(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ඔඩ්ඩුසුඩාන් පෙරියකුලම් වෙල්යායේදී හක්කපටස් බෝම්බයක් පිපිරී යාම හේතුවෙන් මිය ගිය වන අලියෙකුගේ සිරුරක් සොයාගත් බවට මුලතිව් වනජීවි කාර්යාලය පවසයි.
දින කිහිපයකට පෙර වනඅලියා හක්ක පටස් බෝම්බයකට ගොදුරු වී ඇති අතර පසුව ආහාර ගැනීමට නොහැකිව තුවාලය නරක්වීම හේතුවෙන් වන අලියා මිය ගොස් ඇති බවට වනජීවි නිලධාරීන් සැක පල කර සිටියි.
මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 08 ක් පමණ වයසැති උස අඩි 6 කට ආසන්න වූ වන අලියෙකු වන අතර හක්ක පටස් බෝම්බය තිබූ ස්ථානය සහ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගැනීමට නොහැකි වූ බවටද වනජීවි නිලධාරීන් පවසයි.
උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් ඇතුලු වනජීවි නිලධාරීන් පිරිසක් වන අලියා මිය ගොස් සිටි ස්ථානයට ගොස් අවසන් කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති අතර හක්ක පටස් බෝම්බය තිබූ පුද්ගලයින් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද මුලතිව් අඩවි වනජීවි කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
හක්කපටස් කෑ අලියා මරුට