියෝගයක් ගන්න ගිය එක ගැන කාට හරි අමාරුවක් තියනවද ?බුද්ධි අංෂ නිලධාරියා ට එයාගේ පව්ලේ ය ගැන හැදිච්ච රුදාව මැරිච්ච 300 ගැනවත් සදාකාලිකව අභාදීත වෙච්ච අය ගැනවත් පහල වුනේ නැද්ද ?පියතුමාට ඇත තිබ්බානම්
BamunuarachchiMonday, 15 November 2021 06:47 PM
හලෝ ඕක කියන්න දෙයක්ද? බුද්ධි අංශ නිලධාරියාට එයාගේ පවුල් ලොකුයි එ්කේ කියන්න දෙයක් නැහැ. ඔය අනතුර වෙන්න කලින් දිනය, වෙලාව සිදුවෙන ස්ථාන බුද්ධි අංශ කලින් කිව්වා ඒවට සුදුසු කටයුතු කලේ නැතිනම් බුද්ධි අංශ නිලදාරීන් තම පවුල බලා ගන්නේ නැතිව වෙන මොන බම්බුවක් කරන්නද? බුද්ධි අංශ නිලධාරින්ට ඇඟිල්ල දික්කරන්නේ පල්ලිවලට බෝම්බ්ගහනවා කියලා දැනගත්ත ක්‍රිස්තියානි කාරයෝ පල්ලි නොගොසින් හැන්ගුණා... ඒ ගැන කතා කරන්නකෝ...