(ඩයනා උදයංගනී)
80 දශකයේ විනෝදාස්වාද සිනමාවේ ජනප්‍රිය සිනමාකරුවකු වූ "සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු" ලෙසින් විරුදාවලිය ලද ප්‍රවීණ ජනප්‍රිය අධ්‍යක්ෂ සහ රංගන ශිල්පී සුනිල් සෝම පීරිස් මහතා අද (10) අභාවප්‍රාප්ත විය.
ඔහු මියයන විට 73 වන වියෙහි පසුවිය.
ඔහුගේ මුල්කාලීන සිනමා නිර්මාණ සියල්ල අතිසාර්ථකව ප්‍රදර්ශන කාලය දින 100 ඉක්මවූ බැවින් "සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු" ලෙස හැඳින්විණි.
යසපාලිත නානායක්කාරයන්ගේ "ගැහැණියක්" චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස සිනමාවට පිවිසි සුනිල් සෝම පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ගේ මුල් චිත්‍රපට පහ වන "ඔබට දිවුරා කියන්නම්", "ජය අපිටයි", "දිනුම" (සම අධ්‍යක්ෂණය), "රජ වැඩකාරයෝ" සහ "ඔබටයි ප්‍රියේ ආදරේ" යන සිනමා නිර්මාණ දින සියය ඉක්මවූයේ අතිශය ජනාදරයට පාත්‍ර වෙමිනි.
ඔහුගේ හයවැනි චිත්‍රපටය වූ "මමයි රජා" චිත්‍රපටය ප්‍රදර්ශන කාලය දින දෙසීය ඉක්මවීය
ඔහුගේ පුතු සුදේශ් වසන්ත පීරිස් ද මේ වන සිනමා අධ්‍යක්ෂවරයෙක් සහ රංගන ශිල්පියෙක් වන අතර ඔහුගේ මිණිපිරිය වන චමත්කා පීරිස් ද නව පරපුරේ නැගී එන ගායිකාවකි.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු දිවි සිනමාවට සමුදෙයි
Hemantha kumara Friday, 10 December 2021 10:35 AM
අනිච්චා වත සංඛාරා. සසරෙහි ස්වභාවය ඔහොම තමා ඔබතුමාට නිවන්සුව.
Chinthaka Friday, 10 December 2021 10:42 AM
නිවන් සුව අත්වේවා...!
සංජය Sunday, 12 December 2021 08:38 PM
සාතිශය සංවේගය