IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


සිලෝන් මසාලා තේ ඕමාන් වෙළදපොළට

( තිළිණි ද සිල්වා )

ශාරීරික සෞඛ්‍යය ඉහළ නංවන ස්වභාවික ලාංකීය කුළු බඩු අමුද්‍රව්‍ය 10කට අධික ප්‍රමාණයක් එක් කරමින් නිෂ්පාදනය කළ “සූ චායි” (Soo Chai) නමින් නව සිලෝන් මසාලා තේ සන්නාමයක් ඕමානයේ දී හඳුන්වා දුන් බව   එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මස්කට්හි  පිහිටි ඕමාන් ජාතික බැංකු ශ්‍රවණාගාරයේදී ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා විසින් මෙම නව සිලෝන් මසාලා තේ සන්නාමය වන “සූ චායි” (Soo Chai) ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී.

“සූ චායි” ලෙස නම් කර ඇති මෙම සිලෝන් මසාලා තේ නිෂ්පාදනය, ශාරීරික සෞඛ්‍යය ඉහළ නංවන ස්වභාවික අමුද්‍රව්‍ය 10කට අධික ප්‍රමාණයක් අන්තර්ගත , උසස් තත්ත්වයේ සිලෝන් තේ මිශ්‍රණයක් වන අතර එය ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා සීමාසහිත සූ සමූහ ව්‍යාපාරයෙහි නිෂ්පාදනයකි.

එමෙන්ම සූ චායි යනු, මසාලා තේ නිෂ්පාදන වෙළඳපොලේ  එවැනි ආකාරයෙන් පළමු වරට බිහි වූ නිෂ්පාදනයක් වන අතර, එනසාල්, කුරුඳු, කරාබු නැටි, තරු අසමෝදගම්, සාදික්කා, ගම්මිරිස්, ඉඟුරු, කහ සහ සූදුරු වැනි කුළුබඩු අඩංගු වූ මෙම නිෂ්පාදනය මසාලා තේ කර්මාන්තයේ අද්විතීය පෙරළියක් ඇති කරනු ඇතැයි ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

සීමාසහිත සූ සමූහ ව්‍යාපාරයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ශාන් අබේවර්ධන මහතා විසින් මෙම නිෂ්පාදනයේ සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳ අවධාරණය කරමින් “සූ චායි” නව සන්නාමය හඳුන්වා දෙන ලදී. ඕමාන් ජාතික බැංකු සාමාන්‍යාධිකාරී තාරික් අතීක් මහතා සහ විකුණුම් සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ජී. වී. රාමක්‍රිෂ්ණා මහතා ඇතුළු බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ. සූ සමූහයේ සම සහකරු ෂෙස්නා සුමනධීර මහත්මිය විසින් සහභාගී වූවන් හට සූ චායි මසාලා තේ පිළිගන්වන ලදී.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්  ඕමාන් වෙළඳපළ තුළ මෙම නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඕමාන් ජාතික බැංකු ව්‍යවසායකයින්, ඕමානයේ ප්‍රමුඛ පෙළේ අති සුපිරි වෙළඳසැල් ජාලයන් සහ හෝටල් කළමනාකාරීත්වය අතර රැස්වීම් මාලාවක් සංවිධානය කළ අතර බොහෝ දෙනෙක් මෙම නිෂ්පාදිතය කෙරෙහි විශාල උනන්දුවක් දැක්වූ බවද ශ්‍රි ලංකා තානාපති කාර්යාලය කියා සිටී.



අදහස් (1)

සිලෝන් මසාලා තේ ඕමාන් වෙළදපොළට

Nuwan Monday, 15 November 2021 07:55 PM

හොඳම දේ පිට අයට කවලා රටේ අයට වහ කවන ජාතියක් මේක...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 356 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 273 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 445 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1341 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 1103 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1492 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 199 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 462 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site