(ඉන්දිකා රාමනායක සහ තිළිණි ද සිල්වා)
අගුණකොලපැලැස්ස බන්ධානාගාරයේ දී සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම සිද්ධිය සම්බන්ධයෙන් වරද බාර ගත් හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක මහතාට අද (11) සිට සති දෙකක කාලයක් අමුත්තන් බැලීම තහනම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක සහ පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා කීය.
රංජන් රාමනායක මහතා එකී වරද සම්බන්ධයෙන් චෝදනා ප‍්‍රත‍්‍රයක් සම්බන්ධයෙන් අද දිනයේ බන්ධනාගාර විනය ශාලාවට ඉදිරිපත් කර ඇති අතර එහිදී රාමනායක මහතා එකී වරද බාරගත් බව චන්දන ඒකනායක මහතා කියා සිටියේය.
එකී වරද බාර ගැනීම නිසා බන්ධනාගාර ආඥාපනයේ 70 වගන්තිය අනුව බන්ධනාගාර අධිකාරිවරයා ඔහුට අමුත්තන් බැලීම සති දෙකකට කාලයකට තහනම් කර ඇති බවද චන්දන ඒකනායක මහතා කීය.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අමුත්තන් බැලීම සති 02කට තහනම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අමුත්තෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට දඬුවම් වශයෙන් තහනම් කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයි සඳහන් කළේය.
වැඩි විස්තර පසුව
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සෙල්ෆි ගත් රන්ජන්ට සති 2ක් අමුත්තන් බලන්න බෑ
dasun Thursday, 11 March 2021 10:22 AM
කවදා ඉඳලද බන්ධනාගාර කොමසාරිස් දඬුවම් දෙන්න පටන් ගත්තේ...? 20න් ආපු බලතලයක්ද?
Demuni Uduwara Thursday, 11 March 2021 10:53 AM
හිරගෙදර හොඳින් විනය පවත්වා ගනියි.
Raveendra Thursday, 11 March 2021 11:14 AM
වරප්‍රසාද වලට මුවාවී දියවන්නාව පට්ටියේ 225 නටන නාඩගම් දෙස බැලීමේදී මොනතරම් අසීලාචාර තිරිසනුන්ද යන්න තේරුම් ගැනුමට බාලාංස පන්තියේ දරුවෙකුට වුවද ඉතා පහසුයි.
Ruhunu Thursday, 11 March 2021 11:29 AM
දඬුවම බරපතල වෙයිද මන්දා...? අපි පොඩි කාලේ වැරැද්දක් කළාම ගුරුවරු අපිව දණගස්වලා තිබ්බා. දැන් කාලේ ලොකු අය වැරැදි කළාම දෙන්නෙත් ඒ වගේ දඬුවම්.
pradeepa Thursday, 11 March 2021 11:41 AM
රංජන් හිරේ ගියේ මොකටද? හොරකම් කරලාද? චේන් කඩලාද? ජනතාවගේ බදුමුදල්වලට වංචා කරලාද? අරක්කු, කුඩු විකුණලාද? ඉක්මණටම පොහොසත් වෙලාද? ලොකු මාලිගාවල් හදලාද?
Tharindu Thursday, 11 March 2021 01:26 PM
කට නිසා තමයි මේ ඔක්කොම වුණේ...
ඩෙස්මන්ඩ් Thursday, 11 March 2021 12:11 PM
එතකොට තනියම සෙල්ෆි ගැහුවාට කමක් නැද්ද? දුමින්දට එක නීතියක්, අනික් අයට තව නීතියක්...
යකඩයා Thursday, 11 March 2021 01:16 PM
තැලෙන යකඩයක් හම්බ වුණාම කම්මල් කාරයින් සේරම උඩ පැනපැන තලනවා කිව්වලු. මේ වගේ මරි මෝල් වැඩවලින් වෙන්නේ තැලෙන කෙනාගේ ජනප්‍රියත්වය තවතවත් වැඩිවෙන එකයි...
Prasad Thursday, 11 March 2021 01:40 PM
චොකා වගේ කෙනෙක්ට නම් සුළු දඬුවමක්...
Rata Perata Thursday, 11 March 2021 06:19 PM
රංජනුත් ඔය හොරු ගැන කියන්නේ නැතිව, බදු සල්ලි ටිකත් හොරකම් කරගෙන බෙන්ස් එකට ගියා නම් ඔය කිසි කරදරයක් නෑ. අපේ රට බොහෝමයක් අජූත ජනතාවට ඕනෑ ඒ වගේ අය තමයි.
BamunuarachchiFriday, 12 March 2021 10:42 AM
එකම කාර් පර්මිට් එක දෙදෙනෙකුට විකුණලා ජරමරයක් තිබෙනවා නේද?
Bamunuarachchi Friday, 12 March 2021 02:22 AM
මොන සති දෙකක්ද? ජීවිත කාලයම තියාගෙන අමුත්තන් බලන්න බෑ කියන්නකෝ අපිට මොකද කියලා බලන්න. අපි බලාගෙන ඉන්නේ අවුරුදු 4 අවුරුදු 40 වෙනකම් මෙයා ගල් කඩන, පොල්ලෙලි ගහන පොටෝ බලන්න.
sharm warn Friday, 12 March 2021 05:44 AM
මේවා නිසා තමයි මානව හිමිකම් අයත් උඩ පැන පැන අපිටම තලන්නේ. අඩුගානේ මේ හොරකම් කළා නම් විතරක් දන්න අය ඒකවත් තේරුම් ගන්න ඕනෑ. මහලොකුවට දේශපාලන පළිගැනීම් කියකියා තමන්ගේ අයට යුතුකම් ඉෂ්ඨ කරනවා. මේ අගේට කටේ නරිවාදම් බේරෙන්නේ. මේක දේශපාලන පළිගැනීමක් කියලා මොලේ තියන ඕනෑම කෙනෙකුට තේරෙනවා.