IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘සහන දිය නොහැකි නම් පාලන මිලට වත් භාණ්ඩ ලබා දෙන්න’

(නිමල කොඩිතුවක්කු)

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පවසා බලය ගත් ආණ්ඩුවට රටේ භාණ්ඩ මිල වත් පාලනය කිරීමට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය .

රටේ භාණ්ඩ මිල පිළිබඳ තීරණ ගනු ලබන්නේ වෙලද මාෆියාව බවත් ජනතාවට සහන ලබා දීමට නොහැකි නම් අඩු තරමින් පාලන මිලට හෝ  භාණ්ඩ ලබා දීමට කටයුතු කරන ලෙස  ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් අත්තනායක මහතා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

  "ආණ්ඩුව කිසිම ලැජ්ජාවක් නැතුව නිවේදනයක් නිකුත් කරලා  භාණ්ඩ ගණනාවක මිල ඉහළ දැමීමක් මේ යෝජනා කරනවා. කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ තවදුරටත් භාණ්ඩ වැඩි කිරීම හරහා ඔවුන්ට ජීවත් වෙන්න අපහසුතාවක් ඇති වෙනවා. දෛනික ආදායම බිඳවැටිලා. සේවා ස්ථාන කඩාගෙන වැටිලා.

රැකියා ස්ථාන අහිමි වෙලා. මෙවැනි අවස්ථාවක ජනතාවට සහන දෙනවා වෙනුවට ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ වල තවදුරටත් මිල වැඩි කරමින් සිටිනවා.  මුදල්  ප්‍රශ්න ඩොලර් ප්‍රශ්න තිබෙනවා නම් එයට ආණ්ඩුව මැදිහත් විය යුතුයි.

වෙළෙඳපොළ සහල් හිඟයක් ඇති වෙලා සහල් මාෆියාවක් නිර්මාණය කරලා ආණ්ඩුව ලොකු ටෙලිනාට්‍යයක් පෙන්වා සහල් මෝල් වලට ගිහිල්ලා සහල් අත්අඩංගුවට ගත්ත කිව්වා. නමුත් මොකක්ද සිදු වුණේ ආණ්ඩුව රාජසන්තක කරානම් ලබා ගත්ත සහල් වෙළඳපොලේ තිබිය යුතුයි.මෙය සම්පූර්ණ රඟපෑමක්. ආණ්ඩුව නිකුත් කරපු ඒ ගැසට් එකත් දැන් රිවස් කරලා තියනවා.

බඩුමිල සමාගම් වලට ඕන විදියට මිල වැඩි කරන්න ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. වත්මන් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් එම වගකීම සම්පූර්ණයෙන් බැහැර කරලා රට අයාලේ යන්න ඉඩ ඇරලා දැන් කයිවාරු ගැහනවා මෙ සදහා  කරුණාකර මැදිහත්වී ජනතාවට සහන ලබාදිය යුතුයි. 



අදහස් (7)

‘සහන දිය නොහැකි නම් පාලන මිලට වත් භාණ්ඩ ලබා දෙන්න’

amara Tuesday, 28 September 2021 12:13 PM

කූට ලේඛණ මොනවත් නැද්ද...?

:       2       3

චන්දන Tuesday, 28 September 2021 01:11 PM

ජාතික ආරක්ෂාව සහ භාණ්ඩ මිල අතර සම්බන්ධය මොකක්ද මහත්තයා ?

:       2       3

චන්දන Tuesday, 28 September 2021 01:13 PM

තමුන්නැහැලා ගේ කාලෙ ජාතික ආරක්ෂාවත් මිල පාලනයත් දෙකම නැහැ නෙ.

:       3       4

fairoos Tuesday, 28 September 2021 01:33 PM

දැන් වහල්ලු ඔබතුමාටත් බනී .ආණ්ඩු කාලේ මොනවද කලේ කියලා .රටට දැන් අඹ සරණයි

:       6       2

BamunuarachchiWednesday, 29 September 2021 08:49 AM

ඔබ තුමා? කවද හලෝ ඔබතුමා? මේගොල්ලෝ තමයි හරක් මස් කඩ කාරයින්ට රටේ කෘෂිකර්මය ඇතුළු අමාත්‍යංශ 43 භාර දුන්නේ. මස් කපපු ගොයියෝ රජයේ සේවයට රිංගුවා

:       0       0

Raveendra Tuesday, 28 September 2021 01:46 PM

තිස්ස තිස්ස කියමින් ඇම්ඩන් හෙව්වානේ.... දෑතට දෑතක් දෙන්නට පැන්නා නිල් ගොඩට...... හිරේ විලංගුවේ වැටුනා අත්සන් හුටපටයට....... දැන් මම පුරෝහිතයා අපේ මේ පුතානොට......

:       7       3

දාස Tuesday, 28 September 2021 04:28 PM

මුන්දෑ ආයි කවදැයි ලොකු අප්පොච්චිගේ උකුලේ නැලවෙන්න අායිමත් යන්නේ... මේ සැරේ සජියාට කියලාම යන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 600 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 168 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 488 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 120 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1712 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site