IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සම් දෙකක්

 


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වහාම අධිකරණයට ඉදිරිපත් කරන හබයාස්කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එම නීතීඥවරයාගේ පියා සහ සොහොයුරා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබූහ.

මෙම රිට් පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

එසේම නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවත් , ඔහුව වහාම පොලිස් අත්අඩංගුවට  ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් වෙන වෙනම ඉල්ලා සිටිති.
 
නීතීඥ සනත් විජේවර්ධන සහ නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්ම මහත්මීන් මාර්ග⁣යෙන් ගොනු කර ඇති මෙම පෙත්සම් මඟින් පෙත්සම්කරුවෝ මෙසේද කියා සිටිති.
 
" දැනට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා " සේව් ද පර්ල් " නැමැති අරමුදලේ භාරකරු වේ.මෙම අරමුදල මඟින් අනාථ දරු දැරියන්ට ආධාර උපකාර කරනු ලබයි.මේ පිළිබදව මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නීතිඥවරයා ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන ඇත.
 
ඊට අමතරව පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ සැකකරුවෙකු වන ඉබ්‍රාහිම්ගේ නඩු කටයුතු වලට පෙනී සිටීම පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ප්‍රශ්න කර නීතීඥවරයා ගෙන් ප්‍රකාශ ලබා ගෙන  ඇත.
 
තත්ත්වය මෙසේ තිබයදී පසුගිය 14 වැනිදා නීතීඥවරයා සිය නිවසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් නිවසට පැමිණ ඔහුට දුරකථන අංක කිහිපයක් ඉදිරිපත් කර ඒ පිළිබදව ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.ඊට අමතරව ඉබ්‍රාහිම් නැමැත්තා ගේ කොළඹ දිසා අධිකරණයේ පවතින නඩුවක ලිපිගොනු  පිලිබද විමසා නීතීඥවරයා ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.
 
ඉන්පසුව ඊට පසුදින වූ 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නීතීඥවරයාට නියෝග කර ඇත.ඒ අනුව 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය විට ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීලසිටින ක්‍රියාධරයෙකු බවත් , විශේෂයෙන්ම සුළුතර මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින්නෙකුද වේ.එසේම පසුගියදා කොරෝනා වයිරස් තත්ත්වය හසුවේ මියගිය මුස්ලිම් ජාතිකයින් ආදාහනය කිරීමට බලධාරීන් ගත් තීරණ දැඩිව විවේචනය කල අයෙක්වූ බැවින් එම තත්ත්වය මෙම අගතිදායක අත්අඩංගුවට ගැනීමට තවත් හේතුවක් වන්නට ඇතැයි කියා සිටී.
 
මෙසේ අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි වේ.

එබැවින් මෙම නීතීඥවරයා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් වගඋත්තරකරුවන්ට හබයාස්කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද ,නීතීඥවරයා පොලිස් අත්අඩංගුවෙන් මුදා හරින ලෙසට නියෝග කරන්නැයි ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටිති.

 



අදහස් (7)

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සම් දෙකක්

රවින් Sunday, 19 April 2020 12:06 PM

මෙහිදී වැදගත් වන්නේ නිතිය දන්නා කෙනෙක් මෙරට නිතිය උල්ලංඝනය කළාද යන්නයි. එසේ කළානම් සාමාන්‍ය පුද්ගලයකුට වැඩිය උපරිම ලෙස දඬුවම් ලබාදීම ගරු අධිකරණයේ ආදිපත්‍ය උපරිම ලෙස ආරක්ෂා කිරීමයි. මොකක් හෝ බොරුවක් කියා යම් අයෙක් ගරු අධිකරණය රැවටීමට උත්සහ කරනවානම් එය කොයි ලෙසකින් හෝ නිදහසට කරුණක් නොවිය යුතුය.

:       0       0

සමන්ත Sunday, 19 April 2020 12:25 PM

නීතිඥ හිජාස් හිස්බුල්ලා යනු දක්ෂ නීතිවේදියෙකු වන අතර ඔහුව ඇත අඩංගුවට ගැනීම බරපතල ලෙස බලය යුතු ලෙස පරිහරණය කිරීමක් වන අතරම නීති විරෝධී ඇත අඩංගුවට ගැනීමකි. ඔහුව වහාම අධිකරණයකට ඉදිරිපත් කොට චෝදනා ඇත්නම් විභාග කොට නිදහස් කල යුතුය. නොඑසේ නම් එය ව්‍යවස්ථාපිත මානව අයිතිවාසිකම් කඩ කිරීමකි.

:       5       58

BamunuarachchiMonday, 20 April 2020 04:36 AM

එයාගේ දක්ෂකම තමයි එයා අයුතුලෙස පාවිච්චිකර කර තිබෙන්නේ.

:       0       0

BamunuarachchiTuesday, 21 April 2020 12:22 AM

ත‍්‍රස්තවාදයට උදවු කර අසුවුවානම් කාගේ හෝ තරාතිරමෙන් වැඩ නැත. මොන ප්‍රතිකාරය හෝ යොදා සඟවා ගෙන ඇති රහස් එලියට ගතයුතුව ඇත. මානව අයිතවාසිකම් පළමුව ලැබිය යුතු වන්නේ ත්‍රස්තයින්ට නොව අහිංසක ජනතාවටයි.

:       0       0

Thilini Sunday, 19 April 2020 12:30 PM

ඔය අන්තවාදියා ඉකමනට අපායට යනව නම් ඒක රටටම යහපතක්...

:       31       3

කේ ආර් පෙරේරා Monday, 20 April 2020 02:05 AM

මේ ගැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරන පරික්ෂණ වලට ඉඩදීම සදහා වෙනත් ප්‍රකාශ කිරිම නුසුදුසුය.

:       0       0

Bamunuarachchi Monday, 20 April 2020 04:38 AM

ප්‍රශ්න කිරීමීදී අර කවුදෝ කීවා මෙන් තේරෙන බාෂාවකින් කලයුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 460 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 147 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 159 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 632 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 213 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 666 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site