(නිමල කොඩිතුවක්කු)
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා දිවයිනට පැමිණිමේ අරමුණ එම්.සී.සී. ගිවිසුම අත්සන් කර ගැනීම පමණක් නොවන බවත් එම්.සී.සී. ගිවිසුමට එහා ගිය සෝෆා ගිවිසුම මේ ආණ්ඩුව ලවා අත්සන් කර ගැනීම එහි අරමුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (26) පැවසීය.
එම්.සී.සී. ගිවිසුම නමින් හෝ වෙනත් නමකින් අත්සන් නොකරන බවටත් එම ගිවිසුමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවටත් හැකිනම් නිල ප්‍රකාශයක් රට හමුවේ කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද රණවක මහතා සඳහන් කළේය.
කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
20 වැනි සංශෝධනයකින් රට අණතුරේ හෙලූ රාජපක්ෂවරුන් ඇමරිකාව සහ චීනය අතර බල කඳවුරු දෙකේ ඇති ගැටුමට රට මැදි කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එම්.සී.සී. ගිවිසුම පිළිබඳ බිල්ලන් මැවූ උපවාස කළ පිරිස් මේ සම්බන්ධයෙන් දරණ මතය පිළිබඳ සමගි ජන බලවේගය විමසිල්ලෙන් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවිමෙන් පසු පළමු අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවාත් සමග වතු කම්කරුවන්ට සාධාරණක් ඉටු කරන බව ජනාධිපති අනුර ක
ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්ව
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හැකිනම් එම්.සී.සී.යෙන් ඉවත්වන බව රටට කියන්න