(යොහාන් භාසුර)
ආනයනික සහල් සඳහා පනවා තිබූ බද්ධ ශත 25 දක්වා අඩු කිරීම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට කර්මාන්තය ඉදිරියට ගෙන යෑමට දරුණු ප්‍රහාරයක් බවත් සහල් මිල පාලනයට නම් රජය කළ යුත්තේ පාලන මිල නැවත පැනවීම බවත් ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ඉදිරි මාස දෙක තුනකට ප්‍රමාණවත් වී තොග රට තුළ ඇති බව කී සුරාජ් ජයවික්‍රම මහතා රජය වගා කන්න නිසි කළමනාකරණයක් නොකර තාවකාලික පැලැස්තර දමමින් සිටින බව ද සඳහන් කළේය.
රටේ ජනතාවට මේ අවස්ථාවේදී රට සහල් කෑමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් රට සහල් ජනතාව ප්‍රතික්ෂේප කරනු ඇති බවත් ජයවික්‍රම මහතා වැඩි දුරටත් කීය.
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සහල් ආනයනය කුඩා මෝල්වලට මරු පහරක්
සුරලොව ඇල්මන් Friday, 05 November 2021 01:30 PM
වෙළඳ ඇමතියා එයාගේ ඡන්ද පදනම රැකගන්න ඔහොම කරනවා කෘෂිකර්ම ඇමතියා ගොවීන්ට පොහොර නොදී ගොවිතැන විනාශ කරනවා. සුද්දා මේ රට පාලනය කළ කාලේ වැව්, අමුණු විනාශ කර ගොවිතැන නැතිකර රටින් හාල් ගෙනැවිත් කන්න පුරුදු කළා. 65 ක බද්ද සත 25ට අඩුකළාම හාල් රුපියල් 60කින් විතර අඩුවෙනවා. ගොවිතැනත් ඉන් ජීවත්වන ලක්ෂ ගණනක් වන ජනතාව රැකියා නැතුව රටට බරක් වෙනවා රේගු ආදායම් අහිමි වීමෙන් රටේ එදිනෙදා වියදම් පියවා ගන්න බැරි වෙනවා.. දැන් සැපද?
suneth hemantha Friday, 05 November 2021 02:32 PM
සහල් ආනයන කරුවන්ටත්, කුඩාපරිමාණ හා මහා පරිමාණ වී මෝල් හිමියන්ටත් වඩා දහස් ගුණයකින් වැඩි සාමාන්‍ය ජනතාවක් අමාරුවෙන් බත් කන බව මේ අයට තේරෙන්නේ නැද්ද?
ප්‍රේමසිරි Friday, 05 November 2021 03:16 PM
අමාරුවෙන් බත් කන්නේ මොකෑ...? ලොක්කො දෙන්නගේ අයියා කිව්වේ බත් නැත්නම් මයියොක්කා කන්න කියලා. මතකද මිනිහා කිව්වා මයියොක්කා පිළිකා නාශකයක් කියලා. ගොවියෝත් සුළු හා මහා පරිමාණ මෝල් හිමියෝත් අමාරුවෙන් හරි බත්කාවි. නුඹලා මයියොක්කා කාපල්ලා.. පර්සි මුලින්ම පාර්ලිමේන්තු ගිය කාලේත් අඟහරුවාදාත්, සිකුරාදාත් බත් කෑම තහනම් කර මයියොක්කා කන්න කිව්වා...
sharm warn Friday, 05 November 2021 02:42 PM
කුඩා මෝල් නෙවෙයි, ගොවියාට කෙළ වුණොත් අපිට මොකෝ... අපි බලන්නේ ලොකු මෝල්කාරයින්ව සුරකින්න... මොකෝ ඡන්දෙට වියදම් කරන්නේ වෙන කවුද? කුඩා මෝල් හිමියනි, රැකෙන්නම ඕනැ නම් සත 25යි. ආනයනය කරන්ඩලා...
පැරසිටමෝල් Friday, 05 November 2021 02:53 PM
ලොකු මෝල්, පොඩි මෝල් ඔක්කොම එකතුවෙලා රටටම පොඩිඩෝල් බොන්න වැඩකරපල්ලා.
දයාරත්න අම්බලන්ගොඩ Friday, 05 November 2021 05:14 PM
මොන මගුලක් කරලා හරි, අපට රුපියල් 80ට වත් හාල් දීපල්ලා. නැත්තම් අපි තුන් වේලම කේක් කනවා...
Bamunuarachchi Friday, 05 November 2021 10:16 PM
හාල් මිල නහුතෙට නග්ගන කොට කුඩා හා මෝල් හිමියන් කොහෙද හිටියේ. ඉදිරියටත් එතනම ඉන්න හොඳේ?