IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


සෙලෙන්දිවා සමාගමට එරෙහිව පෙත්සමට නව සංශෝධිත පෙත්සමක් ගොනු කරන්න කල් දෙයි

( රංජන් කටුගම්පොළ සහ  තිළිණි ද සිල්වා )

අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස්ථාපිත කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට්  නැමැති සමාගමට රජයට අයත් දේපල පැවරීම  හෝ විකීණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තීබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් නව සංශෝධිත පෙත්සමක් සති තුනක කාලයක් ඇතුළත  ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට අද (24) නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන වේරදූවගේ මහතා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් පිළිගැනීමෙන් පසුවය‍.

මෙම පෙත්සම අද (24) සූම් තාක්ෂණය ඔස්සේ සලකා බැලු අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ  සලකා බැලීම සදහා දින නියම වූ නඩු විභාගයන් ඊයේ සිට ප්‍රථමවරට එම තාක්ෂණය හමුවේ අධිකරණයේ  කැදවිමද විශේෂත්වයකි.

පෙත්සම බුවනෙක අළුවිහාරේ , මුර්දු ප්‍රනාන්දු , ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් සංශෝධන කළ යුතුව ඇති බවත් , ඊට අමතරව මුදල් ඇමතිවරයා සහ මහබැංකු අධිපතිවරයාගේ තනතුරු වෙනස් වී ඇති බැවින් , එම තනතුරු සංශෝධනය කළ යුතු බවත් , එම සංශෝධන වලින් අනතුරු නව සංශෝධන සහිත පෙත්සමක් ගොනු කිරීමට සති තුනක කාලයක් ලබා දෙන්නැයි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන වේරදූවගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 එම ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල නව සංශෝධිත පෙත්සම සති තුනක් ඇතුළත ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ අතර ලබන නොවැම්බර් 29 වැනිදා යළි කැදවීමට දින නියම කෙරිණි.
 
අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස්ථාපිත කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට්  නැමැති සමාගම මගින් තුළින් රටේ ආරක්ෂාව , භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවයට තර්ජනයක් වන බවද , එමගින් රටේ ජනතාවගේ මූලික අයිතවාසිකම් කඩවන ලදැයි ද සදහන් කරමින් , එම සමාගමට රජයට අයත් දේපල පැවරීම  හෝ විකීණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තීකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
 
එසේම එම සමාගමේ කොටස් , කොළඹ කොටස් වෙළද පොළේ ලැයිස්තුගත කිරීම වළක්වාලන අතුරු නියෝගයක්ද නිකුත්කරන්නැයි පෙත්සම්කරු ඉල්ලා ඇත.



අදහස් (0)

සෙලෙන්දිවා සමාගමට එරෙහිව පෙත්සමට නව සංශෝධිත පෙත්සමක් ගොනු කරන්න කල් දෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොලපැළැස්ස බන්ධනාගාර වාට්ටුවේ බිත්තියක දුරකතන-සිම්පත්
2024 ඔක්තෝබර් මස 18 30 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .


නිධන්හෑරූ 4 ක් කොටුවෙයි
2024 ඔක්තෝබර් මස 18 55 0

මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්


චීන දුම්වැටි සමඟ චීන ජාතිකයා අල්ලයි
2024 ඔක්තෝබර් මස 18 145 0

කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය බාරයට ගත් බව ශ්‍


මුහුදේ නාන්න ගිය තරුණයා ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 18 129 0

කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.


සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 273 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 536 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 625 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site