IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සහරාන් වනාතවිල්ලුව පාසලක දරුවන්ටත් අවි පුහුණුව දීලා

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

වනාතවිල්ලුවේ පාසලක ඉගෙනුම ලැබු දරුවන්ට සහරාන් ගේ කණ්ඩායම අවි පුහුණුව දී ඇති බව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින දරුවකු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන අරඹා ඇත.

මෙම පාසල 2008 වසරේ  ආරම්භ කර ඇති බවත් එය 2018 වසර අවසානය  දක්වා පවත්වාගෙන ගොස් ඇති බවද කියයි.   දිවයිනේ විවිධ ප්‍රදේශවල මව්පියන් අහිමි ඉස්ලාම් දරුවන් 35 ත් 40 ත් අතර පිරිසක් මෙහිදී අධ්‍යාපනය ලබා ඇති බවත් කියයි. මෙම පාසලේ අපොස සාමාන්‍ය පෙල දක්වා ඉගෙනුම් කටයුතු සිදුකර ඇති බවත් කියයි.

මෙම අරාබි පාසල 2019 අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙය වු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ ශ්‍රී ලංකා  නායකයා බවට සැලකෙන සහරාන් විසින් මෙහෙයවා ඇති බවට මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සනාථ කර ගෙන තිබේ.

එසේම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවා සිටින මෙම අරාබි පාසලේ රැඳී සිටි 14 හැවිරිදි දරුවකු විසින් සිදුකරන ලද පාපොච්චාරණයක් අනුව පැවසෙන්නේ මෙම ආරාබි පාසල තුළ විවිධ වයස් වල දරුවන් රැදි සිටි බවයි.  එසේම එහි දරුවන්ට ගිනි අවි යොදා ගනිමින්  වෙඩි තැබීමේ පුහුණු විම් දුන් බවද ඇතැම් පුහුණු විම වලදි ඉලක්ක වෙත වෙඩි තැබිමට සිදුවු බවද මෙම දරුවා පවසයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම දරුවා ඇතුළු සැකකරුවන් පිරිසක් මෙම ස්ථානයට රැගෙන විත් තිබු බවත් වෙඩි පුහුණුව සිදුවු බව පැවසෙන ස්ථානය දරුවා පෙන්වා ඇතත් එහි මේ වන විට කර ඇති ඉදිකිරිමක් හේතුවෙන් එය සනාථ කර ගැනිම ගැටළු තත්වයක් මතුව ඇති බවත් කියැවේ.

මෙම දරුවා පවසා ඇත්තේ විවිධ වාහන වලින් පැමිනි පුද්ගලයින් මෙම ස්ථානය පවත්වාගෙන යාම සඳහා පාලනාධිකාරියට විශාල මුදල් දී ඇති බවයි.  කෙසේ වෙතත් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ අත් අඩංගුවේ පසුවන හිටපු ඇමති වරයකුගේ සොහොයුරෙකු හා නිතිඥයකු විසින් විසින් මේ පිළිබදව යම් තොරතුරක් දි ඇති බවටද තොරතුරු ලැබෙමින් පවති.

සහරාන්ගේ අවි ගබඩාවක් පවත්වාගෙන ගිය ස්ථානයක් ලෙස   ජනවාරි 16 දින සොයා ගැනුන වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත සිට මෙම කරතිව් ප්‍රදේශය කිලෝ මිටර් 15 කට ආසන්න දුරකින් පිහිටා තිබේ.  එසේම මෙම අරාබි පාසල අවට එක් ජන කොටසක් පමනක් වාසය කර ඇති බවටද වාර්තා වෙයි.



අදහස් (10)

සහරාන් වනාතවිල්ලුව පාසලක දරුවන්ටත් අවි පුහුණුව දීලා

රුක්මාල් Tuesday, 28 April 2020 03:53 PM

මේ ගෙවලයන් තව ටිකකින් ලංකාව විනාශ කරනවාට සැකයක් නෑ...

:       858       877

Raveendra Tuesday, 28 April 2020 05:14 PM

ඒ ඒ අංශවලින් කලයුතු දෙය කිරිමට වටපිට පරිසරයද හොදින් සැකසී තිබෙන බව අමුතුවෙන් මෙම අංශවලට කිව යුතුද? සාමකාමී සමාජයකට එම සාමකාමිත්වය විනාශ කරන පිළිල කිසිසේත්ම අවශ්‍ය නැත. ඒ අක් මුල් සියල්ල ගලවා පුළුස්සා දැමීම කල යුතුය. එය සමාජයට මහත්වූ සෙතකි.

:       0       165

දීපාල් Tuesday, 28 April 2020 05:27 PM

ජනවාරි වලදි සොයාගත් ආයුධ ගබඩාවෙ පුපුරණ ද්‍රව්‍ය පවා තිබුන. ඒ ගැන නිසි විමර්ශනයක් සිදු වුනා නම් පාස්කු දින ප්‍රහාරය නවත්තන්න තිබුණ.

:       0       179

චන්දන Tuesday, 28 April 2020 06:47 PM

පැරණි පාර්ලිමේන්තුව තිබුනනම් සමහරු කියයි ඒක මොන්ට්සෝරියක් කියලා.

:       222       280

Akila Wednesday, 29 April 2020 03:13 AM

තවමත් අපේ කට්ටිය සහරාන්ට මහා මොළකරු ත්‍රස්ත කණ්ඩායමේ නායකයා කියල අමතනවා. නමුත් දැන් හොදටම පැහැදිලි සහරන් කියන පුද්ගලයා මෙම ප්‍රහාරයේ සුළු සාමාජිකයෙක් පමණක් බව. මේක මෙහෙයවපු මහා මොළකරුවෝ ,නායකයෝ තවමත් නිදැල්ලේ ඇති..

:       0       27

RaveendraWednesday, 29 April 2020 10:32 AM

ඔබගේ නිරීක්ෂණයන් ඉතාමත්ම නිවැරදිය.. දැනට මෙම "වල් ඌරන් " පරිසරයට අනුවර්තනය වුවා පමණි... අනාගතේ 200% අවදානය නොතිබුණොත් ගොඩඒමක් සිහිනයක් විය හැක...

:       0       0

lalithm Wednesday, 29 April 2020 03:14 AM

එකල දැහැමෙන් සෙමෙන් වැජඹුන ආරක්ෂක ඇමති පුර්ණ බලැති ජනපතිනම් කිමද මේ මැතිසබයක් පමණක් අල්ලාගෙන නටන රැඟුම? එතකොට ඒ උතුමා? සියලු දොස්වලින් නිදහස්?

:       0       68

මෝ Wednesday, 29 April 2020 03:17 AM

හිටපු ජනපති,අගමැති,හමුදාපති,ආරක්ශක ලේකම්,පොලිස්පති,රහස් පොලිස් ප්‍රධානී සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේ ගැන වගකීම බාරගත යුතුයි.වහාම මොවුන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්ම කරන්න. ප්‍රභාකරන් ගොඩ නැගුනේත් ඔය අයුරින්මයි.

:       0       65

wije Wednesday, 29 April 2020 03:32 AM

මැතිවරණයක් කිට්ටුව එනකොට පහුගිය ආණ්ඩුව තමන් බලයේ සිටි කාලය පුරාවටම කලේ අර තාදුජීන්ගේ ඇට කටුවක් ගොඩට ගත්තු එක. මේ රජය යටතේ සහරාන්ගේ පාස්කු ප්‍රහාරයත් එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා !

:       0       79

ajith Wednesday, 29 April 2020 01:00 PM

බියගම, මල්වාන වල්ගම ප්‍රදේශයේ ඔය වගේ මුස්ලිම් අනාත ළමා කඳවුරක් කියල පවත්වාගෙන ගිය ස්ථානයක් පාස්කු ප්‍රහාරයේ තොරතුරු සොයද්දී වැටලීමක් කළා. එකේ හිටපු ළමයි ඉවත් කරලා තිබුන. හැබැයි එක ගැන කිසිම දෙයක් ඊට පස්සේ අහන්නට, දකින්නට ලැබුනේ නැහැ.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 29 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 48 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 280 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 124 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 352 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 559 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site