IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සැර කොරෝනා ප්‍රභේද ඉතා වේගයෙන් පැතිරෙනවා

(සුජිත් හේවාජුලිගේ )

සැර කොරෝනා වයිරස ප්‍රභේද පැතිරෙමින් තිබෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස්වලට වී කාලය ගත කරන්නැයි මෙම නව කොරෝනා වයිරස ප්‍රභේද පිළිබඳව පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම සැර කොරෝනා වයිරස ප්‍රභේද නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු නිශ්චිත ස්ථාන කිහිපයකින් දැනට හමුවී ඇතත් මේවා සමාජයට පැතිර නොයා වී යයි සිතිය නොහැකි බව ද ඔහු කීය .

මෙම ඉන්දියානු හා බ්‍රිතාන්‍ය වයිරස ඉතා වේගයෙන් පැතිරෙන ප්‍රභේද දෙකක් බවත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයේ සංකූලතා වැඩි බවත් ආචාර්යවරයා හෙළි කළේය .

මොන සැර ප්‍රභේද ආවත් ඒවා තමන්ගේ ඇඟ ඇතුළට නොගැනීම සියලු දෙනාගේ වගකීමක් බව කී චන්දිම ජීවන්දර මහතා නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමෙන් වයිරස පරාජය කළ හැකි බවද කීවේය .

මුව ආවරණ නිසි පරිදි පැළඳීම , සබන් යොදා නිතර අත් සේදීම හා දෑත් පිරිසුදු කරන විසබීජහරණ දියර පාවිච්චිය කොරෝනා වයිරසයෙන් ගැලවීමට තිබෙන ප්‍රධාන මෙවලම් බවද හෙතෙම ප්‍රකාශ කළේය .

මේ අතර නව කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ කටයුතු වේගවත් කර ඇතැයිද ඒ සඳහා අවශ්‍ය උපකරණ කට්ටල රැසක් ලබාගෙන ඇතැයි ද ජීවන්දර මහතා පැවසීය .

 



අදහස් (8)

සැර කොරෝනා ප්‍රභේද ඉතා වේගයෙන් පැතිරෙනවා

මැක්ස් Saturday, 08 May 2021 04:30 PM

මේ වගේ දැනුම් තේරුම් ඇති අය කියන දේ වත් ඇහුවොත් හොදයි අපේ මිනිස්සු.

:       0       0

Rohana Saturday, 08 May 2021 04:44 PM

මොනවා කලත් වැඩක් තියෙනවද ? මේ සියලුම ප්‍රභේද අරගෙන එන්නේ පිටරටවලින්. පලමුවෙන්ම කල යුත්තේ පිටරටින් එන අය සම්පූර්ණයෙන් නැවැත්වීමයි. නැත්නම් මීටත් වඩා දරුණු වයිරස් ප්‍රභේද රට තුල බෝවෙන්න පුලුවන්. මේ රට ඉන්දියාවෙ වගේ දහස් ගනනින් මරා දමන්නද මේ ලෑස්ති වන්නේ.

:       0       0

hesa Saturday, 08 May 2021 08:07 PM

ආචාර්යතුමනි, "සැර කොරෝනා ප්‍රභේද ඉතා වේගයෙන් පැතිරෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස්වලට වී කාලය ගත කරන්නැයි " කන්නලව් කර සිටියට පිලිපදින්නෙ නැති නිසා, විරුද්ධ උනත් තත්ත්වය ඉතා බරපල නිසාත් සම්පූර්නයෙන්ම රට සති 2ක් ප්‍රවාහනය නවතා, වෙළඳ සැල් සියල්ල වසා දැම්මොත් හොඳ නැද්ද..

:       0       0

රනසිංහ Sunday, 09 May 2021 02:07 AM

අනේ මන්ද අපේ සයන්ටිස්ලාගේ දැනුම ගැන හරිම අපැහැදිලියි. වයිරසයක ප්‍රබේදයක පැතීරීම සාපේක්ෂව වැඩිනම් එහි හානිදායක්වය පැතිරීම අඩු වයිරසයට වඩා අඩුයි නේද.?

:       0       0

මුණසිංහ Sunday, 09 May 2021 02:10 AM

මෙම තත්ත්වය තවමත් තේරුම් නොගත් පිරිස් ඉන්නවා. ආණ්ඩුව දිහා බලාගෙන ඉන්නේ නැතුව තමන් මෙම තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියාත්මක වීම වැදගත්. අනුන්ගෙන් යැපෙන මානසිකත්වයෙන් මිදෙන්න දැන්වත් සිතා ගත යුතුයි.

:       0       0

මුණසිංහ Sunday, 09 May 2021 02:32 AM

කොවිඩ් එන්නත් වලටත් දේශපාලනය ගැවිලා. බටහිර සහ චීනය-රුසියාව ප්‍රමුඛ රටවල් අතර කඹ ඇදිල්ලක්. රටවල් මේ එනනත් නිසා බෙදිලා. ජනතාව අසරණ කරලා. ලංකාවෙත් මේ මාෆියාව රජ කරන බව පහුගිය දවස් වල පෙණුනා. ඩොලර් වලට යටවුන වෛද්‍ය කල්ලියක් ජරා වැඩ කරනවා. මෙයත් ජනතාව අවබෝධ කරගත යුතුයි.

:       0       0

ranjith Sunday, 09 May 2021 03:15 AM

කොරෝනා පාලනය ගැන පරීක්ෂණ කරන ඔබලා වැනි අයට පින් අයිති වෙනවා.

:       0       0

Prasad Sunday, 09 May 2021 05:24 AM

ඕවා අපිට කියලා වැඩක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 159 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 632 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 179 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 188 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 737 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 247 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site