(යොහාන් භාසුර)
බන්ධනාගත කර දින 20 කට පසුව සිසු නායකයන්ට ‘කොවිඩ්’ වැළදීමෙන් ඔවුන්ට වරයිරසය බන්ධානාගාරයෙන් බෝවීම ඇතැයි තහවුරු වන බවත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුල්කිරීමට පෙර කළ පී.සී.ආර්. පරීක්‍ෂණවලින් ඔවුන් ආසාදිතයන් නොවන බවට තහවුරුව තිබූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
බදුල්ල තල්දෙන රැඳවුම් මධ්‍යස්ථානයේදී පසුගිය 25 වැනිදා කළ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව සිසු නායකයන් තිදෙනා කොවිඩ් අසාදිත බවට තහවුරු වී ඇති බව කී පුබුදු ජාගොඩ මහතා පැවසුවේ රජය නිරෝධනය මධ්‍යස්ථාන යැයි හදුන්වමින් ජීවිත පිළිබඳව කිසිඳු වගකීමකින් තොරව පුද්ගලයන් සිය ගණන් එකට රඳවා ඇති බවත්ය.
කොතලාවල පනතට එරෙහි විරෝධතාවලට නායකත්වය දීම හේතුවෙන් සිරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සාමාජික සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතයන්ට බවට පත්ව සිටිය ද මේ දක්වා ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර නොමැති බවත් සිසු නායකයන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පවරා ඇප නොලැබීම රජයේ සැලැස්මක් බවත් ජාගොඩ මහතා කීය.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සිසු නායකයන්ට ‘කොවිඩ්’ හැදුණේ බන්ධානාගාරයෙන් ?
Raveendra Friday, 27 August 2021 04:27 PM
තමන්ගේ අඩුලුහුඬුකම් වහගන්න අපේ මිනිස්සු තරම් දක්ෂයින් මෙලොව කොහෙවත්ම නැතිව ඇති. ඇත්තෙන්ම රටට වැඩදායී යමක්, අලුත් නිර්මාණයක් සොයා ගන්න මේ මිනිසුන් ඒ දක්ෂතාවය යොදවන්නේ නැත්තේ මන්ද? හේතුවත් ඉතාමත්ම පැහැදිලියි.. මේ ගොයියෝ දවස පටන්ගන්නේ දියව් දියව් කියා ගෙනමනේ...
සෙනෙවිරත්න Friday, 27 August 2021 06:07 PM
ඒවාට අවස්ථාව තියෙන්නේ රාජපක්ෂ පවුලට ගෑවිච්චි අයට විතරයි...
මහජනයා Friday, 27 August 2021 04:38 PM
මේ වගේ විගඩම් නිසා තමයි රට මෙතරම් පැටලිලා සිටින්නේ.
Sam Friday, 27 August 2021 04:49 PM
බන්ධාගාරයේ ඉඳිද්දී හැදුන වෙන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන්. පළවන ටෙස්ට් එක කරන විට ලෙඩේ පෙන්වන්නේ ඒ ටෙස්ට් එක කරන්න දින දෙක තුණකටවත් කලින් වයිරසය ශරීර ගත වෙලා ලෙඩේ මතුවෙන තත්ත්වයට ඇවිත්නම් පමණයි.
Wasantha Friday, 27 August 2021 04:56 PM
මේ තමයි රට කන සෙට් ඒක සිසු නායකයෝ කිව්වට කිසිම වැඩක් නැනේ රටට
pwsenevirathne Friday, 27 August 2021 06:05 PM
රට කනවා කිව්වේ මේ ඩොලර් හිඟය, පෝර නැතිකම, කිරිපිටි හිඟය වගේ දේවල්ද? නැත්නම් අර නෙලුම් කුළුණ වගේ නිස්කාරනේ වියදම් කරපු එකද?
Ruhunu Friday, 27 August 2021 05:03 PM
කොහොමත් ඔය කට්ටිය රටට විෂබීජයක්.
සෙනෙවිරත්න Friday, 27 August 2021 06:03 PM
ඔයාට ඕන මේක එනකොටම හැදිලා දින 20ක් ඇඟේ හංගගෙන හිටියා කියලද? ඒක අමුතු වෛරසයක්... එහෙම නම් කවදාවත් මේ වෛරසය ඉවරකරන්න හමබවෙන්නේ නැහැ...
සරසි Friday, 27 August 2021 06:14 PM
බන්ධනාගාරයට යන්න පාර කපලා දැන් සුදනන් වෙන්න හදනවා ඒ ළමයින්ව දක්කලා.
UpalI Friday, 27 August 2021 06:20 PM
මේ වගේ වෛරස ඉක්මණින්ම ඉවරයක් කළයුතුයි. රටට ලොකු හානියක්...
Bamunuarachchi Friday, 27 August 2021 06:23 PM
ඒ ගොල්ලන්ට කලින්ම පෙරටුගාමී වයිරසය වැළඳී තිබුණා. එ්කනේ නිරෝධායනයට බන්ධනාගාරයට යැව්වේ...
බමුණු.Saturday, 28 August 2021 08:20 AM
ඔබට වැළඳී තියෙන්නේ පොහොට්ටු වෛරසය. කොවීඩ් වලට බෙහෙත් හෙව්වත්, මෙයට බෙහෙත් හොයනවා බොරු.
BamunuarachchiSaturday, 28 August 2021 06:57 PM
වෛරස් වලට බෙහෙත් හොයන්නේ කවුද? නිරෝධායනය නිරෝධායනය ඊට පස්සේ දවස් 7 නාලා එළිබහින්න. ඒක තමයි අපේ රටේ තිබුන පැරණි ක්‍රමය.
Bamunuarachchi Friday, 27 August 2021 06:24 PM
ඔය සිසුනායකයින් නොවෙයි... කුරුටුගාමී පාප්ප කල්ලියේ කට්ටිය...
lelwala Saturday, 28 August 2021 07:40 AM
රටට පාලනයට රටේ, සෞඛ්‍ය සේවයට උපදෙස් දෙන නිල නොලත් අති පණ්ඩිත, විශාරද සෙට් එකේ ඉන්නේ බහුතරයක්.
මුණසිංහ Saturday, 28 August 2021 07:58 AM
මෙයාල බන්ධනාගාර ගත වෙන්න ත් ජවිපෙ එළියට එන්නත් හේතුව මොකක්ද .