IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සුරාසැල් විවෘත කිරිම රජය ගත් අනුවණ පියවරක්

(රෝහණ සමරවීර)

අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් ඇතුළු නිලධාරීන් කොරෝනා මර්ධනය මැඩපවත්වන්න  තුන් මසක් තුළ ගත්  ක‍්‍රියා මාර්ග අති විශිෂ්ඨයි. එවැනි අවස්ථාවක රටේ  සුරාසල් විවෘත කිරීමට  රජය ගත් ක‍්‍රියා මාර්ග ඉතා අනුවන ක‍්‍රියාවක් යැයි ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී සෝභිත හිමියෝ මෙසේද කීහ.


'මේ රටේ සුරාසැල් බලපත‍්‍ර හිමි වැඩි දෙනා දේශපාලඥයන්.  හිටපු  ඇමැතිවරු. හිටපු මන්ත‍්‍රිවරු මෙන්ම ඔවුන්ගේ බිරින්දැවරු ඥාතිවරුයි. එහෙම නම් කාගේ උවමනාවටද මේ සුරාසැල් විවෘත කරන්නේ.
මහජන සංවිධාන වලින් ඉල්ලීමක් කළාද. මහජන සංවිදාන විරෝධතා දැක්වූවාද සුරාසැල් විවෘත කරන්න කියලා. නැහැ ජනතාව ඉල්ලන්නේ හාල්ටික පොල් ටික ඇතුළු ආහාර ටිකයි බෙහෙත් ටිකයි. ප‍්‍රවාහන වගේ මූලික අවශ්‍යතා පමණයි. සුරාසැල් ජනතාව ඉල්ලූවේ නැහැ. ජනාධිපති තුමන් සෞඛ්‍ය අංශයේ මෙන්ම තිවිධ හමුදා නිලධාරීන් පොලිසිය ඇතුළු නිලධාරීන් කොරෝනා මර්ධනය කිරීමට එය පාලනයට ගත් ක‍්‍රියා මාර්ග ඉතා අගය කළ යුතුයි.

රජයේ සියළු නිලධාරීන් මහත් කැපැවීමක් ඒ සදහා ඉටු කළා. එය අතිශය සාර්ථකයි.
නමුත් එම සාර්ථකත්වය නැමැති කිරි කලය විෂ බදුනක් බවට පත් කරන අසුභ දර්ශන අපි දුටුවා සුරා සැල් විවෘත කිරීම තුළින්. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සෞඛ්‍ය නීති දැඩි ලෙස ආරක්‍ෂා කරන ලෙස ප‍්‍රකාශ පවා නිකුත් කර තිබෙන මොහොතක බීමත් වූවාට පසුව එම නීති ආරක්‍ෂා කළ හැකිදැයි අපි බලධාරින්ගෙන් ප‍්‍රශ්න කර සිටිනවා.

රටේ මත්පැන් පාවිචිචි කළ අයට මුඛ ආවරණ දමාගෙන මීටරයේ පරතරය තබාගෙන කොරෝනා ආසාදිතයෙකු නොවී තවත් අයෙකුට එම විෂබීජය පැතිරවීමට නොදී සිහි බුද්ධියෙන් සිටිය හැකිද ? අපට තිබෙන ප‍්‍රශ්නය එයයි.

විදෙස් රටවල මේ වනවිට දෙවැනි කොරෝනා රැල්ලත් පටන් අරගෙන තිබෙනවා. එවනි අවස්ථාවක අපේ රටේ කොරෝනා දෙවැනි රැල්ල අනිවාර්යයෙන් පටන් ගන්නවා රජයේ මේ අනුවන ක‍්‍රියාව හේතුවෙන්. මේ අවස්ථාවේ අපට ප‍්‍රශ්නයක් තිබෙනවා. රජය කියන්නේ ජනතාවට ආදරය කරන ආයතනයක් කියන එකයි පිළිගැනීම වන්නේ. එයයි බෞද්ධ සිද්ධාන්තය. රජය රටේ ජනතාව සැලකිය හැක්කේ තමන්ගේ දරුවෝ ලෙසයි. ජනතාවට රජය මාපියන් වගෙයි.'



අදහස් (11)

සුරාසැල් විවෘත කිරිම රජය ගත් අනුවණ පියවරක්

athula Thursday, 14 May 2020 07:44 AM

සුරාසැල් අයිති කාරයො කවුද...? ජානේසන්, ඇලෝසියස්, අරුන්දික ධම්මික පෙරෙරා ප‍්‍රමුඛ අය තමයි ආණ්ඩු හදන්නෙ... ඉතින් ඔය මල්වට්ටිය අරන් ගියාට ටීවි එකේ මෙවා තමයි ඔය දේශප්‍රෙමීන්ගේ කෙරුවාව...

:       0       24

sanath kumara Thursday, 14 May 2020 09:13 AM

වටෙ ඉන්න සාම්ප‍්‍රදායික දේශපාලකයින්ගේ අතපෙවීමක් බව හැගී යයි. ගෝඨාභයට ත‍්‍රිවිධ හමුදාව ඇතුලු අනෙක් සේවාවල නිලධාරීන්ට රට පාලනය අවුරුදු කීපයකට දුන්නා නම් ඔය පාලුවන්ට අයිති තැන අනිවාර්යයෙන් නවතිනවා. ඒ වැඩ පිළීවෙළ ඉහද පණුවො වගේ උඩ සිට පහළට සිටියත් පක්ෂ විපක්ෂ දේශපාලුවන් ඉඩ නොදෙන බව නම් සැබෑයි.

:       14       38

Rohana Thursday, 14 May 2020 09:36 AM

ආණ්ඩුව බාර් කාරයින්ට බයද? බාර් කාරයින්ගෙ ඉල්ලීම් ඉටුකරන්න ගිහින් කොරෝනා නැවතත් බෝවෙන්න ඉඩ හැරීමෙන් ආයිමත් ජනතාව ගෙවල්වලට කොටු කරන්නද හදන්නේ...?

:       0       20

Pradeepa Fernando Thursday, 14 May 2020 10:08 AM

බොන්නෙ නැත්තම් කටවහගෙන ඉන්න, හැම මගුලකටම කට නොදා...

:       50       23

jayath Thursday, 14 May 2020 11:14 AM

බොන්න එපා කියලා කෑ ගහන හුගක් අමධ්‍යප වීරයෝ මෙ රටෙ ඩෝපර්ලා හරක් මස් කන්න එපා කියලා කෑ ගහන, සිංදුත් ලියන පොරවල් හොද ගව මාංශ භක්ෂකයෝ...

:       10       2

Pradeep Thursday, 14 May 2020 11:53 AM

හරියටම හරි අපේ හාමුදුරුවනේ... !!!

:       0       36

Sura Thursday, 14 May 2020 11:59 AM

හරක් පාලනයට ගල්, පොල් හොද ඔසුවකි...

:       0       2

සෙනෙවිරත්න Thursday, 14 May 2020 04:03 PM

බාර් අනික් කඩවල් වගේ මුල ඉඳල සාමාන්‍ය කරා නම් මේ මොනවත් පෝලිම් නැහැ. අතේ තියනකන් බීල නිකන් ඉඳීීිිිවි. බොන්න නරක නම් බාර් මොකටද? ෆාමසි වගේ ඩෝස් එකට බොන්න කියල නැහැනෙ...

:       0       0

Prabha Thursday, 14 May 2020 05:17 PM

බාර්වලින් සියයට 90ක් පක්ෂ විපක්ෂ මැති ඇමැතිලගේ... ඉතින් කොහොමද වහලා තියන්නේ...?

:       0       68

sharm warn Friday, 15 May 2020 06:10 AM

අර අමාරුවෙන් ගත්ත 5000 ආපහු ගත්තා කියලා මට හිතෙන්නේ.අපේ පිරිමින්ගේ කෙරුවාව තමා මේ පේන්නේ.

:       0       0

ආනන්ද පෙරේරා Friday, 15 May 2020 01:05 PM

බාර් වැසුවොත් රජයට පාඩුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 18 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 555 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 717 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 199 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 205 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 815 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site