(විනීතා එම් ගමගේ)
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් (තිරසර සංවර්ධන) චන්ද්‍රරත්න පල්ලේගම මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.
2015 පෙබරවාරි මාසයේ සිට 2018 අප්‍රේල් මාසය දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලද්දේ පල්ලේගම මහතාය.
එතැන් සිට යළි සිවිල් ආරක්ෂක බළකායට පත්කරන තුරුම හෙතෙම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
පල්ලේගම මහතා 2013 සිට 2015 දක්වා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.
ජනාධිපති කාර්යාලය විසින් මෙහෙයවනු ලබන 2030 තිරසර සංවර්ධන ඉලක්ක දිනා ගැනීමේ වගකීම ඇත්තේ ද පල්ලේගම මහතා ඇතුළු කණ්ඩායමටය.
චන්ද්‍රරත්න පල්ලේගම මහතා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද (18) වැඩ භාර ගැනීමට නියමිතය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
පිටිගල මිලානෝ Thursday, 17 January 2019 10:37 AM
ලංකාවේ හිර ගෙවල් තවමත් හොර ගුහාවන්ය. මේවාට වගකිව යුත්තේ හිටපු සහ දැනට ඉන්න නිලධාරීන්ය. එබැවින් එවැනි නිලධාරියෙක්ට මෙවන් තනතුරක් දීම සුදුසු නැත.
ධම්මික Friday, 18 January 2019 09:08 AM
අපි නම් දන්න විදිහට පල්ලේගම මහත්තයා තමයි බහුතරයක් පුටු රත්කරන කොමසාරිස්ලා අතරින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ සිරකරුවන් යන දෙපිරිසටම වැඩියෙන්ම වැඩක් කරපු නිලධාරියා... කතාකරද්දි හොයලා බලලා කතාකරන්න.. දන්නැත්නම් බන්ධනාගාර නිලධාරියෙක්ගෙන් අහලා බලන්න. කෙසේ හෝ යළිත් සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන සතුටුයි..
චමින්ද Friday, 18 January 2019 09:11 AM
හොඳ තේරීමක් ජනාධිපතිතුමනි...