(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ලේ පාසලක සිසුන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාසලේ සංගීත ගුරුවරයා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකරන්නැයි අනුබල දුන් බව කියන ගුරුවරුන් 7දෙනෙකු පාසලෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සිසුන්ගේ මව්පියවරු පිරිසක් අද(01) පාසල ඉදිරිපිට රැස්ව සිටියහ.
එම පාසලේ සංගීත විෂය භාර ගුරුවරයකු සිසුන් දෙදෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ලබන 11වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
පාසලේ ඉගැන්වීමේ කටයුතුවල නිරත වන භික්ෂූන් වහන්සේ නමක්, ගුරුවරුන් සහ ගුරුවරියන් 7දෙනෙකු මව්පියවරුන්ගේ නිවාසවලට පැමිණ, ජනාධිපතිවරණයෙන් පසුව එම ගුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට නියමිත බවත්, සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි නොකරන ලෙස ඉල්ලා සිටි බවත් මව්පියවරු පාසලේ විදුහල්පතිනිය හමුවී පැවසූහ.
මෙම ගුරුවරුන් 7දෙනා පාසලෙන් ඉවත්කරන්නැයිද ගුරුවරුන් සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බවද ඔවුහු ඉල්ලා සිටියහ. මේ හේතුවෙන් පාසල තුළ දැඩි උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබිණි.
මෙයට සහභාගීව සිටි අධ්‍යාපන බලධාරීහු මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව පැවසූහ.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙම පාසලේ සිසුන් වෙනුවෙන් පෙනී සිටින බවත්, වහාම අපරාධයට අනුබල දුන් එම ගුරුවරුන් විද්‍යාලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකරන්නේ නම් දැඩි විරෝධතාවක් ආරම්භ කරන බවත් මෙම අවස්ථාවට එක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් සහ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරු කියාසිටියහ.
තත්වය පාලනය කිරීම සඳහා දඹුල්ල පොලිස් නිලධාරීහු ද පාසලට පැමිණ සිටියහ.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සිසු අපයෝජනය සඟවන්නැයි කී ගුරුවරුන්ට විරෝධය
sharm warn Friday, 01 November 2019 08:59 AM
එතකොට රැකගන්න ඕනෑ දරුවන්ද? වැඩිහිටියන්ද?
A to Z Friday, 01 November 2019 09:23 AM
දේශපාලන කාලකන්නිත් එතැනට රින්ගලා. මේ අය ඇවිත් ඉන්නේ ප්‍රශ්නය විසඳන්න නෙවේ. තවත් අවුල් කරන්න..
RaveendraFriday, 01 November 2019 09:38 PM
ඔබ නිවැරදියි දේශපාලුවන් කොහොමත් බොරදියේ කිඹුල්ලු අල්ලන්න හරිම දක්ෂයිනේ. ඒ අය බලන්නේ මේ මගින් සුළුවෙන් හෝ දේශපාලන වාසියක් ගන්න. එමෙන්ම මෙම නිවටයාව බේරාගැනීමට ඉදිරිපත්වූ ඒ ගුරු හොරුන්ගේ විස්තරද මහජනතාවට දැනගනුමට හැකි නම් එයත් වැදගත් නොවන්නේද?
සාරසී Friday, 01 November 2019 09:44 AM
ඒ අය හත් දෙනාත් ඒ ගණයේම වෙන්න ඇති...
රවින් Friday, 01 November 2019 10:00 AM
කවුරු මොනවා කිව්වත් ඔය වැඩේට ශේප් වෙන්න කතා කරපු ගුරු හොරු ටිකනම් ගුරු වෘත්තියට සුදුසු නොවේ. අධ්‍යාපන බලධාරින් වහාම මෙම උදවිය එම වෘත්තියෙන් අයින් කරන්න කටයුතු කළ යුතුවේ. ගුරුවරයා යනු ළමා මනස විකෘති කරන්න ඉන්න උදවියද? නැතිනම් ළමා මනස නිසිමගට යොමුකරන්න ඉන්න උදවියද කියන ප්‍රශ්නය ඔය හත් අට දෙනාගෙන්ම ප්‍රසිද්ධියේ කරුණු විමසා බැලුවානම් වඩාත් උචිතයි.
lalithm Friday, 01 November 2019 11:14 AM
භික්ෂුවක් මොකටද ඒකට ගෑවුනේ...? කුණුගොඩවල් ඔක්කොටම චීවරය ගාගන්නේ අපේ ආගමේ මොන කරුමයකටද?
Amila Friday, 01 November 2019 11:46 AM
වහාම පාසලෙන් ඉවත්කරන්න ඕනෑ. අන්න පොහොට්ටුවේ කෙනෙකුත් චීන කාන්තාවකට කරදරයක් කරලලු....
Prabha Friday, 01 November 2019 01:37 PM
ඔය ගුරුවරුන්ට දරුවන් නැද්ද? තමුන්ගේ දරුවකුට වුණා නම් තේරෙයි..
Kumar Friday, 01 November 2019 02:41 PM
මේක එක් ගමනක් සිදුවුණු දෙයක් නොවේ.
Clarence Saturday, 02 November 2019 08:35 PM
ළමුන්ට අතවර කරන මේ අපරාධකාරයෝ ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන.