IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හැකිනම් පළාත් සභා තියන්න

(නිමල කොඩිතුවක්කු)

හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි රුපියල් පන්දහසකින් ජනතාව රවටා  මැතිවරණයකට  සැරසෙන ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (06) පැවසීය.

පළාත් සභා මැතිවරණයේ ජයග්‍රහණයත් සමග සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය ආණ්ඩු පිහිටුවීමේ විජයග්‍රහී ගමන ආරම්භ කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

දූෂණයෙන් වංචාවෙන් තොර අවංක පිරිසිදු ජනතාව ගැන කැක්කුමක් ඇති කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය වටා ඒකරාශීවෙමින් සිටින බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවසීය.

වෘත්තිය සමිති අනුබද්ධ සංවිධාන ශක්තිමත් කරමින් ඉදිරි මැතිවරණ සඳහා සමගි ජනබලවේගය සූදානමින් සිටින බවත් මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.



අදහස් (10)

හැකිනම් පළාත් සභා තියන්න

කිරි පුතා Thursday, 06 January 2022 04:25 PM

පළාත් සභා කියන්නේ තවත් පිරිසකට හොරකම් කරන්න අවස්ථාව දෙන එක විතරයි. ඒක නෑ කියලා රටට කිසිම ගැටළුවක් නෑ. ඕක මෙතැනින්ම නතර කරලා දාගත්තා නම් හරි...

:       0       0

ravin Thursday, 06 January 2022 05:53 PM

කොයි කවුරුත් මහජනයා ගොනාට ඇන්දූ කාලේ ඉවරයි. ඉසරදයට කොට්ටය මාරු කරපු කාලෙත් ඉවරයි. හොඳට මතක තියාගෙන වැඩේ කළේ නැතිනම් ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් තෝ නසී තමයි වෙන්නේ..

:       0       0

Bamunuarachchi Thursday, 06 January 2022 06:14 PM

ඕගොල්ලෝ මොකද නොතිබ්බේ...?

:       1       3

ලලිත් අම්බලන්ගොඩ Thursday, 06 January 2022 07:45 PM

මුන්ට ජනතාවගේ රීරි මාංශ කාල හරි දේශපාලනය කරන්න ඇත්නම්.පළාත් සභා මොකටද බොල.මොකක්ද වෙච්ච සෙතේ.අවුරැද්දකට වියදම විතරම් කෝටි දහ දාහක් වෙනව.. දැන් ඊටත් වඩා වැඩිවේවි.උබල කවුරැත් කරපුව තමයි අපි මේ ගෙවන්නෙ.

:       0       8

චන්දන Thursday, 06 January 2022 10:42 PM

ඔයාලගෙ ආණ්ඩුව කාලෙ ඡන්ද කීයක් තිබුණ ද. නිකං පැටිකිරිය ලිහා ගන්න නැතිව ඉන්නව ද.

:       0       5

p.d goonawardena Friday, 07 January 2022 09:01 AM

තිබ්බත් ඔහේලට ආයේ එනු බොරු...

:       1       3

Bunny Preena Friday, 07 January 2022 09:37 AM

මෙන්න මෙයා බොරදියේ මාළු බාන්න හදනවෝ...!!! 

:       1       4

සුරලොව ඇල්මන් Friday, 07 January 2022 09:54 AM

මහලේකම්තුමෝ, ලංකාවට පළාත්සභා අවශ්‍ය නැහැ.1987 දී ලංකාවට ඇතිවූ ප්‍රශ්නය මාලදිවයිනේ ඇතිවුණා නම් රජිව් එහෙටත් පළාත් සභා ඇතිකරනවා. දේශපාලුවන්ට පළාත් සභා මගුල් ගෙවල් වුණාට රටට අවමගුල් ඇතිවීමක් කියන්න පුළුවන්...

:       0       5

RA Friday, 07 January 2022 10:10 AM

ඇයි බෑ කියලා හිතුවද? අපි අහුවෙයි ඕවාට...

:       0       3

Raveendra Friday, 07 January 2022 12:33 PM

අපේ ඉතිහාසෙට අදාළ වැදගත් නමක් කවුරු මට දැම්මාද මන්දා..? ඒ වැදගත් අතීත මිනිසුන්ට මම අපහාස කරනවා... නොදකින් විතරක් මම මොනතරම් කාලකන්නියෙක්ද..? ඇත්තටම ඒ වැදගත් උතුම් මිනිසුන්ගේ ළඟටවත් යන්න මම වගේ කෙනෙකුට බැහැනේ හැබෑවටම... මට ඒ වැදගත් නම දැම්ම එකා අහුවුණොත් දෙනවා ඇඩ්රස් නැතිවෙන්නම...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 19 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 134 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 668 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2504 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 725 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 371 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site