IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘ස්ලිට්‘ ආයතනය ගැන කෝප්, විගණන වාර්තා වැරදියි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මාලඹේ  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ( ස්ලිට්)  පිළිබඳ  කෝප් වාර්තාව මෙන්ම විගණන  වාර්තාව සම්පූර්ණයෙන්ම වැරදි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස් බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (1)  පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කීපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක  සභා අවස්ථාවේ විවාදයේදීය.

පටන් ගත්දා සිටම   මෙම ආයතනය දියුණු කිරීමට  එවකට  වෙළෙඳ ඇමැතිවරයා  ලොකු මහන්සියක් ගත් බවත් චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිවරියද මෙයට උදව් කළ බවත්
මන්ත්‍රීවරයා කීවේය.
මෙය හොඳ පෞද්ගලික ආයතනයක් බවද අද ලංකාවේ  දෙවෙනියට වැඩිම ශිෂ්‍යයන් සිටින පාසල  මෙය බවද  ඔහු පැවසුවේය.

විදේශීය ශිෂ්‍යයන් හයසියයක් මෙහි ඉගෙන ගන්නා බවද  එස් බී දිසානායක මහතා පැවසීය.මේ ආයතනය කිසිදිනක රජය යටතේ නොතිබූ බවත් මහපොළ අරමුදලින් කිසියම් ආධාරයක් පමණක්  එයට ලබාදුන් බවත්  ඔහු කිවේය.

එම මුදල ආපසු රජයට ගෙවූ බව පැවසූ මන්ත්‍රීවරයා  මහපොළ ඉඩමට අදටත් කුලී ගෙවන බවද සඳහන් කළේ‍ය.මෙම ආයතනයට අත නොතියන  ලෙස තමා ඉල්ලා සිටින බවත් උසස් අධ්‍යාපනයෙන් මෙරටට විදේශ විනිමය
ගෙන ආ හැකි බවත්  ඔහු පැවසුවේය. විදේශ දරුවන් මෙරටට ගෙන ඒමට මීට වඩා උනන්දු විය යුතු  යැයිද  මහතීර් මොහොමඩ්ලා  ඩෙන් සියාවෝ පින්ලා කටයුතු කළේ ඒ විදියට යැයිද  හෙතෙම සඳහන් කළේය.

මේ කාරණය ගැන තමා අධ්‍යාපන ඇමැතිවරයාගේද අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයාගේද අවධානය යොමු කරවන බව එස් බී දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.



අදහස් (4)

‘ස්ලිට්‘ ආයතනය ගැන කෝප්, විගණන වාර්තා වැරදියි

යෝගා Wednesday, 01 December 2021 01:05 PM

හොඳ කුට්ටියක් ලැබිලා වගෙයි. දැනටමත් නඩු පවරලා තියෙනවා. අධිකරණ තීන්දුව ලැබෙන තුරු කටවහගෙන ඉන්න...

:       2       10

Susantha Jayawickrama Wednesday, 01 December 2021 01:08 PM

ආයතනයක් නීතිවිරෝධි වැඩකරන්නේ නැත්නම් ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට බියවිය යුතු නැහැ. ගොයියා මේ පැන්නේ මිනිහාත් ඔය ආයතනයේ මොකක් හරි කුණු ජාවාරමකට සම්බන්ධ ඇති...

:       0       8

කිරි පුතා Wednesday, 01 December 2021 01:33 PM

අපේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල තව තවත් බිහි විය යුතුයි. නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයට ඇති නිදහසද තිබිය යුතුයි

:       1       10

Lalith M Wednesday, 01 December 2021 07:18 PM

මොනතරම් හොරා වුණත් එස්.බී. ඇත්තක් කිව්වා. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ආදර්ශයක් ගතයුතු ආයතනයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 255 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 67 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 187 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 166 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ල නගරය ආශ්‍රිත වැසියන්ට මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 363 1

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 217 2

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site