(ඩයනා උදයංගනී)
අධික සහල් මිල පාලනය කිරීම සහ පවතින සහල් හිඟයට පියවරක් ලෙස සහල් මෙටි්‍රක් ටොන් 6,000ක් කඩිනමින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
පකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඇති විධිවිධාන අනුගමනය කරමින් කඩිනමින් මෙම සහල් ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
සහල් මිල පාලනයට පියවරක් ලෙස සමූපකාර සමිති හා එක්ව වී අස්වනු මිලදී ගෙන සහල් නිපදවා සාධාරණ මිලකට අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා කීවේය.
ඒ අනුව පුද්ගලික සමූපකාර හවුල්කාරීත්වය යටතේ කුරුණෑගල, අනුරාධපුරය, මඩකලපුව, හම්බන්තොට සහ අම්පාර යන දිස්ත්‍රික්කයන්හි නවීන තාක්‍ෂණය සහිත සහල් මෝල් පහක් ස්ථාපිත කර ඉදිරි මහ කන්නයේ සිට සහල් නිපදවා ලංකා ස.තො.ස හා සමූපකාර සමිති හරහා බෙදාහැරීම වෙනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද ඇමති මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද හෙතෙම පැවසීය.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය
de silva Wednesday, 18 August 2021 02:23 PM
පොහොර හිඟ වීමේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බව පෙනේ...
මුණසිංහ Wednesday, 18 August 2021 05:05 PM
කොහොම නමුත් අපිට නම් කිසිඳු පොහොර හිඟයක් තිබුණේ නැහැ. අස්වනුවල අඩුවකුත් නැහැ. යායම එකයි...
kapWednesday, 18 August 2021 05:57 PM
පර්චස් 05 ක ඉන්න කෙනෙක් යායේ ටෝක් දානවා... මල් පොච්චි වලද වී වගා කරන්නේ? කඩේ යන්න එපා හලෝ....
Tiran Wednesday, 18 August 2021 02:38 PM
රටේ හාල් තියනවලු හොයාගන්න බෑ හැබැයි. එහෙමට වැඩ බැරි ඇමැතිලා...
duminda Wednesday, 18 August 2021 03:30 PM
කාබනිකද? තකතීරු තීරණ අරන්... දැන් හාල් ගේන්නත් ණයට ඩොලර් හොයන්න වෙනවා. පෝර ගෙන්නලා, ඵලදාව වැඩි කරලා..., රට යවනවා නෙවෙයි.. ඔක්කොම කණපිට ගැහුවා. රජයටම ගැලපෙන කේවට්ටයින් ටික...
gamage Wednesday, 18 August 2021 04:08 PM
අර හමුදා නිලධාරීන්ගේ ඩේටාබේස් එකේ තියෙන හාල් ටික ඔක්කොම ඉවරයිද?
JCN Wednesday, 18 August 2021 04:13 PM
කාබනික පෝර දාපු හාල් විතරයි හොඳේ...
Hafeel Wednesday, 18 August 2021 04:39 PM
අමාත්‍ය මණ්ඩල අනුමැතිය දෙනකොට මහින්දානන්ද අලුත්ගමගේ කොහේද හිටියේ? ඔහු කිව්වා හාල් ඇටයක්වත් රටින් ගේන්න දෙන්නේ නැහැ කියලා. මේ ආණ්ඩුව කියන්නේ එකක්, කරන්නේ වෙනස් දෙයක්....
Sri Lanka Wednesday, 18 August 2021 07:31 PM
අපි වහනවා... පිටරටවල් වවනවා... අපිටත් එක්ක. තව ලොක්ඩවුන් කරන්න... ඉස්සරහට කන්න වෙන්නේ එන්නත් තමයි.